Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 24:16 - Sinhala Revised Old Version

16 ඒ තරුණී ඉතා ශෝභන පෙනීමක් ඇත්තියක්ය, කන්‍යාවක්ය, ඈ පුරුෂයෙකු නොහැඳින සිටියාය. ඈ උල්පත ළඟට බැස කළය පුරවාගෙන ගොඩට ආවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඒ තරුණිය රූමත් ය. ඈ කන්‍යාංගනාවකි; කිසි ම පුරුෂයෙකු සමඟ සම්බන්ධයක් නොවී ය. ඈ ළිඳට බැස කළය පුරවාගෙන, උඩට පැමිණියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඒ තරුණිය රූමත් ය. ඈ කන්‍යාංගනාවකි; කිසි ම පුරුෂයෙකු සමඟ සම්බන්ධයක් නොවී ය. ඈ ළිඳට බැස කළය පුරවාගෙන, උඩට පැමිණියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:16
7 හුවමාරු යොමු  

ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විචාළාහ; ඈ මාගේ සහෝදරීයයි ඔහු කීය. රෙබෙකා දැකීමට ශෝභන බැවින්: ඇය නිසා ඒ ස්ථානයේ මනුෂ්‍යයන් මා නොමරන පිණිසය කියා ඔහු–ඇය මාගේ භාර්යාවයයි කියන්ට භය වුණේය.


මම නිදාගෙන සිටියෙම් නුමුත් මාගේ සිත පිබිද තිබුණේය. අන්න මාගේ ප්‍රේමවන්තයා තට්ටුකරන ශබ්දයය: මාගේ සහෝදරිය, මාගේ සොඳුරිය, මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, මට දොර අරින්න. මක්නිසාද මාගේ හිස පින්නෙනුත් මාගේ කෙස් රොද රෑ පිනිබින්දුවලිනුත් පෙඟී තිබේයයි කීවේය.


එබැවින් ඔහු තමාට තිබුණ සියල්ලම යෝසෙප් අතට භාරදුන්නේය; තමා කන කෑම ගැන මිස තමා ළඟ තිබුණු වෙන කිසිවක් ගැන ඔහු සැලකුවේ නැත. යෝසෙප් වනාහි රූපසම්පන්න ශෝභමාන කෙනක් වූයේය.


මනුෂ්‍යයා තමාගේ භාර්යාවවූ ඒව හැඳින්නේය; ඈ ගර්භිණීව කායින් බිහිකර: ස්වාමීන්වහන්සේගෙන් මනුෂ්‍යයෙකු ලබාගතිමියි කීවාය.


තවද ඔහු මිසර දේශයට ඇතුල්වෙන්ට ළංවූ කල තම භාර්යාවවූ සාරයිට කථාකොට: බලව, නුඹ ශෝභන පෙනීම ඇති ස්ත්‍රියක් බව දනිමි.


ලෙයාගේ ඇස් සිව්මැළිව තිබුණේය; නුමුත් රාඛෙල් රූපත්ව ප්‍රසන්න පෙනීමකින් යුක්ත වූවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්