ඵාරාවෝගේ ඇමතිවරු ඈ දැක ඵාරාවෝ ඉදිරියෙහි ඈ වර්ණනාකළෝය. එවිට ඒ ස්ත්‍රී ඵාරාවෝගේ ගෙට ගෙනයනලද්දීය.
උත්පත්ති 20:7 - Sinhala Revised Old Version එහෙයින් දැන් ඒ මනුෂ්‍යයාගේ භාර්යාව ආපසු දෙන්න; මක්නිසාද ඔහු අනාගතවක්තෘ කෙනෙක්ය, ඔහු නුඹ ජීවත්වෙන පිණිස නුඹ උදෙසා යාච්ඤා කරන්නේය. එහෙත් ඈ ආපසු නොදෙන්නෙහි නම් නුඹද නුඹ සන්තක සියල්ලන්ද ඒකාන්තයෙන් නසින බව දැනගන්නැයි කීසේක. Sinhala New Revised Version එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට ආපසු බාර දෙන්න. ඔහු දිවැසිවරයෙකු බැවින් ඔහු නුඹ උදෙසා යච්ඤා කරනු ඇත. නුඹ නොමැරෙන්නෙහි ය; එහෙත් නුඹ ඈ ආපසු බාර නොදෙන්නෙහි නම්, නුඹත්, නුඹ සතු සියල්ලත් නියත වශයෙන් ම මැරෙන බව දැනගන්නැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට ආපසු බාර දෙන්න. ඔහු දිවැසිවරයෙකු බැවින් ඔහු නුඹ උදෙසා යාච්ඤා කරනු ඇත. නුඹ නොමැරෙන්නෙහි ය; එහෙත් නුඹ ඈ ආපසු බාර නොදෙන්නෙහි නම්, නුඹත්, නුඹ සතු සියල්ලත් නියත වශයෙන් ම මැරෙන බව දැනගන්නැ”යි වදාළ සේක. |
ඵාරාවෝගේ ඇමතිවරු ඈ දැක ඵාරාවෝ ඉදිරියෙහි ඈ වර්ණනාකළෝය. එවිට ඒ ස්ත්‍රී ඵාරාවෝගේ ගෙට ගෙනයනලද්දීය.
ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි නිසා ඵාරාවෝටද ඔහුගේ ගෙයි වැසියන්ටද මහත්වූ පීඩාවලින් පීඩාකළසේක.
එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.
මක්නිසාද ස්වාමීන්වහන්සේ විසින් ආබ්‍රහම්ගේ භාර්යාවවූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෙයි සියල්ලන්ගේ ගර්භ තදින් පියා තිබුණේය.
නුමුත් දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අබිමෙලෙක් වෙතට පැමිණ: බලව, නුඹ ගෙන්වාගත් ස්ත්‍රිය නිසා නුඹ මළ කෙනෙක්ය, මක්නිසාද ඈ මනුෂ්‍යයෙකුගේ භාර්යාවයයි ඔහුට කීසේක.
අබිමෙලෙක් අලුයම් වේලෙහි නැගිට තමාගේ සියලු මෙහෙකරුවන් කැඳවා මේ සියල්ල ඔවුන් ඉදිරියෙහි කීවේය. ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් භයවුණෝය.
මාගේ ස්වාමීනි, අපේ බස් ඇසුව මැනවි. ඔබ අප අතරෙහි බලසම්පන්න අධිපතියෙක්ය. අපේ සොහොන්පළවලින් ඉතා උතුම් එකක ඔබගේ මළ තැනැත්තිය වැළලුව මැනවි; ඔබ විසින් ඔබගේ මළ තැනැත්තිය තැන්පත් කරන පිණිස අපගෙන් කිසිවෙක් තමාගේ සොහොන්පළ නොවළක්වන්නේයයි කීවෝය.
දාවිත්ද සෙනඟට පහර දෙන දූතයා දැක ස්වාමීන්වහන්සේට කථාකොට: මම පව්කෙළෙමි, මම අපරාධකෙළෙමි. නුමුත් මේ බැටළුවෝ කුමක් කළෝද? අනේ ඔබගේ අත මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය.
රජතෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කථාකොට: මාගේ අත සුවවෙන පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කර මා උදෙසා යාච්ඤාකරන්නැයි කීවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. එවිට රජුගේ අත සුවවී පෙර තිබුණාක් මෙන් විය.
නුමුත් නාමන් කෝපව යන්ට ගියේය, හෙතෙම කියනුයේ: ඔහු පිටතට මා ළඟට ඇවිත් සිටගන, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුවකරනවා ඇතැයි සිතුවෙමි.
මක්නිසාද ජනයන්ගෙන් මහත් සමූහයක් එනම් එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද ඉස්සාඛර්ගෙන්ද සාබුලොන්ගෙන්ද බොහෝ දෙනෙක් පිරිසිදු නොවී, ලියවී තිබෙන අන්දමට වෙනස්ව, පාස්කුව කෑවෝය. හෙසකියා ඔවුන් උදෙසා යාච්ඤාකරමින්:
එසේනම් අධිපතීන්ගේ තරාතිරම් නොබලන්නාවූ, දිළින්දාට වැඩියෙන් ධනවතාට කරුණාව නොදක්වන්නාවූ තැනන්වහන්සේට එසේ කියන්නේ කොහොමද? මක්නිසාද ඔවුන් සියල්ලෝම උන්වහන්සේගේ අත්වල කර්මාන්තය.
එබැවින් ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයාවූ යෝබ් ළගට ගොස්, නුඹලා වෙනුවට දවන පූජාවක් ඔප්පුකරන්න. මාගේ සේවකයාවූ යෝබ් නුඹලා උදෙසා යාච්ඤාකරන්නේය; එවිට නුඹලාගේ මෝඩකමේ හැටියට මා විසින් නුඹලාට නොකරන පිණිස ඔහු පිළිගන්නෙමි; මක්නිසාද මාගේ සේවකයාවූ යෝබ් වාගේ නුඹලා මා ගැන හරි ලෙස කථාකළේ නැතැයි කීසේක.
ස්වාමීන්ගේ රහස උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් හා සමඟය; උන්වහන්සේ ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වනසේක.
ඔහු නුඹ වෙනුවට සෙනඟට කථාකරන්නේය. මෙසේ ඔහු නුඹට මුඛයක් වන්නේය, නුඹ ඔහුට දෙවියන්වහන්සේ මෙන් වන්නෙහිය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, මම නුඹ ඵාරාවෝට දෙවිකෙනෙකු කොට තැබුවෙමි. නුඹේ සහෝදරවූ ආරොන් නුඹේ ප්‍රොපේතවරයා වන්නේය.
එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න.
ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනය ඇත්තාවූ ප්‍රොපේතවරු නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙත් යූදාහි රජුගේ ගෘහයෙත් යෙරුසලමෙත් ඉතුරුව තිබෙන භාණ්ඩ බබිලෝනියට ගෙනනොයන ලෙස සේනාවල ස්වාමීන්වහන්සේට කන්නලව්කරත්වා.
නුඹ සැබවින් නසින්නෙහියයි මා විසින් දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත්වෙන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාදකිරීමට ඔහුට කථා නොකරන්නෙහි නම්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අයකරන්නෙමි.
එම්බා දුෂ්ටය, නුඹ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී කල්හි, තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාදකිරීමට නුඹ කථා නොකර සිටියොත්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත, එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අයකරන්නෙමි.
පව්කොට වරදකාරයෙක් වුණොත්, තමා විසින් සොරකමින් ගත් දෙය හෝ බලාත්කාරකමින් ගත් දෙය හෝ ප්‍රවේසමට තමාට භාරදුන් දෙය හෝ නැතිවී තමාට සම්බවුණාවූ දෙය හෝ,
පූජකයාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහු යමක් කිරීමෙන් වරදකාරයෙක් වූයේද ඒ ගැන ක්ෂමාකරනු ලබන්නේයයි කීසේක.
සීමොන් උත්තරදෙමින්: නුඹලා කීවාවූ දෙයින් කිසිවක් මා කරා නොපැමිණෙන පිණිස, මා උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි කීවේය.
අන් භාෂාවකින් කථාකරන්නා තමාම වර්ධනයකරගන්නේය, නුමුත් ධර්මවාක්‍ය පවසන්නා සභාව වර්ධනයකරන්නේය.
දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථාකරවා,
විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.
යමෙක් තමාගේ සහෝදරයා මරණයට නොපමුණුවන පාපයක් කරන බව දුටුවොත් ඔහු යාච්ඤාකරාවා, එවිට ඔහුට, එනම් මරණයට නොපමුණුවන්නාවූ පාපයක් කරන්නන්ට, (දෙවියන්වහන්සේ) ජීවනය දෙනසේක. මරණයට පමුණුවන්නාවූ පාපයක් ඇත්තේය. ඔහු ඉල්ලිය යුතුය කියා මා කියන්නේ ඒ ගැන නොවේ.
එවිට මුළු සෙනඟද: අප නොනසින පිණිස ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබගේ මෙහෙකරුවන් උදෙසා යාච්ඤාකළමැනවි. මක්නිසාද රජෙකු ඉල්ලීමේ වැරුද්ද අපේ අනික් සියලු පාපවලට එකතුකෙළෙමුයයි සාමුවෙල්ට කීවෝය.
ඇරත් මා විසින් නුඹලා උදෙසා යාච්ඤා නොකර සිටීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කිරීම මාගෙන් දුරුවේවා. මම යහපත්වූ හරිවූ මාර්ගය නුඹලාට උගන්වන්නෙමි.
සාමුවෙල්ද: මා නුඹලා උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් මිශ්පාට රැස්කරන්නැයි කීවේය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේ අතින් අප ගළවන පිණිස අප උදෙසා උන්වහන්සේට නොනැවතී යාච්ඤාකළමැනවැයි සාමුවෙල්ට කීවෝය.