Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 5:15 - Sinhala Revised Old Version

15 ඉස්සාඛර්ගේ අධිපතීහුද දෙබොරා සමඟ වූහ; ඉස්සාඛර් යම්සේද බාරාක්ද එසේම විය; ඔව්හු ඔහු පස්සේ මිටියාවතට වේගයෙන් දිවූහ. රූබෙන්ගේ කඳුරැලි ළඟදී සිතේ මහත් සනිටුහන් තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඉස්සාකර් ගෝත්‍රයේ අධිපතීහු ද දෙබොරා සමඟ ආහ, ඉස්සාකර් සමඟ බාරාක් ද පැමිණියේ ය. ඔහු පසුපස ඔව්හු මිටියාවතට වේගයෙන් දිවූ හ. එහෙත්, රූබන්ගේ ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඉස්සාකර් ගෝත්‍රයේ අධිපතීහු ද දෙබොරා සමඟ ආහ, ඉස්සාකර් සමඟ බාරාක් ද පැමිණියේ ය. ඔහු පසුපස ඔව්හු මිටියාවතට වේගයෙන් දිවූ හ. එහෙත්, රූබන්ගේ ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 5:15
10 හුවමාරු යොමු  

එවිට දෙබොරා බාරාක්ට කථාකොට: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සිසෙරා නුඹ අතට පාවාදෙන දවස මේය. ස්වාමීන්වහන්සේ නුඹට පෙරටුව යනවා නොවේදැයි කීවාය. එහෙයින් බාරාක්ද ඔහු පස්සේ මනුෂ්‍යයන් දසදහසක්ද තාබෝර් කන්දෙන් බැස ගියෝය.


මක්නිසාද පිරිසිදු කන්‍යාවකු මෙන් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ වන එක පුරුෂයෙකුට පාවාදීම පිණිස මා විසින් විවාහබස් දුන් බැවින් දිව්‍යවූ ජ්වලිතයකින් නුඹලා ගැන මම ජ්වලිතව සිටිමි.


එහෙත් අපි අසොස්හිදී පාවුල් නංවාගන්ට අදහස්කරගන, පෙරටුව නැව ළඟට ගොස්, එහි යන්ට නැගුණෙමුව. මක්නිසාද ගොඩින් යන්ට අදහස්කළ ඔහු, එසේ යන්ට අපට නියමකර තිබුණේය.


ඒ ගැන සැර විවාදයක් හටගත් බැවින් ඔව්හු එකිනෙකාගෙන් වෙන්ව ගියෝය, බාර්ණබස් මාර්ක් කැඳවාගෙන, කුප්‍රසට නැවෙන් ගියේය;


අලසයා කථාකොට: පිටත සිංහයෙක් ඇත. වීථිවලදී මට මැරෙන්ට වේයයි කියන්නේය.


ඉශ්‍රායෙල්වරුන් විසින් කළ යුතු දේ කිමෙක්දැයි දැනෙන හැටියට කාලවල් ගැන තේරුම් ඇත්තාවූ ඉස්සාඛර් පුත්‍රයන්ගේ ප්‍රධානියෝද දෙසිය දෙනෙක්ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝද ඔවුන්ගේ අණට යටත්ව සිටියෝය.


බාරාක් සාබුලොන්වරුන්ද නප්තලීවරුන්ද කෙදෙෂ්ට අඬගස්වාගත්තේය; මනුෂ්‍යයන් දසදහසක් ඔහු කැටුව ගියෝය. දෙබොරාත් ඔහු සමඟ ගියාය.


ඈ කෙදෙශ්නප්තලීයෙන් අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් අඬගස්වාගන ඔහුට කථාකොට: නුඹ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්,


නුඹ බැටළුපාලයන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ කුමට ඉඳගත්තෙහිද? රූබෙන්ගේ කඳුරැලි ළඟදී මහත් සිත් විමසීම් විය.


ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්