තවද ඔහු නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවල හැසුරුණා මදිවාක් මෙන් ශීදොන්වරුන්ගේ රජවූ එත්බාල්ගේ දූවූ යෙසෙබෙල් භාර්යාකොට පාවාගත්තේය, ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාරකෙළේය.
1 රාජාවලිය 18:18 - Sinhala Revised Old Version ඔහුද: මා නොව නුඹ සහ නුඹේ පියාගේ වංශය ස්වාමීන්වහන්සේගේ ආඥා අත්හැර බාල් දේවතාවන් පස්සේ ගිය කාරණයෙන් නුඹලා ඉශ්‍රායෙල් කැලඹුවහුය. Sinhala New Revised Version ඔහු උත්තර දෙමින්, “මා නොව ඔබ සහ ඔබේ පියාගේ වංශය සමිඳාණන් වහන්සේගේ ආඥා අත්හැර, බාල් දේවතාවා පසුපස ගිය කාරණය නිසා ඔබ හැම ඉශ්රායෙල් ජනයා කැළඹුවහු ය. Sinhala New Revised Version 2018 ඔහු උත්තර දෙමින්, “මා නොව ඔබ සහ ඔබේ පියාගේ වංශය සමිඳාණන් වහන්සේගේ ආඥා අත්හැර, බාල් දේවතාවා පසුපස ගිය කාරණය නිසා ඔබ හැම ඉශ්රායෙල් ජනයා කැළඹුවහු ය. |
තවද ඔහු නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවල හැසුරුණා මදිවාක් මෙන් ශීදොන්වරුන්ගේ රජවූ එත්බාල්ගේ දූවූ යෙසෙබෙල් භාර්යාකොට පාවාගත්තේය, ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාරකෙළේය.
තවද ඔහු සමාරියේ ගොඩනැගූ බාල්ගේ ගෘහයෙහි බාල්ට පූජාසනයක් සෑදුවේය. ආහබ් අෂේරා කණුත් සෑදුවේය;
(සැබවින්ම තමාගේ භාර්යාවවූ යෙසෙබෙල් විසින් පොළඹවනු ලැබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කරන්ට තමාම භාරවුණාවූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේය.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරිපිටින් පන්නාදැමූ අමෝරිවරුන් කළ සියල්ල ලෙස ඔහු දේව රූප පස්සේ ගොස් ඉතා පිළිකුල් ලෙස ක්‍රියාකෙළේය)
එවිට: ඔවුන් තමුන්ගේ පියවරුන් මිසරදේශයෙන් ගෙනාවාවූ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇලුම්වී, ඔවුන්ට නමස්කාරකොට සේවයකළ නිසා, ස්වාමීන්වහන්සේ මේ සියලු විපත්ති ඔවුන් පිටට පැමිණෙවුසේකැයි මිනිසුන් උත්තරදෙනවා ඇතැයි ඔහුට කීසේක.
ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යූදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, නුඹලා ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ නුඹලා සමඟ සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත.
මක්නිසාද යූදාහි රජවූ ආහාස් යූදාවරුන් සල්ලාලකමට පමුණුවා ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළ බැවින්, ස්වාමීන්වහන්සේ යූදා මනුෂ්‍යයන් යටත්කළසේක.
ධර්මිෂ්ඨකමෙහි ස්ථිරව සිටින්නා ජීවනයට පැමිණෙන්නේය; නපුර අනුව යන්නා තමාට මරණය ළඟාකරගන්නේය.
ව්‍යවස්ථාව අත්හරින්නෝ දුෂ්ටයන්ට ප්‍රශංසාකෙරෙති; එහෙත් ව්‍යවස්ථාව පවත්වන්නෝ ඔවුන්ට විරුද්ධව සිටිති.
මක්නිසාද මාගේ සෙනඟ නපුරු දේවල් දෙකක් කළෝය; ඔව්හු ජීවන වතුර උල්පතවූ මා අත්හැර, කටාරම්, එනම් වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම් තමුන්ට කපාගත්තෝය.
නුඹේ දුෂ්ටකම නුඹට දඬුවම්කරන්නේය, නුඹේ පසුබටවීම්ද නුඹට අච්චුකරනවා ඇත. එබැවින් නුඹ විසින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර සිටින කාරණයද මා කෙරෙහි භය නුඹට නැතිකමද නපුරුවූ තික්තවූ දෙයක් බව බලා දැනගන්නැයි සේනාවල ස්වාමිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
සමාරියේ ප්‍රොපේතවරුන් අතරේ මම අනුවණකම දුටිමි; ඔව්හු බාල්ගේ නාමයෙන් අනාගතවාක්‍ය කියා, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මුළාකෙරෙවුවෝය.
අධිපතීහු රජුට කථාකොට: මේ මනුෂ්‍යයා මරනු ලැබේවා; මක්නිසාද මෙසේ මෙබඳු වචන කීමෙන් මොහු නුවර ඉතුරුව සිටින යුද්ධකාරයන්ගේ අත්ද මුළු සෙනඟගේ අත්ද බෙලහීනකරයි. එසේය, මේ මනුෂ්‍යයා මේ සෙනඟට ශුභසිද්ධිය නොව අන්තරායකරන්ට හදන්නේයයි කීවෝය.
බලව, මම ඔවුන්ගේ මුහුණුවලට විරුද්ධව නුඹේ මුහුණත් ඔවුන්ගේ නළල්වලට විරුද්ධව නුඹේ නළලත් දැඩිකෙළෙමි.
නැතහොත්, මම මොවුන් අතරේ සිට: අද නුඹලා ඉදිරියේදී මා විචාරනු ලබන්නේ මළවුන්ගෙන් නැගිටීම ගැනයයි මොරගසා කී එකම කීම මිස,
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ නුඹේ පියවරුන් සමඟ සැතපෙන්නෙහිය; මේ සෙනඟද නැගිට ඔවුන් යන දේශයෙහි වූ අන්‍ය දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කර, මා අත්හැර, මා ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩකරනවා ඇත.
එවිට යොනාතාන් කථාකොට: මාගේ පියාණන් දේශය කළඹා තිබේ. මේ මීපැණි ටික කෑමෙන් මාගේ ඇස් පැහැදුණ හැටි බලන්න.