Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 19:10 - Sinhala Revised Old Version

10 තුන්වෙනි කොටස සාබුලොන් පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 තුන් වන කොටස සාබුලොන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 තුන් වන කොටස සාබුලොන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 19:10
8 හුවමාරු යොමු  

බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ කොටස ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ කොටසේ පළාත යූදා පුත්‍රයන්ට හා යෝසෙප් පුත්‍රයන්ටත් අතරේ නියමවුණේය.


නුඹලා දේශය සත් කොටසකට බෙදා සටහන්කරගන, මෙහි මා ළඟට එන්න. මම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා වෙනුවට මෙහිදී පස ඇට දමන්නෙමි.


සාබුලොන් මුහුදු බඩ වසන්නේය. ඔහු නැව් තොටක් පිණිස වන්නේය; ඔහුගේ සීමාවද ශීදොන් දක්වා වන්නේය.


සිමියොන් පුත්‍රයන්ගේ උරුමය යූදා පුත්‍රයන්ගේ කොට්ඨාසයෙන් ගන්ට යෙදුණේය. මක්නිසාද යූදා පුත්‍රයන්ගේ කොටස ඔවුන්ට වැඩිව තිබුණේය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පුත්‍රයන්ට උරුමයක් තිබුණේය.


ඔවුන්ගේ සීමාව බස්නාහිර දෙස මරලාට නැගී, දබ්බෙෂෙත්ටද යොක්නෙයාම් ඉදිරියෙහි තිබෙන ඔය ළඟටද පැමුණුණේය;


ඉස්සාකර්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා සාබුලොන්ට එකක්ය.


ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්