Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 5:14 - Sinhala Revised Old Version

14 අමලෙක්හි මුල ඇත්තෝ එප්‍රායිම් කෙරෙන් ආවෝය; එම්බා බෙන්යමින්, නුඹ පස්සේ, නුඹේ සෙනඟ අතරේ ආවෝය. මාඛීර් කෙරෙන් ආණ්ඩුකාරයෝද සාබුලොන් කෙරෙන් සේනාපතියාගේ ලේකම් සැරයටිය දරන්නෝද ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඔව්හු එප්‍රායිම් සිට මිටියාවතට ආහ, බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ ඔවුන්ට එක් වූ හ: මාකීර් කෙරෙන් සෙනෙවියෝ ද සාබුලොන් කෙරෙන් නිල යෂ්ටිය දරන්නෝ ද නිලධාරීහු ද පැමිණිය හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔව්හු එප්‍රායිම් සිට මිටියාවතට ආහ, බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ ඔවුන්ට එක් වූ හ: මාකීර් කෙරෙන් සෙනෙවියෝ ද සාබුලොන් කෙරෙන් නිල යෂ්ටිය දරන්නෝ ද නිලධාරීහු ද පැමිණිය හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 5:14
14 හුවමාරු යොමු  

පිරාතෝනිය හිල්ලෙල්ගේ පුත්‍රවූ අබ්දොන්ද මැරී එප්‍රායිම් රටේ අමලෙක්වරුන්ගේ කඳුකරයේ පිරාතෝන්හි තැන්පත්කරන ලද්දේය.


ඔහු ඇවිත් එප්‍රායිම් කඳු රටේදී හොරණෑවක් පිම්බේය, එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔහු සමඟ කඳුරටෙන් බැස ගියෝය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්,


ඔහු අම්මොන් සහ අමලෙක් පුත්‍රයන් රැස්කරවාගන ගොස් ඉශ්‍රායෙල්ට පහර දුන්නේය, ඔව්හු ඉඳිගස් නුවරද හිමිකරගත්තෝය.


එවිට දෙබොරා බාරාක්ට කථාකොට: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සිසෙරා නුඹ අතට පාවාදෙන දවස මේය. ස්වාමීන්වහන්සේ නුඹට පෙරටුව යනවා නොවේදැයි කීවාය. එහෙයින් බාරාක්ද ඔහු පස්සේ මනුෂ්‍යයන් දසදහසක්ද තාබෝර් කන්දෙන් බැස ගියෝය.


බාරාක් සාබුලොන්වරුන්ද නප්තලීවරුන්ද කෙදෙෂ්ට අඬගස්වාගත්තේය; මනුෂ්‍යයන් දසදහසක් ඔහු කැටුව ගියෝය. දෙබොරාත් ඔහු සමඟ ගියාය.


එකල උත්තමයන්ගෙන් හා සෙනඟගෙන් ඉතුරු කොටසක් බැස ආයේය; ස්වාමීන්වහන්සේ මා උදෙසා බලවතුන්ට විරුද්ධව බැස ආසේක.


ඔවුන්ගේ ආණ්ඩුකාරයා වන කුඩා බෙන්යමින්ද යූදාගේ අධිපතීන් හා මන්ත්‍රී සභාවද සාබුලොන්ගේ අධිපතීන් හා නප්තලීගේ අධිපතීහුද එහි සිටිති.


ගිබියාහි හොරණෑවක්ද රාමාහි නළාවක්ද පිඹින්න. බෙත්-ආවෙන්හි ඝෝෂාකරන්න; අහෝ බෙන්යමින්, [සතුරා] නුඹ පස්සෙන්ය.


තවද ඉශ්‍රායෙල් ඒ දේශයෙහි වසන කල්හි රූබෙන් ගොස් තම පියාගේ උපභාර්යාවවූ බිල්හා සමඟ සයනයකෙළේය. ඉශ්‍රායෙල්ට එපවත් සැලවිය. යාකොබ්ගේ පුත්‍රයෝ දොළොස් දෙනෙක්ය.


ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.


රාඛෙල්ගේ පුත්‍රයෝ යෝසෙප් සහ බෙන්යමින්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්