Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 33:8 - Sinhala Revised Old Version

8 එම්බා දුෂ්ටය, නුඹ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී කල්හි, තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාදකිරීමට නුඹ කථා නොකර සිටියොත්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත, එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අයකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එම්බා දුෂ්ටය, නුඹ නසිනවා ම ඇතැ යි මා දුෂ්ටයාට කී කල්හි තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාද කිරීමට නුඹ කතා නොකර සිටියොත්, දුෂ්ට වූ ඔහු තමාගේ පාපයෙහි ම නසිනු ඇත. එහෙත්, නුඹ ඔහුගේ මරණය ගැන වගකිවයුත්තා වශයෙන් මම සලකමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එම්බා දුෂ්ටය, නුඹ නසිනවා ම ඇතැ යි මා දුෂ්ටයාට කී කල්හි තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාද කිරීමට නුඹ කතා නොකර සිටියොත්, දුෂ්ට වූ ඔහු තමාගේ පාපයෙහි ම නසිනු ඇත. එහෙත්, නුඹ ඔහුගේ මරණය ගැන වගකිවයුත්තා වශයෙන් මම සලකමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 33:8
17 හුවමාරු යොමු  

නුමුත් මුරකාරයා කඩුව පැමිණෙනවා දැක සෙනඟට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත්, කඩුව පැමිණ ඔවුන්ගෙන් යමෙකු පහකරන්ට යෙදුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා පහකරනු ලැබේ, නුමුත් ඔහුගේ ලේ මුරකාරයාගේ අතින් අයකරන්නෙමියි කියන්න.


නුඹ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී විට ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්,


බලව, සියලුම ප්‍රාණ මට අයිතිය; පියාගේ ප්‍රාණය මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් මට අයිතිය. පව්කරන ප්‍රාණයම නසින්නේය.


පව්කරන ප්‍රාණයම නසිනවා ඇත. පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේය, පියාද පුත්‍රයාගේ අයුතුකම නොදරන්නේය; ධර්මිෂ්ඨයාගේ ධර්මිෂ්ඨකම ඔහු පිටටත් දුෂ්ටයාගේ දුෂ්ටකම ඔහු පිටටත් පැමිණෙන්නේය.


ඔහුගේ පියා වනාහි ක්‍රෑරලෙස පීඩාකොට, තමාගේ සහෝදරයාගෙන් කොල්ලකා, තමාගේ සෙනඟ අතරේ හොඳ නැති දේ කළ නිසා, බලව, ඔහු තමාගේ අයුතුකමෙහි නසින්නේය.


අහෝ දුෂ්ටයාට දුක් වේ! ඔහුට විපත පැමිණේ. මක්නිසාද ඔහුගේ අත්වල විපාකය ඔහුට ලැබෙන්නේය.


අතට අත එකතුවුණත් දුෂ්ටයා දඬුවම් නොලැබ නොසිටින්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ වංශය මුදනු ලබන්නේය.


සර්පයාද: නුඹලා ඇත්තටම නසින්නේ නැත;


නුමුත් දුෂ්ටයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි භය නොවන බැවින් ඔහුට යහපත සිද්ධවෙන්නේවත් සෙවණැල්ලක් වැනි ඔහුගේ දවස් දීර්ඝවෙන්නේවත් නැත.


අපේ පියා කාන්තාරයෙහි මළේය, ඔහු කෝරාගේ සමාගම වන ස්වාමීන්වහන්සේට විරුද්ධව රැස්වුණ සභාව අතරේ නොසිටියේය. ඔහු තමාගේ පාපය නිසාම මළේය; ඔහුට පුත්‍රයෝ නොසිටියෝය.


එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.


නුඹ සැබවින් නසින්නෙහියයි මා විසින් දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත්වෙන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාදකිරීමට ඔහුට කථා නොකරන්නෙහි නම්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අයකරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්