ඔබ පීඩිත සෙනඟ ගළවන සේක. එහෙත්, උඩඟු වූවන් පහත් කරන පිණිස ඔබේ ඇස් ඔවුන් දෙස යොමා තිබේ.
යෙසායා 2:11 - Sinhala New Revised Version 2018 මිනිසාගේ අහංකාරය බිඳී යන, අභිමානය සිඳී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක. Sinhala New Revised Version මිනිසාගේ අහංකාරය බිඳී යන, අභිමානය සිඳී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක. Sinhala Revised Old Version මනුෂ්‍යයාගේ උඩඟු ඇස් පහත්කරනු ලබන්නේය, මනුෂ්‍යයන්ගේ උඩඟුකමද යටත්කරනු ලබන්නේය, ඒ දවසේ ස්වාමීන්වහන්සේ පමණක් උසස්කරනු ලබන්නේය. |
ඔබ පීඩිත සෙනඟ ගළවන සේක. එහෙත්, උඩඟු වූවන් පහත් කරන පිණිස ඔබේ ඇස් ඔවුන් දෙස යොමා තිබේ.
නිශ්චල වන්න; මා දෙවිඳුන් බව සිතට ගන්න; මුළු දෙරණට අග රජ බව, සව් සත හට අග රජ බව වටහාගන්න;
එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සියොන් කන්දෙහි හා ජෙරුසලමෙහි මා කරන දේ නිම කළ පසු අසිරියාවේ රජුගේ පාරට්ටුවත්, අහංකාරයත් නිසා මම ඔහුට දඬුවම් කරමි.”
ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝ ය: “සමිඳුනි, ඔබට මම ප්‍රශංසා කරමි. මා කෙරෙහි ඔබ උදහස් ව සිටි නමුත්, දැන් ඒ උදහස නිවී ගොස් ඇත. ඔබ මට සැනසීම දී ඇත.
ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝ ය: “සමිඳුන්ට තුති පුදන්න; එතුමන්ගේ නම පවසා අයැදින්න. එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න. එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න.
මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම් නිසාත්, දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම් නිසාත් දඬුවම් කරමි. උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලහත්කාරකම් කරන්නන්ගේ ආඩම්බරය පහකරන්නෙමි.
ඒ දවස පැමිණි විට මිනිසාගේ අහංකාරය බිඳී යන්නේ ය; අභිමානය සිඳී යන්නේ ය; සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක.
ඔවුන් කළ දේ නිසා ඔවුන්ගේ අහංකාරය නැත්තටම නැති කරන පිණිසත්, ගරුබුහුමන් ලත් සෙනඟ නින්දාවට පමුණුවන පිණිසත් මෙසේ යෝජනා කෙළේ සව් බලැති සමිඳාණෝ ය.
උඩ සිටින, ඉහළ අහසේ බල මණ්ඩලවලටත්, පොළොවේ සිටින පාලකයන්ටත්, සමිඳුන් දඬුවම් කරන කාලයක් පැමිණෙන්නේ ය.
එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. “බලන්න, මේ අපේ දෙවියන් වහන්සේ ය; උන් වහන්සේ අප ගළවා ගන්න සේකැ යි බලාපොරොත්තුවෙන් සිටියෙමු. උන් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ අප ගළවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු.”
ජුදා දේශයෙහි සෙනඟ මේ ගීය ගයන කාලයක් පැමිණෙන්නේ ය. අපට බලවත් නුවරක් ඇත. කොටු පවුරු බැඳ අප රැකගන්නේ දෙවිඳාණෝ ම ය.
සව් බලැති සමිඳුන් ඉතිරි ව සිටින තමන්ගේ සෙනඟට තේජාලංකාර මල් කිරුළක් ද දීප්තිමත් කිරීටයක් ද මෙන් වන කාලයක් පැමිණෙන්නේ ය.
ඒ දවස පැමිණි විට පොතකින් කියවන විට බිහිරන්ට ඇසෙනු ඇත. අඳුරෙහි ජීවත් වූ අන්ධයින්ට ඇස් පෙනීම ලැබෙනු ඇත.
සමිඳාණෝ නුඹලාට කරුණාව පාන්නට බලා සිටින සේක. එතුමාණෝ සෑම වේලේ ම හරි දේ කරන බැවින් නුඹලාට දයාව දක්වන්න සූදානම් ව සිටින සේක. එතුමන් අදහන්නෝ භාග්‍යවන්තයෝ ය.
ඔබ බීජ වැපුරූ කල ඒවා වැඩෙන පිණිස සමිඳාණන් වහන්සේ වර්ෂාව එවන සේක. උන් වහන්සේ ඔබට සාරවත් මහා අස්වැන්නක් දෙන සේක. ඔබේ ගවයන්ට ගොදුරු පිණිස විශාල තණ බිම් ඇති වන්නේ ය.
නුඹ නින්දා කෙළේත්, අපහාස කෙළේත් කවරෙකුට ද කියා නුඹ සිතන්නෙහි ද? නුඹ නින්දා අපහාස කෙළේ වෙන කිසිවෙකුට නොව, ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් වන මට ය.
ඒ කාලයේ දී, ස්ත්‍රීන් හත්දෙනෙක් එක මිනිසෙකු අල්ලාගෙන, “තනිව සිටීමේ නින්දාව පහ කරගන්න පිණිස නුඹ අපේ ස්වාමි පුරුෂයා යයි කියන්න අපට ඉඩ දුන මැනව; අපේ කෑම බීම හා ඇඳුම්පැළඳුම් අපට ම සපයාගත හැකි යැ”යි කියන්නෝ ය.
එබැවින්, මාගේ සෙනඟ මාගේ නාමය දැනගනු ඇත. ඒ දවසේ දී කතා කරන්නේ මා බවත්, මා දෙවියන් වහන්සේ බවත් ඔවුන් දැනගනු ඇත.”
මා තෝරාගත් සෙනඟ වනාහි සතුරු ගිජු පක්ෂීන්ගෙන් වට වූ උකුස්සෙකු වැන්න. වනයේ සියලු සතුනි, ගොදුරට රැස් වන්න.
පාරට්ටු කරගන්නට යමෙක් කැමැති නම්, ඔහු, මා දැනහැඳිනීම ගැන පාරට්ටු කරගනී වා. මන්ද, පොළොව කරුණාවෙන් ද යුක්තියෙන් ද දමිටුකමෙන් ද පාලනය කරන සමිඳාණන් වහන්සේ මා බව ඔව්හු දැනගනිත් වා! මන්ද, මා ප්‍රිය කරන දේ මේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ගොග් රජුට කියන්න. ‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල් සෙනඟ සුරැකි ව වාසය කරන කාලයේ දී නුඹ ඉදිරියට යන්නෙහි ය.
මන්ද, මාගේ උදහසින් ද මාගේ කෝපාග්නියෙන් ද මෙසේ කියමි. සැබැවින් ම ඒ කාලයේ දී ඉශ්රායෙල් රටෙහි මහා කම්පාවක් ඇති වන්නේ ය.
“තවද, ඒ කාලයේ දී මම මිනී වැළලීමට ඉශ්රායෙල් දේශයෙන් ඉඩමක් ගොග්ට දෙන්නෙමි. එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන සංචාරකයන්ගේ මිටියාවත ය. එය එහි ගමන් කරන්නන් වළක්වනු ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහය වළලනු ලැබ, ඊට ගොග්සමූහ-මිටියාවත යන අරුත ඇති හාමොන්ගොග් යයි නම් තබනු ලැබේ.
ඉශ්රායෙල් සෙනඟ ද මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඒ දවසේ පටන් සදහට ම දැනගන සිටිනු ඇත.
සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: “එවිට ඈ තවත් මට ‘මාගේ බාල් දෙවියා’ කියා නොකියා, ‘මාගේ සැමියා’ කියා මා අමතන්නී ය.
එවිට මම ඉශ්රායෙල් සෙනඟ වෙනුවෙන් වන සතුන් ද අහසේ පක්ෂීන් ද බිම බඩගා යන සතුන් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. මම දුන්න ද කඩුව ද යුද අවි ද දේශයෙන් පහකර දමා, මාගේ සෙනඟ සුව සේ විසීමට සලස්වන්නෙමි.
ඒ කාලයේ දී මම මාගේ සෙනඟගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. මම අහසින් පොළොවට වැසි වස්වන්නෙමි.
ඒ කාලයේ දී, කඳුවලින් මිදියුස වෑස්සෙනු ඇත; හෙල්වලින් කිරි ගලා යනු ඇත. ජුදාහි සියලු ඇල දොළවල වතුර පිරෙනු ඇත. සමිඳුන්ගේ මාලිගාවෙන් උල්පත් නික්ම ෂිට්ටිම් මිටියාවතට වතුර දෙනු ඇත.
“ඒ දවසේ දී, ගරාවැටුණු ගෙයක් වැනි දාවිත් රජුගේ වංශය මම යළි පුනරුත්ථාපනය කරන්නෙමි. එහි බිත්තිවල ඇති කපොලු අහුරා, නටබුන් ප්‍රතිසංස්කරණය කර පෙර තිබුණු තත්ත්වයට පමුණුවන්නෙමි.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම ඒදොමෙන් පැණවතුන් ද ඒසව්ගේ කඳුකරයෙන් ඥානය ද නැති නොකරම් ද?
ඒ නිසා සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා පිට එවැනි විපත්ති පමුණුවන්නට යෝජනා කරන්නේ මම ය. නුඹලාට බේරෙන්න නොහැකි වන්නේ ය. නුඹලාට උඩඟුකමින් හැසිරෙන්න නොහැකි වන්නේ ය. මන්ද, එය නුඹලාට නපුරු කාලයක් වනු ඇත.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවසේ දී නැති වූ අය එක්රැස් කර විප්‍රවාසගත වූ අය ද මා දඬුවම් කළ අය ද මම නැවත එකතු කරන්නෙමි.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම නුඹලාගේ අශ්වයන් පහකොට නුඹලාගේ රථ විනාශ කරන්නෙමි.
ඒ කාලයේ දී, මාගේ සෙනඟ වන නුඹලා මට විරුද්ධ ව කළ ද්‍රෝහි ක්‍රියා නිසා ලජ්ජාවට පත් නොවන්නහු ය. මන්ද, අහංකාරි, අභිමානවත් සියලු දෙනා මම නුඹලා අතරෙන් පහ කරන්නෙමි. ඉන්පසු නුඹලා කිසි කලෙක මාගේ ශුද්ධ කන්දෙහි කැරලි නොගසන්නහු ය.
ඒ දවස පැමිණි විට, එඬේරෙකු සිය රැළ ආරක්ෂා කරන ලෙස උන් වහන්සේ තමන්ගේ සෙනඟ ආරක්ෂා කරන සේක. ඔටුන්නක ඇති මැණික් මෙන් උන් වහන්සේගේ දේශයේ ඔව්හු බබළන්නෝ ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.
මෙය මම ඔබට කියමි; දමිටු යයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව, මේ අයකැමියා ය. තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය.”
“යමෙක් පාරට්ටු කිරීමට කැමැති නම්, සමිඳාණන් වහන්සේ ගැන පාරට්ටු කරාවා”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි,
බොරු තර්ක හා දෙවියන් වහන්සේ පිළිබඳ ව දැනගැන්මට විරුද්ධ ව නැඟුණු හැම උස් පවුරක් ම බිඳ හෙළමු. තවද, අපි සැම සිතුවිල්ලක් ම වහල් කොටගෙන, එය ක්‍රිස්තුන් වහන්සේ යටතේ කීකරුකමට පත් කරමු.
මෙය සිදු වන්නේ උන් වහන්සේ සියලු සැදැහැවතුන්ගෙන් මහිමයත්, සියලු ඇදහිලිවතුන්ගෙන් ගෞරවයත් ලැබීමට පැමිණෙන ඒ දවසේ දී ය. අප ඔබ වෙත ගෙන ආ පණිවුඩය ඔබ ඇදහූ බැවින් ඔබත් ඒ ගණයට ඇතුළත් ය.
තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.