Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 42:8 - Sinhala Revised Old Version

8 එබැවින් ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයාවූ යෝබ් ළගට ගොස්, නුඹලා වෙනුවට දවන පූජාවක් ඔප්පුකරන්න. මාගේ සේවකයාවූ යෝබ් නුඹලා උදෙසා යාච්ඤාකරන්නේය; එවිට නුඹලාගේ මෝඩකමේ හැටියට මා විසින් නුඹලාට නොකරන පිණිස ඔහු පිළිගන්නෙමි; මක්නිසාද මාගේ සේවකයාවූ යෝබ් වාගේ නුඹලා මා ගැන හරි ලෙස කථාකළේ නැතැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 42:8
33 හුවමාරු යොමු  

බාලාම් තෙමේ බාලාක්ට කථාකොට: මෙහි මට පූජාසන සතක් ගොඩනගා ගොන් සත්දෙනෙක්ද බැටළුවන් සත්දෙනෙක්ද පිළියෙළ කරන්නැයි කීවේය. බාලාක් තෙමේ බාලාම් කී ලෙස කෙළේය;


එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.


තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීවරුන්ට දෙවියන්වහන්සේ පිහිටවූ කල ඔව්හු ගොන් හත්දෙනෙක්ද බැටළුවන් හත්දෙනෙක්ද පූජාකළෝය.


උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක.


නිදොස් නොවන තැනැත්තා පවා උන්වහන්සේ මුදනසේක; එසේය, නුඹේ අත්වල පිරිසිදුකම නිසා ඔහු මුදනු ලැබේයයි කීවේය.


නෝවාද දානියෙල්ද යෝබ්ද යන මේ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත්, ඔවුන් තමුන්ගේ ධර්මිෂ්ඨකමින් තමුන්ගේම ප්‍රාණ පමණක් ගළවාගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ආබ්‍රහම් දෙවියන්වහන්සේට යාච්ඤාකෙළේය. දෙවියන්වහන්සේ අබිමෙලෙක් සහ ඔහුගේ භාර්යාවද ඔහුගේ දාසීන්ද සුවපත් කළසේක; එවිට ඔව්හු දරුවන් බිහිකළෝය.


නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා.


තවද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.


එබැවින් තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ගොස් ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කළෝය. ස්වාමීන්වහන්සේද යෝබ් පිළිගත්සේක.


බාලාම්ද: මෙහි පූජාසන සතක් මට ගොඩනගා ගොන් සත්දෙනෙක් සහ බැටළුවන් සත්දෙනෙක් මෙහි මට පිළියෙළකරන්නැයි බාලාක්ට කීවේය.


බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.


යමෙක් තමාගේ සහෝදරයා මරණයට නොපමුණුවන පාපයක් කරන බව දුටුවොත් ඔහු යාච්ඤාකරාවා, එවිට ඔහුට, එනම් මරණයට නොපමුණුවන්නාවූ පාපයක් කරන්නන්ට, (දෙවියන්වහන්සේ) ජීවනය දෙනසේක. මරණයට පමුණුවන්නාවූ පාපයක් ඇත්තේය. ඔහු ඉල්ලිය යුතුය කියා මා කියන්නේ ඒ ගැන නොවේ.


වතුර සහ ලේ කරණකොටගෙන ආ තැනන්වහන්සේ නම් මුන්වහන්සේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය; වතුරෙන් පමණක් නොව වතුරෙන් සහ ලෙයින්ය.


ඔහු මංගල්‍යයේ දවස් සතේ ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට සත් දවසෙන් එක එක දවසට කැලලක් නැති ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් පාප පූජාවක් කොට දවසට එළුවෙකුත් පිළියෙළකරන්නේය.


ඔවුන්ගේ මංගල්‍ය දවස් ගතවූ පසු යෝබ් පණිවිඩ යවා ඔවුන් පිරිසිදුකරවා, පසුවදා අලුයම නැගිට ඔවුන් සියල්ලන්ගේ ගණන ලෙස දවන පූජා ඔප්පුකෙළේය. මක්නිසාද: සමහරවිට මාගේ පුත්‍රයන් පව්කොට, තමුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට දොස් කීවා වෙන්ට පුළුවනැයි යෝබ් කීවේය. යෝබ් සෑමවිටම මෙසේ කෙළේය.


ඔව්හු රාජ්‍යයද ශුද්ධස්ථානයද යූදාවරුන්ද උදෙසා පාප පූජාවක් පිණිස ගොනුන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් බැටළුපැටවුන් සත්දෙනෙකුත් එළුවන් සත්දෙනෙකුත් ගෙනාවෝය. උන් ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඔප්පුකරන්ට ඔහු පූජකයන්වූ ආරොන්ගේ පුත්‍රයන්ට කීවේය.


මෙසේ දාවිත් ඈ තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන: නුඹේ ගෙදරට සමාදානයෙන් යන්න; මම නුඹේ හඬට ඇහුම්කන්දී නුඹ පිළිගතිමියි කීවේය.


ශොල්ඵිම් කෙතෙහි පිස්ගා මුදුනට ඔහු ගෙනගොස් පූජාසන සතක් ගොඩනගා එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.


මෝසෙස්ගේ මාමාවූ යෙත්‍රෝ දෙවියන්වහන්සේට දවන පූජාවක්ද යාගද ගෙනායේය. ආරොන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝද මෝසෙස්ගේ මාමා සමඟ දෙවියන්වහන්සේ ඉදිරියෙහි කෑම කන පිණිස ආවෝය.


මක්නිසාද ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහකරන්ට නුපුළුවන.


ලෝකරුවාවූ අලෙක්ෂන්දර් මට බොහෝ නපුරුකම් පෑවේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ ක්‍රියාවල් ලෙස ඔහුට විපාකදෙනවා ඇත.


එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: යහපත පිණිස නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න.


නුඹට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී නුඹ වෙතට එනවා ඇත; නුඹව සුළුකළ සියල්ලන්ද නුඹේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් නුඹට: ස්වාමීන්වහන්සේගේ නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ සියොන්ය කියාත් කියනවා ඇත.


එබැවින්, උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.


තමන්වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියමකළසේක.


එහෙයින් දැන් ඒ මනුෂ්‍යයාගේ භාර්යාව ආපසු දෙන්න; මක්නිසාද ඔහු අනාගතවක්තෘ කෙනෙක්ය, ඔහු නුඹ ජීවත්වෙන පිණිස නුඹ උදෙසා යාච්ඤා කරන්නේය. එහෙත් ඈ ආපසු නොදෙන්නෙහි නම් නුඹද නුඹ සන්තක සියල්ලන්ද ඒකාන්තයෙන් නසින බව දැනගන්නැයි කීසේක.


එවිට ස්වාමීන්වහන්සේ: නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැතැයි කීසේක.


නුඹේ දුෂ්ටකමෙන් නුඹ වැනි මනුෂ්‍යයෙකුට නපුරක් පැමිණෙන්ට පුළුවන; එසේම නුඹේ ධර්මිෂ්ඨකමෙන් මනුෂ්‍ය පුත්‍රයෙකුට ප්‍රයෝජනයක් වෙන්ටත් පුළුවන.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්