Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 31:15 - Sinhala Revised Old Version

15 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වැලපීමද දුක්ඛිත ඇඬීමද සහිතවූ හඬක් රාමාහි ඇසෙයි, රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා ඇගේ දරුවන් ගැන සැනසෙන්ට අකැමැතිව සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි. රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් නැති ව සිටියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි. රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් නැති ව සිටියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 31:15
18 හුවමාරු යොමු  

රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් යෙරෙමියා අල්ලා රාමායෙන් නිදහස්කර හැරිය පසු ස්වාමීන්වහන්සේගෙන් ඔහු වෙතට පැමුණුණු වචනයය. බබිලෝනියට ගෙනයන්ට යෙරුසලමෙන්ද යූදා රටෙන්ද අල්ලාගනු ලැබූ සියල්ලන් අතරෙහි ඔහු දම්වැල්වලින් බැඳ සිටියේය.


දුක් ඇති දවසේදී ස්වාමීන් සෙවීමි. රාත්‍රියේදී මාගේ අත නොනැවතී දිගුකර තිබුණේය; මාගේ ආත්මය සැනසෙන්ට අකැමැතිවිය.


මෙසේ රාඛෙල් නැසී එප්‍රාත්ට (එනම් බෙත්ලෙහෙමට) යන මාර්ගයෙහි තැන්පත්කරනු ලැබුවාය.


මාගේ කූඩාරම නාස්තිවිය, මාගේ කූඩාරම් ලනු සියල්ලද කඩාදමනු ලැබුවේය. මාගේ දරුවෝ මා වෙතින් ගියෝය, ඔව්හු නැත. තවත් මාගේ කූඩාරම දිගහැර මාගේ තිර එල්ලන්ට කිසිවෙක් නැත.


එබැවින්: මා කෙරෙන් ඉවත බලන්න. මම තද ශෝකයෙන් අඬන්නෙමි; මාගේ සෙනඟවූ දුවගේ නාස්තිය ගැන මා සනසන්ට වෑයම් නොකරන්නැයි කීමි.


ඔව්හු: ඔබගේ මෙහෙකරුවූ අපි සහෝදරයන් දොළොස් දෙනෙක්ය, කානාන් දේශයෙහි එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; බාල තැනැත්තේ දැනට අපගේ පියාණන් සමඟ සිටියි, එක්කෙනෙක් නැත්තේයයි කීවෝය.


ඔහුගේ සියලු පුත්‍රයෝද දූවරුද ඔහු සනසන්ට ආවෝය; එහෙත් ඔහු සැනසෙන්ට නොකැමති වී: මම වැලපෙමින් මාගේ පුත්‍රයා වෙතට මිනීවළට යන්නෙමියි කීවේය. මෙසේ ඔහුගේ පියා ඔහු නිසා හැඬුවේය.


අපේ පියවරු පව්කළෝය, ඔව්හු නැත; අපි ඔවුන්ගේ අයුතුකම් දැරුවෙමුව.


ඔවුන්ගේ පියවූ යාකොබ්: නුඹලා මාගේ දරුවන් මාගෙන් තුරන්කළහුය. යෝසෙප් නැත, සිමියොන් නැත, නුඹලා බෙන්යමින්ද ගෙනයන්ට හදන්නහුය. මේ සියල්ල මට විරුද්ධයයි කීවේය.


උන්වහන්සේ ඒක මා ඉදිරියේ දිග හැරියසේක; එහි ඇතුළත් පිටත් ලියා තිබුණේය.


එහෙත් යමෙක් ළඟින් ගිය කල, බලව, ඔහු එහි නැත. එසේය, ඔහු සෙවුවෙමි, නුමුත් මට සම්බ නොවීය.


ඔබ මාගේ වරදට කමාවී, මාගේ අපරාධය පහ නොකරන්නේ මක්නිසාද? මම ඉක්මනින් ධූලියෙහි නිදන්නෙමි, ඔබ මා බොහෝසේ සොයන නුමුත් මම නොසිටින්නෙමියි කීවේය.


රාමාට හැරී ආවේය, මක්නිසාද ඔහුගේ ගෙය තිබුණේ එහිය; එහිදී ඔහු ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය. ඔහු එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.


ගිබියොන්ද රාමාද බෙයේරොත්ද,


තවද ඒනොක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය; දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේය.


ඈ එප්‍රායිම් කඳු රටේ රාමාටත් බෙතෙල්ටත් අතරේ තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට වාසයකළාය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ විනිශ්චය පිණිස ඈ ළඟට ආවෝය.


ඔව්හු කඳු මාවත පසුකර ඇවිත්, ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමාය කම්පාවෙයි, සාවුල්ගේ ගිබෙයාය පලාගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්