Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 14:29 - Sinhala Revised Old Version

29 එවිට යොනාතාන් කථාකොට: මාගේ පියාණන් දේශය කළඹා තිබේ. මේ මීපැණි ටික කෑමෙන් මාගේ ඇස් පැහැදුණ හැටි බලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 එවිට ජොනතන් පිළිතුරු දෙමින්, “මාගේ පියා ජාතියට කොතරම් අවැඩක් කර තිබේ ද? මේ මී පැණි ටික කෑමෙන් මට අමුතු ශක්තියක් ලැබුණු හැටි බලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 එවිට ජොනතන් පිළිතුරු දෙමින්, “මාගේ පියා ජාතියට කොතරම් අවැඩක් කර තිබේ ද? මේ මී පැණි ටික කෑමෙන් මට අමුතු ශක්තියක් ලැබුණු හැටි බලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 14:29
5 හුවමාරු යොමු  

ඔහුද: මා නොව නුඹ සහ නුඹේ පියාගේ වංශය ස්වාමීන්වහන්සේගේ ආඥා අත්හැර බාල් දේවතාවන් පස්සේ ගිය කාරණයෙන් නුඹලා ඉශ්‍රායෙල් කැලඹුවහුය.


යෝෂුවා: නුඹ අප කැලඹෙවුවේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අද නුඹ කලඹවනසේකැයි කීවේය. එවිට සියලු ඉශ්‍රායෙල්වරු ඔහුට ගල් ගැසුවෝය; ඔව්හු ඔවුන්ට ගල්ගසා, ඔවුන් ගින්නෙන් පුලුස්සා දැමුවෝය.


එවිට සෙනඟගෙන් එක්කෙනෙක් කථාකරමින්: නුඹේ පියාණෝ අද කෑම කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ තදින් දිවුරෙවුවාහ. මෙසේ සෙනඟද විඩාවී සිටිතියි කීවේය.


ඉදින් සෙනඟ තමුන්ගේ සතුරන්ගෙන් ලබාගත් කොල්ලයෙන් රිසිසේ අද කෑවානම් තව කොපමණ හොඳද? මක්නිසාද දැනට පිලිස්තිවරුන් අතරෙහි මහත් නාස්තියක් වී නැතැයි කීවේය.


මාගේ දෙවිවූ ස්වාමිනි, මා සලකා මට උත්තරදුන මැනව. මරණ නින්දට මා නොපැමිණෙන පිණිස මාගේ ඇස් එළියකළ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්