ආබ්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න.
උත්පත්ති 24:40 - Sinhala Revised Old Version එවිට ඔහු මට කථාකොට: මා සේවය කරන්නාවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ දූතයා නුඹ සමඟ යවා නුඹේ ගමන සඵලකරනසේක; නුඹ මාගේ පුත්‍රයාට මාගේ නෑයන්ගෙන්ද මාගේ පියාණන්ගේ ගෙයින්ද භාර්යාවක් ගන්න. Sinhala New Revised Version එවිට ඔහු මට කතා කොට, ‘මා සේවය කරන සමිඳාණන් වහන්සේ නුඹ කැටුව සිය දූතයා එවමින් නුඹේ ගමන සාර්ථක කරන සේක. නුඹ මාගේ පුතු හට මාගේ ඥාතීන් අතුරින් හා මාගේ පියාගේ ගෘහයෙන් බිරිඳක ගත යුතු ය. Sinhala New Revised Version 2018 එවිට ඔහු මට කතා කොට, ‘මා සේවය කරන සමිඳාණන් වහන්සේ නුඹ කැටුව සිය දූතයා එවමින් නුඹේ ගමන සාර්ථක කරන සේක. නුඹ මාගේ පුතු හට මාගේ ඥාතීන් අතුරින් හා මාගේ පියාගේ ගෘහයෙන් බිරිඳක ගත යුතු ය. |
ආබ්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න.
ස්වාමීන්වහන්සේ මාගේ ගමන සඵලකළ බැවින් මා ප්‍රමාද නොකර මාගේ ස්වාමියා වෙතට යන පිණිස මා හරින්නැයි ඔහු ඔවුන්ට කීය.
මාගේ පියාණන්ගේ ගෙදරින්ද මා උපන් දේශයෙන්ද මා ගෙනාවාවූ, මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කියා මට කීවාවූ මට දිවුළාවූ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේම තමන් වහන්සේගේ දූතයා නුඹට පෙරටුව යවනසේක; නුඹ එතැනින් මාගේ පුත්‍රයාට භාර්යාවක් ගෙනෙන්නෙහිය.
ඔහු යෝසෙප්ට ආශීර්වාදකරමින්: මාගේ පියවරුන්වූ ආබ්‍රහම් සහ ඊසාක් යම් දෙවි කෙනෙකුන් ඉදිරියෙහි හැසුරුණෝද ඒ දෙවියන්වහන්සේ, මාගේ මුළු ජීවිතයෙහි මේ දවස දක්වා මා පෝෂණය කළාවූ දෙවියන්වහන්සේ,
ඒනොක් මෙතුසෙලා ඉපදෙවූ පසු අවුරුදු තුන්සියයක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
තවද ඒනොක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය; දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේය.
නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය.
නුඹ කරන සියල්ලේදීද නුඹ යන සෑම තැන්වලදීද නුඹට ශුභසිද්ධ වෙන පිණිසත්, ස්වාමීන්වහන්සේ මට කථාකොට–නුඹේ පුත්‍රයෝ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මා ඉදිරියෙහි සැබෑකමින් හැසිරෙන හැටියට තමුන්ගේ මාර්ගය බලාගන්නෝ නම් ඉශ්‍රායෙල් සිංහාසනය පිට හිදීමට නුඹට කෙනෙක් නැතුව නොයන්නේයයි කියා උන්වහන්සේ කීවාවූ තමන්ගේ වචනය උන්වහන්සේ ඉෂ්ටකරන පිණිසත්,
සාලමොන් කථාකොට: ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත් ඔබ ඉදිරියෙහි සැබෑකමෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ඔබ සමඟ සිතේ අවංකකමින්ද හැසුරුණු පරිද්දෙන් ඔබ ඔහුට මහත්වූ කරුණාව පෙන්වූසේක; තවද අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය පිට හිඳින්ට ඔහුට පුත්‍රයෙකු දීමෙන් මේ මහත් කරුණාවත් ඔබ ඔහුට දෙන්ට ඉතුරුකරගන සිටිසේක.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඉහළ ස්වර්ගයෙහිවත් පහත පොළොවෙහිවත් ඔබට සමානවූ දෙවිකෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමුන්ගේ මුළු සිතින් හැසිරෙන්නාවූ ඔබගේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත් කරුණාවත් පවත්වන සේක.
අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කළ බව සිහිකළ මැනවයි කියා අතිශයින් ඇඬුවේය.
ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි.
ස්වාමීන් නිතර මා ඉදිරියෙහි තබාගතිමි. උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටින බැවින් මම නොසෙල්වන්නෙමි.
මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අණදෙනසේක.
බලව, මාර්ගයෙහි නුඹ ආරක්ෂාකරන පිණිසද මා විසින් පිළියෙළකළ ස්ථානයට නුඹ පමුණුවන පිණිසද නුඹට පෙරටුව දූතයෙකු යවමි.
මම නුඹට පෙරටුව දූතයෙකු යවා කානානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන්නෙමි.
නෙබුකද්නෙශර් කථාකොට: ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා එවා, තමන්වහන්සේ කෙරෙහි විශ්වාස කළාවූ, තමුන්ගේම දෙවියන්වහන්සේට මිස වෙන කිසි දෙවිකෙනෙකුට සේවයකරන්ටවත් නමස්කාරකරන්ටවත් නොයෙදෙන පිණිස, රජුගේ වචනය කඩකර තමුන්ගේ ශරීර භාරදුන්නාවූ, ස්වකීය මෙහෙකරුවන් ගැළවූසේක.
ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?
යේසුස් වන මම සභාවන් උදෙසා මේ දේවල් ගැන නුඹලාට සාක්ෂිදෙන්ට මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ මුල සහ වංශයය, දීප්තිමත් පහන් තාරකාවය.
මේ දේ ඇසුවාවූ දුටුවාවූ තැනැත්තා යොහන් නම් මමය. මම ඇසූ දුටු කල මේ දේ මට පෙන්වූ දේවදූතයාට නමස්කාරකරන්ට ඔහුගේ පාමුල වැටුණෙමි.