Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 29:16 - Sinhala Revised Old Version

16 ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියෝය. වැඩිමහල් තැනැත්තීගේ නම ලෙයාය, බාල තැනැත්තීගේ නම රාඛෙල්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියාහ. වැඩිමලාගේ නම ලෙයා ය; බාලයාගේ නම රාකෙල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියාහ. වැඩිමලාගේ නම ලෙයා ය; බාලයාගේ නම රාකෙල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 29:16
10 හුවමාරු යොමු  

දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.


ඔව්හු එහි ආබ්‍රහම් සහ ඔහුගේ භාර්යාවවූ සාරා තැන්පත්කළෝය; ඔව්හු එහි ඊසාක් සහ ඔහුගේ භාර්යාවවූ රෙබෙකාද තැන්පත්කළෝය; එහි මමද ලෙයා තැන්පත්කෙළෙමි.


මොව්හු ලෙයාගේ පුත්‍රයෝය, ඈ ඔවුන් සහ යාකොබ්ගේ දුවවූ දීනාද පදන්-අරාමේදී ඔහු නිසා බිහිකළාය. ඔහුගේ සියලු පුත්‍රයොත් දූවරුන් තිස් තුන් දෙනෙක්ය.


ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.


යාකොබ් රාඛෙල් සහ ලෙයා කෙතෙහි තමාගේ රැළ ළඟට ගෙන්වාගෙන:


ලෙයා නැවත ගර්භිණීව යාකොබ් නිසා හවෙනි පුත්‍රයෙකු බිහිකළාය.


ලෙයාගේ ඇස් සිව්මැළිව තිබුණේය; නුමුත් රාඛෙල් රූපත්ව ප්‍රසන්න පෙනීමකින් යුක්ත වූවාය.


දාසීන් සහ ඔවුන්ගේ දරුවන් පෙරටුකොටද, ලෙයා සහ ඇගේ දරුවන් පස්සෙන්ද, රාඛෙල් සහ යෝසෙප් ඊටත් පස්සෙන්ද සිටුවා,


නුඹ මාගේ සහෝදරයා නිසා නිකම් මට වැඩකරන්ට යුතුද? නුඹේ කුලී කොපමණ වන්නේදැයි මට කියන්නැයි ලාබන් යාකොබ්ට කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්