Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 48:7 - Sinhala Revised Old Version

7 මා පදන්හි සිට එද්දී, කානාන් දේශයෙහි එප්‍රාත්ට පැමිණෙන්ට ටිකක් දුර තිබියදී, රාඛෙල් මගදී මා ළඟ මළාය. මම ඈ එප්‍රාත්ට (එනම් බෙත්-ලෙහෙමට) යන මාර්ගයෙහි තැන්පත්කෙළෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 මා මෙසේ කරන්නේ මෙසොපොතේමියාවේ සිට මා එන විට එප්‍රාත් නම් ස්ථානයට මඳක් දුර තිබිය දී, කානාන් දේශයේ අතරමඟ දී නුඹේ මව රාකෙල් මා දුකට පත් කරමින් මළ නිසා ය. මම ද එප්‍රායිම් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කෙළෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මා මෙසේ කරන්නේ මෙසොපොතේමියාවේ සිට මා එන විට එප්‍රාත් නම් ස්ථානයට මඳක් දුර තිබිය දී, කානාන් දේශයේ අතරමඟ දී නුඹේ මව රාකෙල් මා දුකට පත් කරමින් මළ නිසා ය. මම ද එප්‍රායිම් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කෙළෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 48:7
13 හුවමාරු යොමු  

අනාගතවක්තෘවූ යෙරෙමියා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවිය.


යාකොබ් පදන්-අරාමෙන් ආ කල දෙවියන්වහන්සේ නැවත ඔහුට පෙනී ඔහුට ආශීර්වාදකළ සේක.


නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.


දාවිත් යුදයේ බෙත්-ලෙහෙම්හි යෙස්සේ නම්වූ එප්‍රාතියයාගේ පුත්‍රයාය; යෙස්සේට පුත්‍රයන් අට දෙනෙක් වූවෝය. ඒ මනුෂ්‍යයා සාවුල්ගේ දවස්වල මහලුව මනුෂ්‍යයන් අතරේ වයස්ගතව සිටියේය.


නුඹ අද මා ළඟින් පිටත්ව යන විට බෙන්යමින් සීමාවේ ශෙල්ශාහි තිබෙන රාඛෙල්ගේ සොහොන්පළ ළඟදී මනුෂ්‍යයන් දෙදෙනෙක් නුඹට සම්බවන්නෝය; ඔවුන් නුඹට කථාකොට–නුඹ සොයන්ට ගිය කොටළුවෝ සම්බවුණෝය. නුඹේ පියාණෝ කොටළුවන්ගේ කාරණය අත්හැර: මාගේ පුත්‍රයා ගැන මක්කරම්දැයි කියමින් නුඹලා ගැන ශෝකවන්නේයයි කියනවා ඇත.


එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.


ඒ මනුෂ්‍යයාගේ නම එලීමෙලෙක්ය, ඔහුගේ භාර්යාවගේ නම නායොමිය, පුත්‍රයන් දෙදෙනාගේ නම් මාලොන් සහ කිලියොන්ය, ඔව්හු යුදයේ බෙත්-ලෙහෙමේ එප්‍රාත්වරුය. ඔව්හු මෝවබ් රටට පැමිණ එහි සිටියෝය.


ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.


යාකොබ් පදන්-අරාමෙන් ආ කල්හි කානාන් දේශයෙහි තිබෙන ෂෙඛෙම් නුවරට සමාදානයෙන් ඇවිත් නුවර ඉදිරිපිට කූඩාරම් පිහිටුවා ගත්තේය.


යාකොබ්ද ඇගේ සොහොන පිට කණුවක් සිටෙවුවේය. ඒක අද දක්වා රාඛෙල්ගේ සොහොන් කණුවය.


මොවුන්ට පසු නුඹට උපදින දරුවෝ නුඹට වන්නෝය; ඔව්හු තමන් උරුම ගැන තමන් සහෝදරයන්ගේ නාම ලබන්නෝය.


සාමුවෙල් ස්වාමීන්වහන්සේ කී දේ කොට බෙත්-ලෙහෙමට ආයේය. එවිට නුවර වැඩිමහල්ලෝ වෙවුලමින් ඔහු සම්මුඛවෙන්ට අවුත්: ඔබ එන්නේ සමාදානයෙන්දැයි ඇසූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්