Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 16:31 - Sinhala Revised Old Version

31 තවද ඔහු නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවල හැසුරුණා මදිවාක් මෙන් ශීදොන්වරුන්ගේ රජවූ එත්බාල්ගේ දූවූ යෙසෙබෙල් භාර්යාකොට පාවාගත්තේය, ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාරකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 තවද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාප මාර්ගයෙහි හැසුරුණා පමණක් නොව, සීදොන්වරුන්ගේ රජ වූ එත්බාල්ගේ දුව වන ජෙශෙබෙල් බිරිඳ කොට පාවාගත්තේ ය. ඇරත්, ඔහු ගොස් බාල් දේවතාවාට වැඳුම්පිදුම් කරමින් නමස්කාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 තවද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාප මාර්ගයෙහි හැසුරුණා පමණක් නොව, සීදොන්වරුන්ගේ රජ වූ එත්බාල්ගේ දුව වන ජෙශෙබෙල් බිරිඳ කොට පාවාගත්තේ ය. ඇරත්, ඔහු ගොස් බාල් දේවතාවාට වැඳුම්පිදුම් කරමින් නමස්කාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 16:31
35 හුවමාරු යොමු  

ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තුකළ පිළිම වන වස්සන් දෙන්නෙක්ද අෂේරා කණුවක්ද සාදාගන, මුළු අහස් සේනාවට නමස්කාරකරමින්, බාල්ට සේවයකළෝය.


තවද යේහු මුළු සෙනඟ රැස්කර ඔවුන්ට කථාකොට: ආහබ් බාල්ට ස්වල්ප වශයෙන් සේවයකෙළේය. නුමුත් යේහු ඔහුට බොහෝසෙයින් සේවය කරන්නේය.


එවිට ඒ පස්දෙන පිටත්ව ගොස් ලායිෂ්ට පැමිණ, එහි සිටින සෙනඟ අපරීක්ෂාකාරීව, ශීදොන් වැසියන් හා සමානව නිශ්චලකමින්ද අප්‍රවේසමෙන්ද වාසයකරන බව දුටුවෝය; මක්නිසාද යමක් ගැන ඔවුන් ලජ්ජාකරන්ට පුළුවන්වූ, බලය ලත් කෙනෙක් දේශයෙහි නැති බවත් ඔවුන් ශීදොන්වරුන්ගෙන් දුරව සිටින බවත් කිසිවෙකු සමඟ ගනුදෙනුකිරීමක් නැති බවත් දැක,


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවයකළෝය.


නුමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේය, එනම්, තමාම අනාගතවක්ත්‍රියෙකැයි කියාගන්නාවූ ස්ත්‍රී වන යෙශබෙල්ට නුඹ අවකාශ දෙන්නෙහිය; ඈ වනාහි වේශ්‍යාකම්කරන්ටද දේවතා රූපවලට පූජාකළ දේ කන්ටද මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුළාකරන්නීය.


නුඹලා හොඳ තෘණ කා, නුඹලාගේ තෘණවලින් ඉතුරු ඒවා නුඹලාගේ පාදවලින් පාගාදමන එකත් පැහැදුණු වතුර බී ඉතුරු ඒවා නුඹලාගේ පාදවලින් කිලුටුකරන එකත් නුඹලාට සුළු දෙයක්ව පෙනේද?


නුමුත් නුඹ ඔවුන්ගේ මාර්ගවලම නොගොස්, ඔවුන්ගේ පිළිකුල්වල ප්‍රකාරයටම නොකර, ඒවා මදියයි සිතා, ඔවුන්ටත් වඩා නුඹේ සියලු මාර්ගවලින් නුඹ දුෂ්ටකම්කෙළෙහිය.


තවද මා නිසා නුඹ වැදූ නුඹේ පුත්‍රයන්ද නුඹේ දූවරුන්ද නුඹ රැගෙන විනාශවීමට ඔවුන් ඒවාට පූජාකෙළෙහිය.


එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, ඒක දුටුවෙහිද? යූදා වංශය මෙහි කරන පිළිකුල්කම්කිරීම ඔවුන්ට සුළු දෙයක්ද? මක්නිසාද ඔව්හු දේශය බලාත්කාරකමෙන් පුරවා තිබේ, ඔව්හු නැවත නැවත මා කෝපකරති. බලව, ඔව්හු අත්ත තමුන්ගේ නාසයට අල්ලති.


එවිට ඔහු කථාකොට: එම්බා දාවිත්ගේ වංශය, ඉතින් අසන්න; නුඹලා මාගේ දෙවියන්වහන්සේ වෙහෙසන්නේ මනුෂ්‍යයන් වෙහෙසනවා මදිවාටද?


ඉතින් දැන් පණිවුඩ යවා සියළු ඉශ්‍රායෙල්වරුන්ද බාල්ගේ ප්‍රොපේතවරුන් හාරසිය පනසද යෙසෙබෙල්ගේ මේසයේ කන අෂේරිය ප්‍රොපේතවරුන් හාරසියදෙනාද මා ළඟට කර්මෙල් කන්දට රැස්කරවන්නැයි කීවේය.


මක්නිසාද යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් සිඳදැමූ කල්හි ඔබදියා ප්‍රොපේතවරුන් සිය දෙනෙක් රැගෙන ගොස් පනස පනස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී ඔවුන් පෝෂ්‍යයකෙළේය.)


ශීදොන්වරුන් සහ අමලෙක්වරුද මායොන්වරුද නුඹලාට පීඩා කළෝය; නුඹලා මට මොරගැසූකල ඔවුන්ගේ අතිනුත් නුඹලා ගැළෙවුවෙමි.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කොට බාල්දේවතාවුන්ටත් අෂ්ටාරොත්ටත් සිරියේ දෙවිවරුන්ටත් ශීදොන්හි දෙවිවරුන්ටත් මෝවබ්හි දෙවිවරුන්ටත් අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දෙවි වරුන්ටත්, සේවයකළෝය; ස්වාමීන්වහන්සේට සේවය නොකොට උන්වහන්සේ අත්හැරියෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කළෝය, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට බාල් දේවතාවුන්ටත් අෂේරීන්ටත් සේවයකළෝය.


ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයේ මෙහෙය කිරීමටත් සභාවට සේවයකරන පිණිස ඔවුන් ඉදිරියෙහි සිටීමටත් නුඹලා තමන්වහන්සේ ළඟට පමුණුවන ලෙස ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් සභාවෙන් නුඹලා වෙන්කරගත් එකත්,


ඈ: නුඹ මාගේ පුරුෂයා පැහැරගත්තා මදිවාට මාගේ පුත්‍රයාගේ දුදායිම් ගෙඩිත් ගන්ට හදනවාදැයි කීවාය. එවිට: නුඹේ පුත්‍රයාගේ දුදායිම් දුන්නොත් හෙතෙමේ අද රාත්‍රියෙහි නුඹ සමඟ සයනයකරන්නේයයි රාඛෙල් කීවාය.


දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.


නුඹ හිමිකරගන්ට යන්නාවූ දේශයට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවා නොයෙක් ජාතීන්වන හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද යන නුඹට වඩා මහත්වූ බලසම්පන්නවූ ජාතීන් සත නුඹ ඉදිරියෙන් පහකර දමන කල්හිද,


ඔහුද: මා නොව නුඹ සහ නුඹේ පියාගේ වංශය ස්වාමීන්වහන්සේගේ ආඥා අත්හැර බාල් දේවතාවන් පස්සේ ගිය කාරණයෙන් නුඹලා ඉශ්‍රායෙල් කැලඹුවහුය.


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ කෙළේය; එහෙත් තමාගේ පියාද මවුද මෙන් නොවේ. මක්නිසාද ඔහු තමාගේ පියා සෑදූ බාල්ගේ රූපස්තම්භය පහකෙළේය.


තමාගේ පියවූ හෙසකියා නැතිකළ උස් තැන් ඔහු නැවත ගොඩනගා, බාල්ට පූජාසන තනා, ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් සෑදුවාක් මෙන් අෂේරා කණුවක්ද සෑදුවේය, ඔහු මුළු අහස් සේනාවට නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය.


ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, ආහබ්ගේ වංශය කළාක් මෙන් යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වේශ්‍යාකමට පමුණුවා, නුඹේ පියාගේ වංශය වන නුඹට වඩා යහපත්වූ නුඹේ සහෝදරයන් මැරූ බැවින්,


ආෂෙර්ද අක්කෝහි වැසියන්වත්, ශිදොන්හිත් අහ්ලාබ්හිත් අක්ශීබ්හිත් හෙල්බාහිත් අපික්හිත් රෙහොබ්හිත් වැසියන්වත් පන්නා නොදැමුවේය.


තමාගේ පියාගේ දෙවියන්වහන්සේට සේවයකරමින්, ඉශ්‍රායෙල්වරුන්ගේ ක්‍රියාවල ප්‍රකාරයට නොව උන්වහන්සේගේ ආඥාවල ප්‍රකාරයට හැසුරුණේය.


එතැන් පටන් ඇගේ මිදිවතුද පැතීමේ දොරක් පිණිස ආකොර් මිටියාවතද ඈට දෙන්නෙමි. එහි ඇගේ යෞවන දවස්වලදී මෙන්ද ඈ මිසර දේශයේ සිට ආ කාලයේදී මෙන්ද ඈ උත්තරදෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්