Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 28:19 - Sinhala Revised Old Version

19 මක්නිසාද යූදාහි රජවූ ආහාස් යූදාවරුන් සල්ලාලකමට පමුණුවා ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළ බැවින්, ස්වාමීන්වහන්සේ යූදා මනුෂ්‍යයන් යටත්කළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 මන්ද, ජුදාහි රජු වූ ආහාස් ජුදාවරුන් අවිශ්වාසයට පමුණුවා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ බැවින්, උන් වහන්සේ ජුදා මනුෂ්‍යයන් යටත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මන්ද, ජුදාහි රජු වූ ආහාස් ජුදාවරුන් අවිශ්වාසයට පමුණුවා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ බැවින්, උන් වහන්සේ ජුදා මනුෂ්‍යයන් යටත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 28:19
20 හුවමාරු යොමු  

යෙහෝෂාපාට්ගේ පුත්‍රයෝවූ අසරියාද යෙහීයෙල්ද සෙකරියාද අසරියාද මීකායෙල්ද ෂෙපාටියාද යන මොව්හු ඔහුගේ සහෝදරයෝය. මේ සියල්ලෝ ඉශ්‍රායෙල් රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රයෝය.


නග්නව ඇවිද තමාගේ ලජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස අවදිව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂාකරගන්නා ආශීර්වාදලද්දෙක්ය.)


මක්නිසාද ඔම්රීගේ නියෝගද ආහාබ්ගේ වංශයේ සියලු ක්‍රියාද පවත්වනු ලැබේ; එසේ මා විසින් නුඹලා පුදුමයක්ද එහි වැසියන් කවටකමක්ද කරන හැටියට නුඹලා ඔවුන්ගේ මන්ත්‍රණවල ප්‍රකාරයට යන්නහුය; මාගේ සෙනඟගේ නින්දාකිරීමද නුඹලා ඉවසනවා ඇත.


එප්‍රායිම් කැමැත්තෙන්ම හිස්කම පස්සේ ගිය බැවින් ඔහු විනිශ්චයට යටවී පොඩිවන්නේය.


මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි.


උඩඟු සියල්ලන් බලා යටත්කර, දුෂ්ටයන් ඔවුන්ගේ ස්ථානයෙහි පාගා දමන්න.


ස්වාමීන්වහන්සේ දිළිඳු කරනසේක, පොහොසත්කරනසේක. පහත්කරනසේක, උසස්කරනසේක.


නුඹ අතරේ සිටින විදේශියා වැඩි වැඩිව නුඹට වඩා උසස් වන්නේය; නුඹ වැඩි වැඩිව පහත් වන්නෙහිය.


සෙනඟ තෘෂ්ණාවට හැරී සිටින බව මෝසෙස් දුටුවේය; මක්නිසාද ඔවුන්ගේ සතුරන් අතරේ ඔවුන් හෙළා දක්නා ලබන පිණිස ආරොන් ඔවුන්ගේ තෘෂ්ණාවට ඉඩ හැරියේය.


උන්වහන්සේ: නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා ආඥාකළ ගහෙන් කෑවෙහිදැයි ඇසූසේක.


එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී තමන් නග්නව සිටින බව ඔව්හු දැනගත්තෝය; ඔව්හු අත්තික්කා කොළ මහා තමන්ට ඉණවැසුම් සාදාගත්තෝය.


සැබවින් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වරදකාරයෙක්යයි කීසේක.


යෙරොබොවම් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය.


ඔහුද: මා නොව නුඹ සහ නුඹේ පියාගේ වංශය ස්වාමීන්වහන්සේගේ ආඥා අත්හැර බාල් දේවතාවන් පස්සේ ගිය කාරණයෙන් නුඹලා ඉශ්‍රායෙල් කැලඹුවහුය.


ආහාස් විසි අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය.


ඔහු උස්තැන්වලත් හෙල් පිටත් සියලු අමු ගස් යටත් පූජාද සුවඳ දුම්ද ඔප්පුකෙළේය.


නුමුත් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද මුළාකෙළේය.


ධර්මිෂ්ඨකම ජාතියක් උසස්කරයි; එහෙත් කවර සෙනඟකට වුවත් පාපය නින්දාවක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්