Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 16:17 - Sinhala Revised Old Version

17 සත්වෙනියාද තමාගේ පාත්‍රය ආකාශයේ වැගිරෙවුවේය; එවිට: නිමවුණේයයි කියන මහත් හඬක් දේවමාළිගාව තුළින් සිංහාසනයෙන් නික්මුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 සත්වැන්නා ද තමාගේ පාත්‍රය අහසෙහි වැගිරෙව්වේ ය. එවිට, “අවසානය පැමිණ ඇතැ”යි කියන මහ හඬක් දේව මාලිගාවේ සිංහාසනයෙන් නික්මිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 හත්වන දේව දූතයා තම පාත්‍රය අහසේ වැගිරවී ය. එවිට උස් කටහඬකින්, “එය නිම විණැ” යි සිංහාසනයේ සිට කියනු දේව මාලිගයෙන් මට ඇසිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 සත්වැන්නා ද තමාගේ පාත්‍රය අහසෙහි වැගිරෙව්වේ ය. එවිට, “අවසානය පැමිණ ඇතැ”යි කියන මහ හඬක් දේව මාලිගාවේ සිංහාසනයෙන් නික්මිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 16:17
13 හුවමාරු යොමු  

උන්වහන්සේ මට කථාකොට: ඒවා ඉෂ්ටවුණේය. මම අල්ඵා සහ ඕමෙගාය, පටන්ගැන්ම හා අන්තිමය. පිපාසාය ඇත්තාට මම ජීවන-වතුර-උල්පතෙන් නොමිලයේ බොන්ට දෙන්නෙමි.


යේසුස්වහන්සේ කාඩි ගත් පසු: තීන්දුවුණේය කියා හිස නමා, තමන් ආත්මය භාරදුන්සේක.


පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවු ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය.


මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.


තවද: නුඹලා ගොස් දෙවියන්වහන්සේගේ උදහස නමැති පාත්‍රා සත පොළොවේ වගුරුවන්නැයි දේවදූතයන් සත්දෙනාට කියන මහත් හඬක් දේවමාළිගාවෙන් මට ඇසුණේය.


තවත් දේවදූතයෙක් ස්වර්ගයෙහි තිබෙන දේවමාළිගාවෙන් පිටත්ව ආවේය, ඔහුටත් මුවහත් දෑකැත්තක් තිබුණේය.


වෙන දේවදූතයෙක්ද දේවමාළිගාවෙන් නික්ම ඇවිත්, වලාකුළ පිට වැඩහුන් තැනන්වහන්සේට මහත් ශබ්දයකින් මොරගසා: ඔබවහන්සේගේ දෑකැත්ත යොමා කැපුවමැනව. මක්නිසාද පොළොවේ ගොයම් පැසී තිබෙන බැවින් කපන කාලය පැමිණ තිබේයයි කීය.


එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරිනලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය; එවිට විදුලිද ශබ්දද ගර්ජනාද භූමිකම්පාවක්ද මහත් ගල්වර්ෂාවක්ද විය.


සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්