Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 3:8 - Sinhala Revised Old Version

8 බලව, මම ඔවුන්ගේ මුහුණුවලට විරුද්ධව නුඹේ මුහුණත් ඔවුන්ගේ නළල්වලට විරුද්ධව නුඹේ නළලත් දැඩිකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 බලන්න, මම ඔවුන් මෙන් නුඹ ද මුරණ්ඩු කර, දැඩි සිත් ඇත්තෙකු කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 බලන්න, මම ඔවුන් මෙන් නුඹ ද මුරණ්ඩු කර, දැඩි සිත් ඇත්තෙකු කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 3:8
13 හුවමාරු යොමු  

මෙන්න, මම මුළු දේශය වන යූදාහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් එහි පූජකයන්ටත් දේශයේ සෙනඟටත් විරුද්ධව අද නුඹ සුරක්ෂිත නුවරක්ද යකඩ කුළුනක්ද පිත්තල පවුරුද කෙළෙමි.


ඇදහිල්ලෙන්, ඔහු රජුගේ උදහසට භය නොවී, මිසරය අත්හැර ගියේය. මක්නිසාද අදෘශ්‍යමාන තැනන්වහන්සේ දකින්නාක්මෙන් ඔහු ස්ථිරව සිටියේය.


එහෙත් මම වනාහි යාකොබ්ට ඔහුගේ වරදත් ඉශ්‍රායෙල්ට ඔහුගේ පාපයත් දන්වන්ට ස්වාමීන්වහන්සේගේ ආත්මය ඇතුව, බලයෙන්ද යුක්තියෙන්ද ධෛර්යයෙන්ද පූර්ණව සිටිමි.


මම මේ සෙනඟට විරුද්ධව නුඹ බලවත් පිත්තල පවුරක් කරන්නෙමි; ඔව්හු නුඹට විරුද්ධව යුද්ධකරන්නෝය, නුමුත් නුඹෙන් ජය නොගන්නෝය. මක්නිසාද නුඹ ගළවන්ටත් නිදහස් කරන්ටත් මම නුඹ සමඟ සිටිමි.


මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මට උපකාරවනසේක; එබැවින් වියවුල් නොවෙමි. එබැවින් මාගේ මුහුණ ගිනිගලක් මෙන් තබාගන සිටිමි, මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි.


ආහබ්ද: අහෝ මාගේ සතුර, නුඹ මා සොයාගත්තෙහිදැයි එලියාට කීය. ඔහුද: නුඹ සොයාගත්තෙමි. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙනදේ කරන්ට නුඹම භාරවී සිටිනෙහිය.


ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් විශ්වාසකම දෙස යොමා තිබෙනවා නොවේද? ඔබ ඔවුන්ට පහරදුන්සේක, නුමුත් ඔවුන්ට රිදුණේ නැත; ඔබ ඔවුන් නාස්තිකළසේක, නුමුත් ඔව්හු හික්මවීම පිළිනොගෙනම සිටියෝය. ඔව්හු තමුන්ගේ මුහුණ පර්වතයකට වඩා දැඩිකරගෙන, හැරීඑන්ට අකැමැතිවූවෝය.


නුමුත් ඉශ්‍රායෙල් වංශය මට ඇහුම් කන්දෙන්ට කැමති නැති බැවින් ඔව්හු නුඹට ඇහුම්කන්දෙන්ට කැමැති නොවෙති. මක්නිසාද මුළු ඉශ්‍රායෙල් වංශය දැඩිවූ නළල්ද තද සිත්ද ඇත්තෝය.


නුඹේ නළල ගිනිගලට වඩා තදවූ විදුරක් මෙන් කෙළෙමි. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ට භය නොවන්න, ඔවුන්ගේ රවාබැල්මට නොකැලඹෙන්නැයි මට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්