Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 14:11 - Sinhala Revised Old Version

11 ස්වාමීන්වහන්සේ මට කථාකොට: යහපත පිණිස නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මේ සෙනඟගේ යහපත උදෙසා මට යාච්ඤා නොකරන්න. ඔවුන් උපවාසයේ යෙදුණත්, ඔවුන්ගේ කන්නලව්වලට මම සවන් නොදෙන්නෙමි; ඔවුන් දවන යාග පූජා ද ධාන්‍ය පූජා ද ඔප්පු කරතත්, මම ඒවා නොපිළිගනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මේ සෙනඟගේ යහපත උදෙසා මට යාච්ඤා නොකරන්න. ඔවුන් උපවාසයේ යෙදුණත්, ඔවුන්ගේ කන්නලව්වලට මම සවන් නොදෙන්නෙමි; ඔවුන් දවන යාග පූජා ද ධාන්‍ය පූජා ද ඔප්පු කරතත්, මම ඒවා නොපිළිගනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 14:11
6 හුවමාරු යොමු  

එබැවින් නුඹ වනාහි මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න, ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පු නොකරන්න, මට කන්නලව්ද නොකරන්න. මක්නිසාද මම නුඹේ බසට කන් නොදෙන්නෙමි.


ඒ නිසා නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න, ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පුනොකරන්න. මක්නිසාද ඔවුන් තමුන්ගේ විපත්තිය නිසා මට යාච්ඤාකරන කාලයේදී මම ඔවුන්ගේ වචන නොඅසන්නෙමි.


එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න.


එබැවින් මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී ඔවුන් විනාශකරන පිණිස මට ඉඩහරින්න; මම නුඹෙන් මහත් ජාතියක් උපදවන්නෙමියි මෝසෙස්ට කීසේක.


යමෙක් තමාගේ සහෝදරයා මරණයට නොපමුණුවන පාපයක් කරන බව දුටුවොත් ඔහු යාච්ඤාකරාවා, එවිට ඔහුට, එනම් මරණයට නොපමුණුවන්නාවූ පාපයක් කරන්නන්ට, (දෙවියන්වහන්සේ) ජීවනය දෙනසේක. මරණයට පමුණුවන්නාවූ පාපයක් ඇත්තේය. ඔහු ඉල්ලිය යුතුය කියා මා කියන්නේ ඒ ගැන නොවේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්