Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 9:11 - Sinhala New Revised Version 2018

11 “ඒ දවසේ දී, ගරාවැටුණු ගෙයක් වැනි දාවිත් රජුගේ වංශය මම යළි පුනරුත්ථාපනය කරන්නෙමි. එහි බිත්තිවල ඇති කපොලු අහුරා, නටබුන් ප්‍රතිසංස්කරණය කර පෙර තිබුණු තත්ත්වයට පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 “ඒ දවසේ දී, ගරාවැටුණු ගෙයක් වැනි දාවිත් රජුගේ වංශය මම යළි පුනරුත්ථාපනය කරන්නෙමි. එහි බිත්තිවල ඇති කපොලු අහුරා, නටබුන් ප්‍රතිසංස්කරණය කර පෙර තිබුණු තත්ත්වයට පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඒදොමෙන් ඉතිරිවූ කොට්ඨාසයද මාගේ නාමය දරන සියලු ජාතීන්ද ඔවුන් විසින් හිමිකරගන්න පිණිස,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 9:11
37 හුවමාරු යොමු  

එවිට දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු රජ වී අවංක ලෙස ද ප්‍රේමයෙන් ද ආණ්ඩු කරනු ඇත; හරි දේ කිරීමටත්, යුක්තිය ඉටු කිරීමටත් යුහුසුලු වනු ඇත.”


මඟ යන එන සියල්ලන් එහි පල නෙළනු පිණිස එහි වැට කඩුලු වනසාලූයේ කුමක් නිසා ද?


එහෙත්, ඔව්හු සමිඳුන්ගේ සේවක මෝසෙස් සිටි අතීත කාලය සිහි කර මෙසේ ප්‍රශ්න කළහ. එතුමන්ගේ සෙනඟගේ නායකයන් මුහුදෙන් ගළවාගත් සමිඳාණෝ දැන් කොහේ ද? තමන්ගේ ශුද්ධ ආත්මානුභාවය ඔහුට දුන් තැනැන් වහන්සේ කොහේ ද?


ඉන්පසු ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ද දාවිත් නම් තමන්ගේ රජු ද සොයා එන්නෝ ය. මතු කාලයේ දී ඔව්හු ගරුබිය ඇති ව සමිඳාණන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ යහපත් දීමනා ලබන්නෝ ය.


නුඹලාගෙන් රැකෙන මිනිසුන් ද තිරිසනුන් ද වැඩි වර්ධනය කරන්නෙමි. ඔව්හු වැඩි වී බෝවෙති. අතීතයේ දී මෙන් නුඹලාගේ නගර ජනාකීර්ණ කර පෙර කාලවලට වඩා මම නුඹලා සමෘද්ධිමත් කරන්නෙමි. එවිට නුඹලා ද මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.


එවිට, ස්වාමීන් වන මා උස් ගහ පහත් කළ බවත්, මිටි ගහ උස් කළ බවත්, සරු ගහ වියළි කළ බවත්, වියළි ගහ සරුකර ඇති බවත් දේශයේ සියලු ගස් දැනගනු ඇත. ස්වාමීන් වන මම මෙසේ වදාළෙමි; වදාළ ලෙස ම කරමි.”


සමිඳුනි, අප ඔබ වෙත හරවාගත මැනව. අපේ පෙර වූ තේජස අපට යළි දුන මැනව.


ඔවුන්ගේ ප්‍රාණ හානි කරන්නට සොයන්නන් අතටත්, බබිලෝනියේ නෙබුකද්නෙශර් අතටත්, ඔහුගේ සේවකයන් අතටත් ඔවුන් පාවා දෙන්නෙමි. එහෙත්, ඉන්පසු පෙර කාලයේ මෙන් ජනයා මිසරයෙහි ජීවත් වනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


මෙන්න, මාගේ මිදි වත්තට කරන්න යන දේ මම නුඹලාට කියමි. මම එහි වටේට ඇති වැට ඉවත්කර, ආරක්ෂා පිණිස ඇති තාප්පය බිඳදමා, වන මෘගයන්ට මිදි වත්ත පාගා කා දමන්න ඉඩ හරින්නෙමි.


ඔබ ඔහු ද ඔහුගේ පවුල ද සතු සකල සම්පත් වටා පවුරු බැඳ රැකවරණය දී නැද් ද? ඔහුගේ හැම වැඩ කටයුතුවලට ඔබ ආශිර්වාද කොට ඇත. එබැවින් දේශය මුළුල්ලෙහි ඔහුගේ සම්පත් අති විශාල ය.


සරුසාර ප්‍රදේශවලින් වට වී, කාන්තාරයක හුදකලා ව සිටින, ඔබේ උරුමය වන ඔබේ රැළට එඬේරෙකුගේ කෙවිටෙන් මෙන් මඟ පෙන්නුව මැනව. පෙර කාලයේ දී මෙන් බාෂාන්හි ද ගිලියද්හි ද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩ දුන මැනව.


“එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”


ඒ වෙනුවට ඔවුන් තමන්ගේ දෙවි ස්වාමීන් වන මට ද ඔවුන්ගේ රජු වශයෙන් මා ඔවුන්ට දෙන දාවිත්ට ද සේවය කරනු ඇත.


යටගිය දවස් මම සිහි කරමි; ඔබේ සියලු ක්‍රියා ගැන භාවනා කරමි; ඔබ කළ දේ ගැන මෙනෙහි කරමි.


ඔබ ඔහුගේ පවුරු සියල්ල බිඳදැමූ සේක; ඔහුගේ බලකොටු නටබුන් කළ සේක.


ඒදොම් පරාජිත රටක් වේ; සේයිර් ද පරාජිත රටක් වේ; ඉශ්රායෙල් රට ජයග්‍රාහී වනු ඇත.


නුඹලාගේ බොහෝ කලක සිට පැවත එන නටබුන් ව තිබුණු තැන් ගොඩනඟනු ලබන්නේ ය. පැරණි අත්තිවාරම් පිට ගොඩනැඟිලි නැවත ඉදි කරනු ලබන්නේ ය. කැඩුම්බිඳුම් සෑදූ, වාසය පිණිස නටබුන් නැවත අලුත්වැඩියා කළ අය වශයෙන් නුඹලා හඳුන්වනු ලබන්නහු ය.”


ජුදාගේ වංශයට අයත් ඉශ්රායෙල්වරුන් මම කැඳවන්නෙමි. ඔවුන්ගේ පරම්පරාව මාගේ දේශයත්, කඳුත් උරුම කරගන්නෝ ය. මට සේවය කරන්නන් එහි වාසය කරනු ඇත.


එමෙන් ම, යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන ‘මම එය ගොඩනඟා වර්ධනය කරන්නෙමි’යි කී කල,


“කෙසේ වෙතත්, සියොන් කන්දේ සිටින සමහර දෙනෙකු බේරෙනු ඇත. එය ශුද්ධස්ථානයක් වන්නේ ය. ජාකොබ්ගේ වංශය තමන්ගේ උරුමය වන දේශය අයිති කරගන්නේ ය.


මාගේ සතුරෙනි, මාගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. මම වැටී සිටින නමුත් නැවත නැඟිටින්නෙමි. මා දැන් අඳුරෙහි සිටින නමුත් සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය වන සේක.


ජෙරුසලම් වැසියෙනි, ඔබේ පවුරු ගොඩනඟන කාලයක් පැමිණෙන්නේ ය. ඒ කාලයේ දී ඔබේ සීමාවන් පළල් කරනු ලබනවා ඇත.


‘සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි ඔහුට කියන්න. ‘පැළෑටිය’ කියා නම් කරන ලද තැනැත්තා මොහු ය. ඔහු මේ ස්ථානයේ වර්ධනය වී සමිඳාණන් වහන්සේගේ මාලිගාව නැවත ගොඩනඟන්නේ ය.


“දාවිත්ගේ වංශයට හිමි මහිමය ද ජෙරුසලමේ වැසියන්ට ලැබෙන මහිමය ද ජුදාහි සෙසු කොටසට වඩා උසස් නොවන පිණිස මම පළමුකොට ජුදාවට ජය අත් පත් කර දෙන්නෙමි.


උතුරේ ගෙබා සිට දකුණේ රිම්මොන් දක්වා ඇති ජෙරුසලම අවට මුළු දේශය සමතලා කරනු ලබන්නේ ය. ජෙරුසලම ඒ අවට ප්‍රදේශයට ඉහළින් උස් ව තිබෙන්නේ ය. ‘බෙන්ජමින් දොරටුව’ සිට කලින් දොරටුවක් තිබුණු ‘කොනේ දොරටුව’ දක්වා ද ‘හනනෙල් කොත’ සිට රජුගේ මුද්‍රික තටාකය දක්වා ද නුවර පැතිර පවතින්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්