Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 14:7 - Sinhala Revised Old Version

7 ඔහු මහත් ශබ්දයකින් කථාකරමින්: දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දෙන්න; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනන්වහන්සේට නමස්කාරකරන්නැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔහු මහ හඬින් මෙසේ කී ය: “දෙවියන් වහන්සේට බිය වී උන් වහන්සේට ගෞරව කරන්න. මන්ද, උන් වහන්සේගේ විනිශ්චයේ මොහොත පැමිණ ඇත. අහස හා පොළොවත්, මුහුද හා දිය උල්පතුත් මවා වදාළ තැනැන් වහන්සේට නමස්කාර කරන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 ඔහු උස් හඬින් කතා කොට, “දෙවියන්වහන්සේට බය වන්න; උන්වහන්සේට මහිමය දෙන්න. මන්ද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණ ඇත. අහස, පොළොව, මුහුද හා ජල උල්පත් මැවූ තැනැන්වහන්සේට නමස්කාර කරන්නැ” යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔහු මහ හඬින් මෙසේ කී ය: “දෙවියන් වහන්සේට බිය වී උන් වහන්සේට ගෞරව කරන්න. මන්ද, උන් වහන්සේගේ විනිශ්චයේ මොහොත පැමිණ ඇත. අහස හා පොළොවත්, මුහුද හා දිය උල්පතුත් මවා වදාළ තැනැන් වහන්සේට නමස්කාර කරන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 14:7
44 හුවමාරු යොමු  

කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක.


ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙක් ගෞරව නොකරන්නෙක් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය; එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශකරනලද්දේයයි කීවෝය.


ඔබම, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේය; ඔබ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද එහි සියලු සේනාවන්ද පොළොව සහ එහි මතු පිට ඇති සියල්ලද සමුද්‍රය සහ එහි ඇති සියල්ලද මැවූසේක, ඔබම ඒ සියල්ල රක්ෂණය කරනසේක; ස්වර්ග සේනාවද ඔබට නමස්කාරකෙරෙති.


ජාතීහු උදහස්වූවෝය, ඔබගේ උදහසද මළවුන් විනිශ්චය කරන කාලයද ඔබ ස්වකීය මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් ඔබගේ නාමයට භයවන ලොකු කුඩා තැනැත්තන්ට විපාක දෙන්නාවූ, පොළොව විනාශකරන්නවුන් විනාශකරන්නාවූ කාලයද පැමුණුණේයයි කීවෝය.


අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.


එම පැයේදීම මහත් භූමිකම්පාවක් වී, නුවරින් දසයෙන් කොටසක් වැටුණෝය; භූමිකම්පාවෙන් මනුෂ්‍යයන් සත්දහසක් මැරුණෝය. ඉතිරි අය භයපත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට ගෞරව දුන්නෝය.


ස්වාමීන්ගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවනලද්දේය.


අහෝ, අහෝ, මහත් නුවර, බබිලෝනිය, බලවත් නුවර! එක පැයකින් නුඹේ විනිශ්චය පැමුණුණේයයි කියමින් ඈ ගැන අඬා විලාප කියති.


මහත් උෂ්ණයකින් මනුෂ්‍යයෝ දවනු ලැබ, මේ පීඩා කෙරෙහි බලය ඇති දෙවියන්වහන්සේගේ නාමයට අපහාසකළෝය; උන්වහන්සේට ගෞරවය දෙන ලෙස ඔව්හු පශ්චාත්තාපනූණෝය.


ඒ ජීවමාන සත්වයන් සිංහාසනයෙහි වැඩහිඳින්නාවූ, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල,


අපේ උපකාරය අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගේ නාමය කෙරෙහිය.


මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය, නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන වූ දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිස ශුභාරංචිය නුඹලාට ගෙනෙමුව.


මොරගසන්නැයි කියන කෙනෙකුගේ හඬක් වේ. මම කුමක් කියා මොරගසම්දැයි කෙනෙක් ඇසීය. මාංසමයවූ සියල්ලෝ තෘණය, ඔවුන්ගේ සියලු අලංකාරය කෙතේ මලක් මෙන්ය.


තවද: අපේ දෙවියන්වහන්සේගේ සියලු මෙහෙකරුවෙනි, උන්වහන්සේට භය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියන ශබ්දයක් සිංහාසනයෙන් නික්මුණේය.


හොරණෑව නුඹේ මුඛයට තබන්න. රාජාලියා මෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට විරුද්ධව [සතුරා] එන්නේය. මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුම කඩකොට මාගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරළිගැසුවෝය.


නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.


ඔව්හු ස්වාමීන්වහන්සේට ගෞරවය දී, උන්වහන්සේගේ ප්‍රශංසාව දිවයින්වල ප්‍රකාශකෙරෙත්වා.


උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.


දුෂ්ටයාගේ ඇස් හමුයේ දෙවියන්වහන්සේට භයක් නැති බව ඔහුගේ අපරාධය මාගේ සිතට හඟවා දෙයි.


යෝෂුවා ආකාන්ට කථාකොට: මාගේ පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දී, උන්වහන්සේට ඇත්ත කියා, නුඹ කළ දේ මාගෙන් නොසඟවා මට දන්වන්නැයි කීවේය.


තුන්වෙනි දේවදූතයාද පිම්බේය, එවිට මහත් තාරකාවක් පන්දමක් මෙන් ඇවිලෙමින් අහසෙන් වැටුණේය; ඒක ගංගාවලින් තුනෙන් පංගුවක් පිටද දිය උල්පත් පිටද වැටුණේය;


මේ විදේශිකයා හැර දෙවියන්වහන්සේට ගෞරවකරන්ට වෙන කිසිවෙක් හැරී නායේද කියා,


ඔහු කථාකොට: බලව, උදහසේ කෙළවරදී සිද්ධවෙන දේ නුඹට දන්වමි. මක්නිසාද දර්ශනය අදාළවන්නේ අන්තිම කාලයටය.


තීන්දුවක් පැමුණුණේය, තීන්දුව පැමුණුණේය, ඒක නුඹට විරුද්ධව පිබිද තිබේ; බලව, ඒක පැමිණෙන්නේය.


මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් දේශය ගැන මෙසේ කියනසේක–තීන්දුවක්, එනම් දේශයේ සතර කොනට තීන්දුවක් පැමිණ තිබේ.


නොනැවතී හයියෙන් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නගා, මාගේ සෙනඟට ඔවුන්ගේ වරදවල්ද යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න.


ස්වර්ගයෙනි, ගී කියන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කළසේක; පොළොවේ පහත් තැන් ඝෝෂාකරන්න; කඳුද වනයද එහි සියලු ගස්ද යන නුඹලා ප්‍රීතියෙන් ශබ්ද නගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් මිදූසේක, ඉශ්‍රායෙල් කරණකොටගෙන ගෞරව ලබාගන්නසේක.


සියොනට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ උස් කන්දට නගින්න; යෙරුසලමට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ හයියෙන් හඬගසන්න. භය නැතුව හඬනගා: මෙන්න, නුඹලාගේ දෙවියන්වහන්සේයයි යූදා නුවරවලට කියන්න.


කාන්තාරයෙහි ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාදා, අපේ දෙවියන්වහන්සේට වනයෙහි මාවතක් සමතලාකරන්න.


මුහුද උන්වහන්සේගේය, උන්වහන්සේ එය මැවූසේක; උන්වහන්සේ ස්වකීය අත්වලින් වියළි බිම තැනූසේක.


එබැවින් නුඹලාගේ ගඩුවල රූපද රට නාස්තිකරන නුඹලාගේ මීයන් සමාන රූපද සාදා ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. සමහරවිට උන්වහන්සේ ස්වකීය හස්තය නුඹලා කෙරෙන්ද නුඹලාගේ දෙවිවරුන් කෙරෙන්ද නුඹලාගේ දේශය කෙරෙන්ද අහක්කරගන්නවා ඇත.


දේවදූතයා: නුඹේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය.


ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි හෙළා, හඬමින් වැලපෙමින්: අහෝ, අහෝ, ඒ මහත් නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇත්තාවූ සියල්ලෝ ඇගෙන් ධනවත්වූවෝය. එක පැයකින් ඈ පාළුවුණාය කියමින් මොරගැසුවෝය.


එක පැයකින් එපමණ මහත් ධනය නැතිවී ගියේයයි කියති. සියලු නැව් මුලාදෑනිවරුද යම් තැනකට යාත්‍රාකරන්නෝද නාවිකයෝද මුහුදේ වැඩපළ කරන සියල්ලෝද දුරින් සිට, ඇගේ දැවීමේ දුම බලා:


නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.


එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න.


මාගේ නාමයට ගෞරවදෙන හැටියට නුඹලා අසා සිතට නොගන්නහුනම් මම නුඹලා අතරට ශාපය එවා, නුඹලාගේ ආශීර්වාදවලට ශාපකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එසේය, නුඹලා සිතට නොගන්න නිසා මම ඒවාට ශාපම කෙළෙමි.


අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගෙන් නුඹලා ආශීර්වාදලද්දෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්