තවද ඔහු මිසර දේශයට ඇතුල්වෙන්ට ළංවූ කල තම භාර්යාවවූ සාරයිට කථාකොට: බලව, නුඹ ශෝභන පෙනීම ඇති ස්ත්‍රියක් බව දනිමි.
උත්පත්ති 29:17 - Sinhala Revised Old Version ලෙයාගේ ඇස් සිව්මැළිව තිබුණේය; නුමුත් රාඛෙල් රූපත්ව ප්‍රසන්න පෙනීමකින් යුක්ත වූවාය. Sinhala New Revised Version ලෙයාගේ ඇස් සිවුමැලි ය; රාකෙල් රූමත් ය, සුකොමල ය, Sinhala New Revised Version 2018 ලෙයාගේ ඇස් සිවුමැලි ය; රාකෙල් රූමත් ය, සුකොමල ය, |
තවද ඔහු මිසර දේශයට ඇතුල්වෙන්ට ළංවූ කල තම භාර්යාවවූ සාරයිට කථාකොට: බලව, නුඹ ශෝභන පෙනීම ඇති ස්ත්‍රියක් බව දනිමි.
ඒ තරුණී ඉතා ශෝභන පෙනීමක් ඇත්තියක්ය, කන්‍යාවක්ය, ඈ පුරුෂයෙකු නොහැඳින සිටියාය. ඈ උල්පත ළඟට බැස කළය පුරවාගෙන ගොඩට ආවාය.
ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විචාළාහ; ඈ මාගේ සහෝදරීයයි ඔහු කීය. රෙබෙකා දැකීමට ශෝභන බැවින්: ඇය නිසා ඒ ස්ථානයේ මනුෂ්‍යයන් මා නොමරන පිණිසය කියා ඔහු–ඇය මාගේ භාර්යාවයයි කියන්ට භය වුණේය.
ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියෝය. වැඩිමහල් තැනැත්තීගේ නම ලෙයාය, බාල තැනැත්තීගේ නම රාඛෙල්ය.
යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: නුඹේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් නුඹට වැඩකරන්නෙමියි කීය.
යාකොබ් රාඛෙල් කරා පැමුණුණේය, ඔහු ලෙයාට වඩා රාඛෙල්ට ආදරේව තව සත් අවුරුද්දක් ලාබන් ළඟ වැඩකෙළේය.
එබැවින් ඔහු තමාට තිබුණ සියල්ලම යෝසෙප් අතට භාරදුන්නේය; තමා කන කෑම ගැන මිස තමා ළඟ තිබුණු වෙන කිසිවක් ගැන ඔහු සැලකුවේ නැත. යෝසෙප් වනාහි රූපසම්පන්න ශෝභමාන කෙනක් වූයේය.
මා පදන්හි සිට එද්දී, කානාන් දේශයෙහි එප්‍රාත්ට පැමිණෙන්ට ටිකක් දුර තිබියදී, රාඛෙල් මගදී මා ළඟ මළාය. මම ඈ එප්‍රාත්ට (එනම් බෙත්-ලෙහෙමට) යන මාර්ගයෙහි තැන්පත්කෙළෙමියි කීවේය.
රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වැලපීමද දුක්ඛිත ඇඬීමද සහිතවූ හඬක් රාමාහි ඇසෙයි, රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා ඇගේ දරුවන් ගැන සැනසෙන්ට අකැමැතිව සිටියි.
නුඹ අද මා ළඟින් පිටත්ව යන විට බෙන්යමින් සීමාවේ ශෙල්ශාහි තිබෙන රාඛෙල්ගේ සොහොන්පළ ළඟදී මනුෂ්‍යයන් දෙදෙනෙක් නුඹට සම්බවන්නෝය; ඔවුන් නුඹට කථාකොට–නුඹ සොයන්ට ගිය කොටළුවෝ සම්බවුණෝය. නුඹේ පියාණෝ කොටළුවන්ගේ කාරණය අත්හැර: මාගේ පුත්‍රයා ගැන මක්කරම්දැයි කියමින් නුඹලා ගැන ශෝකවන්නේයයි කියනවා ඇත.