Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 24:56 - Sinhala Revised Old Version

56 ස්වාමීන්වහන්සේ මාගේ ගමන සඵලකළ බැවින් මා ප්‍රමාද නොකර මාගේ ස්වාමියා වෙතට යන පිණිස මා හරින්නැයි ඔහු ඔවුන්ට කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

56 එහෙත්, මෙහෙකරුවා ඔවුන් අමතා, “මා පමා නොකරන්න. මාගේ ගමන සාර්ථක කෙළේ සමිඳාණන් වහන්සේ ය. මාගේ ස්වාමියා වෙත යෑමට මට ඉඩ හරින්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

56 එහෙත්, මෙහෙකරුවා ඔවුන් අමතා, “මා පමා නොකරන්න. මාගේ ගමන සාර්ථක කෙළේ සමිඳාණන් වහන්සේ ය. මාගේ ස්වාමියා වෙත යෑමට මට ඉඩ හරින්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:56
8 හුවමාරු යොමු  

මමම කථාකෙළෙමි; එසේය, මම ඔහු අඬගසාගතිමි. ඔහු ගෙන්වාගතිමි, ඔහු තමාගේ මාර්ගය සඵලකරගන්නේය.


දුර රටකින් ලැබෙන හොඳ ආරංචි පිපාසා ඇත්තෙකුට ඇල්වතුර මෙන්ය.


මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය.


එවිට ඔහු මට කථාකොට: මා සේවය කරන්නාවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ දූතයා නුඹ සමඟ යවා නුඹේ ගමන සඵලකරනසේක; නුඹ මාගේ පුත්‍රයාට මාගේ නෑයන්ගෙන්ද මාගේ පියාණන්ගේ ගෙයින්ද භාර්යාවක් ගන්න.


ඔවුන්, එනම්, ඔහු සහ ඔහු සමඟ සිටි මිනිසුන් කා බී මුළු රාත්‍රියෙහි නැවතී උදය නැගුටුණු විට: මාගේ ස්වාමියා වෙතට මා යන්ට හරින්නැයි ඔහු කීවේය. ඇගේ සහෝදරයාද මවුද:


තරුණියට අඬගසා ඇගෙන්ම විචාරන්නෙමුයයි ඔව්හු කීවෝය.


රාඛෙල් යෝසෙප් බිහිකළ පසු යාකොබ් ලාබන්ට කථාකොට: මාගේම ස්ථානයටද මාගේ රටටද යන පිණිස මා හරින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්