Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 29:18 - Sinhala Revised Old Version

18 යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: නුඹේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් නුඹට වැඩකරන්නෙමියි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ජාකොබ් රාකෙල්ට පෙම් බැඳ, “ඔබේ බාල දූ වන රාකෙල් නිසා අවුරුදු සතක් මම ඔබට සේවය කරන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ජාකොබ් රාකෙල්ට පෙම් බැඳ, “ඔබේ බාල දූ වන රාකෙල් නිසා අවුරුදු සතක් මම ඔබට සේවය කරන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 29:18
11 හුවමාරු යොමු  

යාකොබ් අරාම් රටට පලාගියේය, ඉශ්‍රායෙල්ද භාර්යාවක් සඳහා වැඩකර, භාර්යාවක් සඳහා බැටළුවන් බලාගත්තේය.


කොපමණ දායාද හා තෑගි මට නියමකළත් නුඹලා මට කියන ප්‍රකාරයට දෙන්නෙමි. කොහොම නුමුත් තරුණිය මට භාර්යාකොට දුනමැනවැයි කීවේය.


මමද රිදී පහළොහකටත් යව හෝමෙර් එකහමාරකටත් ඈ මිලයට ගෙන:


තවද දාවිත් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් වෙතට පණිවිඩකාරයන් යවා: පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍රදී ලබාගත් මාගේ භාර්යාවවූ මීඛල් මට දෙන්නැයි කියන්ට කීවේය.


මෙසේ පසුවුණෙමි. මේ විසි අවුරුද්ද නුඹේ ගෙයි සිටියෙමි; නුඹේ දූවරුන් දෙදෙනා උදෙසා දස සතර අවුරුද්දක්ද නුඹේ රැළ උදෙසා සාවුරුද්දක්ද මෙහෙකෙළෙමි. නුඹ මාගේ කුලිය දස වරක් වෙනස්කෙළෙහිය.


යාකොබ් රාඛෙල් කරා පැමුණුණේය, ඔහු ලෙයාට වඩා රාඛෙල්ට ආදරේව තව සත් අවුරුද්දක් ලාබන් ළඟ වැඩකෙළේය.


යාකොබ් රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් වැඩකෙළේය; ඔහු ඈට ඇති ආදරය නිසා ඒ සත් අවුරුද්ද ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟුණේය.


ඊසාක් තමාගේ මවුවූ සාරාගේ කූඩාරමට රෙබෙකා ගෙනවුත් ඈ පාවාගත්තේය; ඈ ඔහුගේ භාර්යාව වූවාය; ඔහු ඈට ප්‍රේමකෙළේය. ඊසාක් තමාගේ මවුගේ මරණයෙන් පසු මෙසේ සැනසුණේය.


මා විසින් ඇය අන්‍ය පුරුෂයෙකුට දීමට වඩා නුඹට දීම හොඳය, මා සමඟ සිටින්නැයි ලාබන් කීය.


මා නුඹට වැඩ කොට ලබාගත් මාගේ භාර්යාවන්ද මාගේ දරුවන්ද මට දී යන්ට හරින්න. මක්නිසාද මා විසින් නුඹට කළ මෙහෙය නුඹ දන්නෙහියයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්