ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියෝය. වැඩිමහල් තැනැත්තීගේ නම ලෙයාය, බාල තැනැත්තීගේ නම රාඛෙල්ය.
උත්පත්ති 35:23 - Sinhala Revised Old Version ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය. Sinhala New Revised Version ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය. Sinhala New Revised Version 2018 ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය. |
ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියෝය. වැඩිමහල් තැනැත්තීගේ නම ලෙයාය, බාල තැනැත්තීගේ නම රාඛෙල්ය.
ලෙයා අප්‍රියකරනු ලැබූ බව ස්වාමීන්වහන්සේ දැක ඈ ගර්භිණීවන්ට සැලැස්වූසේක. නුමුත් රාඛෙල් වඳව සිටියාය.
දාසීන් සහ ඔවුන්ගේ දරුවන් පෙරටුකොටද, ලෙයා සහ ඇගේ දරුවන් පස්සෙන්ද, රාඛෙල් සහ යෝසෙප් ඊටත් පස්සෙන්ද සිටුවා,
රූබෙන්, නුඹ මාගේ කුලුඳුලාය, මාගේ බලයය, මාගේ ශක්තියේ නාඹුල් ඵලයය; ශ්‍රේෂ්ඨ භාවයේ උතුම්කමය, පරාක්‍රමයේ උතුම්කමය.
තවද ඉශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොව්හුය. රූබෙන්වරුන්ට ආණ්ඩුකාරයාව සිටියේ සික්රීගේ පුත්‍රවූ එලියෙසෙර්ය; සිමියොන්වරුන්ට මයකාගේ පුත්‍රවූ ෂෙපටියාය;
ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වශයෙන් නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
නුඹලා සමඟ සිටිය යුතු මනුෂ්‍යයන්ගේ නාම මේය: රූබෙන් ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ය.
පළමුකොට යූදා පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්විය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.
නැගෙන ඉර පැත්තෙහි කූඩාරම් ගසා ගන්නෝනම් තමුන්ගේ සේනා ප්‍රකාරයට යූදාගේ අන්දායමේ ධජයට අයිති අයය. යූදා පුත්‍රයන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන් වන්නේය.
ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ය. රූබෙන්ගේ පුත්‍රයෝ නම්: හනොක්ගෙන් පැවත ආ හනොක් පවුලය. පල්ලූගෙන් පැවත ආ පල්ලූ පවුලය.
උන්වහන්සේ චර්මඡේද්‍ය ගිවිසුම ඔහුට දුන්සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය, ආබ්‍රහම් අටවෙනිදා ඔහු චර්මඡේද්‍යකෙළේය; ඊසාක්ට දාව යාකොබ්ද යාකොබ්ට දාව කුලජේයෂ්ඨයන් දොළොස්දෙනාද උපන්නෝය.
යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණු කොටස දකුණට ඒදොම්හි සීමාව වන ශීන් කාන්තාරය දක්වා දකුණු සීමාව තෙක්ම පිහිටා තිබුණේය.
දෙවෙනි කොටස සිමියොන්ට එනම් සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ උරුමය යූදා පුත්‍රයන්ගේ උරුමය ඇතුළත තිබුණේය.
තුන්වෙනි කොටස සාබුලොන් පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය.
සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,
අමලෙක්හි මුල ඇත්තෝ එප්‍රායිම් කෙරෙන් ආවෝය; එම්බා බෙන්යමින්, නුඹ පස්සේ, නුඹේ සෙනඟ අතරේ ආවෝය. මාඛීර් කෙරෙන් ආණ්ඩුකාරයෝද සාබුලොන් කෙරෙන් සේනාපතියාගේ ලේකම් සැරයටිය දරන්නෝද ආහ.
ඉස්සාඛර්ගේ අධිපතීහුද දෙබොරා සමඟ වූහ; ඉස්සාඛර් යම්සේද බාරාක්ද එසේම විය; ඔව්හු ඔහු පස්සේ මිටියාවතට වේගයෙන් දිවූහ. රූබෙන්ගේ කඳුරැලි ළඟදී සිතේ මහත් සනිටුහන් තිබුණේය.
සාබුලොන් වනාහි මරණය දක්වා තම ජීවිත උපද්‍රව නොසැලකූ සෙනඟක, නප්තලීද යුද්ධ භූමියේ උස්තැන් පිට එසේමය.
දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.