Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 19:1 - Sinhala Revised Old Version

1 දෙවෙනි කොටස සිමියොන්ට එනම් සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ උරුමය යූදා පුත්‍රයන්ගේ උරුමය ඇතුළත තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දෙ වන කොටස සිමියොන්ට, එනම්, සිමියොන්ගේ පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමය ජුදා පරපුරේ උරුමය ඇතුළත තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දෙ වන කොටස සිමියොන්ට, එනම්, සිමියොන්ගේ පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමය ජුදා පරපුරේ උරුමය ඇතුළත තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 19:1
10 හුවමාරු යොමු  

සිමියොන් පුත්‍රයන්ගේ උරුමය යූදා පුත්‍රයන්ගේ කොට්ඨාසයෙන් ගන්ට යෙදුණේය. මක්නිසාද යූදා පුත්‍රයන්ගේ කොටස ඔවුන්ට වැඩිව තිබුණේය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පුත්‍රයන්ට උරුමයක් තිබුණේය.


ශේලාද එලෙප්ද යෙරුසලම වන යෙබූසියද ගිබෙයත්ද කිරියත්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මේය.


ඔවුන්ගේ උරුමය නම්: බෙයර්-ෂෙබා හෙවත් ෂෙබාද මෝලාදාද,


බෙන්යමින්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා සිමියොන්ට එකක්ය.


ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.


දකුණු දිශාවෙහි ඒදොම්හි සීමාව දක්වා යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයට තිබුණු ඉතා දුරවූ නුවරවල් නම්: කබ්ශෙයෙල්ද ඒදෙර්ද යාගුර්ද,


ඔව්හු බෙයෙර්-ෂෙබාහිද මොලාදාහිද හශර්-ෂුවාල්හිද;


සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්