Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 30:18 - Sinhala Revised Old Version

18 මක්නිසාද ජනයන්ගෙන් මහත් සමූහයක් එනම් එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද ඉස්සාඛර්ගෙන්ද සාබුලොන්ගෙන්ද බොහෝ දෙනෙක් පිරිසිදු නොවී, ලියවී තිබෙන අන්දමට වෙනස්ව, පාස්කුව කෑවෝය. හෙසකියා ඔවුන් උදෙසා යාච්ඤාකරමින්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මන්ද, ජනයාගෙන් විශාල සමූහයක් එනම්, එප්‍රායිම්ගෙන් ද මනස්සේගෙන් ද ඉස්සාකර්ගෙන් ද සාබුලොන්ගෙන් ද බොහෝ දෙනෙක් පිරිසිදු නොවී, ව්‍යවස්ථාවේ ලියා තිබෙන අන්දමට නියමයන් ඉටු නොකර පාස්කුව වැළඳූ හ. හෙසකියා ඔවුන් උදෙසා යාච්ඤා කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මන්ද, ජනයාගෙන් විශාල සමූහයක් එනම්, එප්‍රායිම්ගෙන් ද මනස්සේගෙන් ද ඉස්සාකර්ගෙන් ද සාබුලොන්ගෙන් ද බොහෝ දෙනෙක් පිරිසිදු නොවී, ව්‍යවස්ථාවේ ලියා තිබෙන අන්දමට නියමයන් ඉටු නොකර පාස්කුව වැළඳූ හ. හෙසකියා ඔවුන් උදෙසා යාච්ඤා කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 30:18
23 හුවමාරු යොමු  

නුමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසිකොට, ඒ රොටි කෑවාවේ,


ස්වාමීන්වහන්ස, ඇසුව මැනව; ස්වාමීන්වහන්ස, කමාවුව මැනව, ස්වාමීන්වහන්ස, ඇහුම්කන්දුන මැනව; මාගේ දෙවියන්වහන්ස, ප්‍රමාද නොවී, ඔබ නිසාම එය ඉෂ්ටකළ මැනව; මක්නිසාද ඔබගේ නුවරත් ඔබගේ සෙනඟත් ඔබගේ නාමය දරන්නෝයයි කීවෙමි.


ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්වට කන්දුන මැනව. එසේය, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව; අසා කමාකළ මැනව.


ස්වාමීන්වහන්සේ යහපත්ය, අවංකය. එහෙයින් උන්වහන්සේ පව්කාරයන්ට මාර්ගය උගන්වනසේක.


යූදාහි මුළු සභාවද පූජකයෝද ලෙවීවරුද ඉශ්‍රායෙල් දේශයෙන් ඇවිත් සිටියාවූ නොහොත් යූදාහි වාසය කළාවූ විදේශියෝද ප්‍රීතිවුණෝය.


එසේ වුවත් ආෂෙර්හිද මනස්සේහිද සාබුලොන්හිද නොයෙක් දෙනෙක් යටත්වී යෙරුසලමට ආවෝය.


එහෙත් යමෙක් අපවිත්‍රවී තමාගේ දෝෂ පහකරනොගත්තොත්, ඒ තැනැත්තා ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය දූෂණයකළ බැවින්, සභා මධ්‍යයෙන් සිඳිනු ලබන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඔහු පිට නොඉසිනලද්දේය; ඔහු අපවිත්‍රය.


එහෙයින් දැන් ඒ මනුෂ්‍යයාගේ භාර්යාව ආපසු දෙන්න; මක්නිසාද ඔහු අනාගතවක්තෘ කෙනෙක්ය, ඔහු නුඹ ජීවත්වෙන පිණිස නුඹ උදෙසා යාච්ඤා කරන්නේය. එහෙත් ඈ ආපසු නොදෙන්නෙහි නම් නුඹද නුඹ සන්තක සියල්ලන්ද ඒකාන්තයෙන් නසින බව දැනගන්නැයි කීසේක.


යමෙක් තමාගේ සහෝදරයා මරණයට නොපමුණුවන පාපයක් කරන බව දුටුවොත් ඔහු යාච්ඤාකරාවා, එවිට ඔහුට, එනම් මරණයට නොපමුණුවන්නාවූ පාපයක් කරන්නන්ට, (දෙවියන්වහන්සේ) ජීවනය දෙනසේක. මරණයට පමුණුවන්නාවූ පාපයක් ඇත්තේය. ඔහු ඉල්ලිය යුතුය කියා මා කියන්නේ ඒ ගැන නොවේ.


ඔබ යහපත්ය, යහපත කරනසේක; ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.


මක්නිසාද ස්වාමිනි, ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක, ඔබට යාච්ඤාකරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය.


ආබ්‍රහම් දෙවියන්වහන්සේට යාච්ඤාකෙළේය. දෙවියන්වහන්සේ අබිමෙලෙක් සහ ඔහුගේ භාර්යාවද ඔහුගේ දාසීන්ද සුවපත් කළසේක; එවිට ඔව්හු දරුවන් බිහිකළෝය.


ස්වාමිනි, ඔබගේ කරුණාගුණය ස්වර්ගයෙහිය; ඔබගේ විශ්වාසකම ආකාශය දක්වා පවත්නේය.


ඔව්හු උත්තම පූජකයාවූ හිල්කියා ළඟට පැමිණ, දෙවියන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද්දාවූ, දොරටුපාලයන් වන ලෙවීවරුන් විසින් මනස්සේවරුන්ගෙන්ද එප්‍රායිම්වරුන්ගෙන් සහ ඉතුරුව සිටිය සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන්ද සියලු යූදාවරුන්ගෙන්ද බෙන්යමින්වරුන්ගෙන්ද යෙරුසලමේ වාසීන්ගෙන්ද එකතුකර ගත්තාවූ මුදල් භාරගෙන,


මෝසෙස් ඒ ඇසූ කල එය යහපත් බව ඔහුට පෙනුණේය.


අපි මෘත ශරීරයකින් අපවිත්‍රවී සිටිමුව. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියම කාලයෙහි ඔප්පු කිරීමෙන් අප වලක්වනු ලබන්නේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය.


මේ කාරණය ගැන ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කමාවනසේක්වා: එනම්, මාගේ ස්වාමියා රිම්මොන්ගේ ගෘහයෙහි වඳින්ට එහි මාගේ අතේ හේත්තුවී යන විට මාත් රිම්මොන්ගේ ගෘහයෙහිදී වැන්දොත්, එසේ රිම්මොන්ගේ ගෘහයෙහිදී වඳින විට, ස්වාමීන්වහන්සේ ඒ කාරණය ගැන ඔබගේ මෙහෙකරුවාට කමාවනසේක්වයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්