Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 39:6 - Sinhala Revised Old Version

6 එබැවින් ඔහු තමාට තිබුණ සියල්ලම යෝසෙප් අතට භාරදුන්නේය; තමා කන කෑම ගැන මිස තමා ළඟ තිබුණු වෙන කිසිවක් ගැන ඔහු සැලකුවේ නැත. යෝසෙප් වනාහි රූපසම්පන්න ශෝභමාන කෙනක් වූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 පොතිපර් තමා සතු සියල්ල ජෝසෙප්ගේ අතට බාර දුනි. ඔහු තමා අනුභව කළ ආහාර ගැන මිස තමා සතු අන් කිසිවක් ගැන සැලකුවේ නැත. ජෝසෙප් කඩවසම් පෙනුමක් ඇති, රූපසම්පන්න කෙනෙක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 පොතිපර් තමා සතු සියල්ල ජෝසෙප්ගේ අතට බාර දුනි. ඔහු තමා අනුභව කළ ආහාර ගැන මිස තමා සතු අන් කිසිවක් ගැන සැලකුවේ නැත. ජෝසෙප් කඩවසම් පෙනුමක් ඇති, රූපසම්පන්න කෙනෙක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 39:6
12 හුවමාරු යොමු  

ඇගේ පුරුෂයාගේ සිත ඇය කෙරෙහි විශ්වාසකරයි, ඔහුට ලාභයෙන් අඩුවක් නොවන්නේය.


එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්වීය. ඔහු රතුපාටව, ශෝභමාන පෙනීමක් ඇතුව, රූප සම්පන්නව සිටියේය. ස්වාමීන්වහන්සේ: නැගිට මොහු ආලේපකරන්න, මොහු ඒ තැනැත්තායයි කීසේක.


ලෙයාගේ ඇස් සිව්මැළිව තිබුණේය; නුමුත් රාඛෙල් රූපත්ව ප්‍රසන්න පෙනීමකින් යුක්ත වූවාය.


ඔහුද: ඉතා හොඳය, යහපත්වූ දාසය. නුඹ ඉතා ස්වල්පයක් ගැන විශ්වාසවූ බැවින් නුවරවල් දසයක් කෙරෙහි අධිපතිවෙන්නැයි ඔහුට කීවේය.


ඒ කාලයේදී මෝසෙස් උපන්නේය, ඔහු අතිශයින් ශෝභනව සිටියේය; ඔහු ස්වකීය පියාගේ ගෙයි තුන් මසක් පෝෂණයකරනු ලැබුවේය.


ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි.


ඔව්හු ඔහුට වෙනමද ඔවුන්ට වෙනමද ඔහු සමඟ කන මිසරවරුන්ට වෙනමද කෑම ඇරියෝය. කුමක්හෙයින්ද මිසරවරුන්ට හෙබ්‍රෙව්වරුන් සමඟ කන්ට නුපුළුවන; මක්නිසාද ඒක මිසරවරුන්ට පිළිකුලක්ය.


හිරගෙයි නායකයා ඔහු අත යටතේ තිබුණු කිසිම දෙයක් බැලුවේ නැත, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක; ඔහු කළ දේවල්ද ස්වාමීන්වහන්සේ සඵලකළසේක.


එහෙත් ඔහු අකැමතිව තම ස්වාමියාගේ භාර්යාවට කථාකොට: මාගේ ස්වාමියා වනාහි ගෙයි මා ළඟ තිබෙන කිසිවක් ගැන නොදනියි, ඔහු තමා සන්තක සියල්ලම මා අතට භාරදී තිබේ;


යෝසෙප් ඔහුගෙන් කරුණාව ලැබ ඔහුට මෙහෙකෙළේය. ඔහු තමාගේ ගෙට ඔහු ප්‍රධානියා කොට තමා සන්තක සියල්ල ඔහු අතට භාරදුන්නේය.


පිලිස්තියයා බලා දාවිත් දුටු විට ඔහුට ගර්හාකෙළේය. මක්නිසාද ඔහු රතු පාටවූ, ශෝභමාන පෙනීමක් ඇත්තාවූ තරුණයෙක් පමණක් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්