Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 30:23 - Sinhala New Revised Version 2018

23 ඔබ බීජ වැපුරූ කල ඒවා වැඩෙන පිණිස සමිඳාණන් වහන්සේ වර්ෂාව එවන සේක. උන් වහන්සේ ඔබට සාරවත් මහා අස්වැන්නක් දෙන සේක. ඔබේ ගවයන්ට ගොදුරු පිණිස විශාල තණ බිම් ඇති වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔබ බීජ වැපුරූ කල ඒවා වැඩෙන පිණිස සමිඳාණන් වහන්සේ වර්ෂාව එවන සේක. උන් වහන්සේ ඔබට සාරවත් මහා අස්වැන්නක් දෙන සේක. ඔබේ ගවයන්ට ගොදුරු පිණිස විශාල තණ බිම් ඇති වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 උන්වහන්සේද නුඹ පොළොවෙහි වපුරන නුඹේ බීජවලට වර්ෂාවද බිමේ අස්වැන්නෙන් කෑමද දෙනසේක, එය සාරවත්ව වර්ධනයවන්නේය. ඒ දවසෙහි නුඹේ සිව්පාවෝ විශාල ගොදුරු බිම්වල තෘණ කන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 30:23
33 හුවමාරු යොමු  

වැපිරීම සඳහා බොහෝ සේ වතුර ද ගවයන්ට හා කොටළුවන්ට නිදහසේ කෑමට සෑම තැන ම තණ බිම් ද ඇති වන නිසා නුඹලා වාසනාවන්තයෝ ය.


මන්ද, ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන්නේ මඳ ප්‍රයෝජනයකි. එහෙත් දේව භක්තික ව්‍යායාම හැම අතින් ම ප්‍රයෝජනවත් වේ. කුමක් හෙයින් ද යත්, එය මෙලොව ජීවිතයටත් මතු ජීවිතයටත් බලාපොරොත්තු ඇති කරන හෙයිනි.


මාගේ මාලිගාවේ භෝජන තිබෙන පිණිස නුඹලා සම්පූර්ණ දසයෙන් කොටස ගබඩාවට ගෙනෙන්න. එසේ කළ විට ස්වර්ගයේ කවුළු හැර බහුල ලෙස මම නුඹලාට ආශීර්වාද නොදෙන්නෙම් දැ යි සෝදිසි කර බලන්න.


වසන්ත කාලයට වර්ෂාව එවන ලෙස සමිඳාණන් වහන්සේගෙන් අයැදින්න. සියලු දෙනා සඳහා කුඹුරු සාරවත් කරමින් වැසි වලාකුළු ද වර්ෂාව ද එවන්නේ සමිඳාණන් වහන්සේ ය.


මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.


ඔව්හු ඔබේ මැදුරෙහි සව්සිරි සැපතින් මොනවට සතුටු වෙති; ගලා යන ඔබේ ප්‍රීති ගංගාවෙන් ඔබ ඔවුන්ට බොන්න දෙන සේක.


එවිට පුදුමයකි! බලන්න ලස්සන තරබාරු, එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත් බට ගස් අතරෙහි තණ කන්නට වූ හ.


එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.


එහෙත්, මාගේ නාමයට ගරුබිය දක්වමින්, ජීවත්වන නුඹලාට ධර්මිෂ්ඨකම නමැති සූර්යයා සිය රැස්වල සුවසහනය ඇති ව උදාවන්නේ ය. ගාලෙන් පිට වී දුව පැන යන වහු පැටවුන් මෙන් නුඹලා ප්‍රීති වන්නහු ය.


වැසි වස්වන්නට හැකි කෙනෙක් විජාතීන්ගේ බොරු දෙවිවරුන් අතරේ සිටිත් ද? වැහිවලා දෙන්නට අහසට පුළුවන් ද? නොහැකි ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ නොවන සේක් ද? මේ දේ කළ හැක්කේ ඔබට පමණක් බැවින් අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු ව සිටිමු.”


එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”


සමිඳාණන් වහන්සේගේ අංකුරය අලංකාර ව හා සරුසාර ව වැඩෙන කාලයක් පැමිණෙන්නේ ය. ඉශ්රායෙල්හි ඉතිරි ව සිටින සෙනඟ භූමියෙන් හටගන්න අස්වැන්න ගැන ආඩම්බර වෙති. ප්‍රීති වෙති.


හොඳ එළදෙනුන් හත්දෙන අවුරුදු හතකි; හොඳ කරල් හත ද අවුරුදු හතකි; සිහිනය එක ම යි.


ඉශ්රායෙල් සෙනඟ කුළු මීහරකෙකු මෙන් මුරණ්ඩු ය. ඒ නිසා තණ පිට්ටනියක බැටළු පොව්වකු මෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් පෝෂණය කරන්නේ කෙසේ ද?


සමෘද්ධිමත් වූ අවුරුදු හත තුළ භූමිය ද සුවිශාල අස්වැන්නක් නිපදවිය.


ඒ කාලය පැමිණි විට අසිරියාවේ බලයෙන් මම නුඹලා නිදහස් කරන්නෙමි. නුඹලාගේ කාය බලය නිසා අසිරියාවේ වියගහ ඉන්පසු නුඹලාගේ කරට බරක් නොවන්නේ ය.”


ඔව්හු ගෙවල් ගොඩනඟාගෙන එහි වාසය කරන්නෝ ය. මිදි වතු වවාගෙන එහි පලදාව කන්නෝ ය.


දේශය ද පලදාව උපදවන විට නුඹලාට කන්නට උවමනා සෑම දේ දෙන්නේ ය. නුඹලා එහි සුරැකි ව වසන්නහු ය.


“මාගේ නීතිවලට කීකරු වී, මාගේ ආඥා පිළිපැද්දොත්,


කමතේ ගොයම් පෑගීම මිදි පල නෙළන කාලය දක්වා ද මිදි පල නෙළන කාලය ධාන්‍ය වපුරන කාලය දක්වා ද දික්වනු ඇත. නුඹලාට කෑමට උවමනා තරම් ආහාර ලැබෙනු ඇත. නුඹලා ද සුරැකි ව නුඹලාගේ දේශයෙහි වසන්නහු ය.


ඔබේ දේශයට නියම කාලය වන සරත් කාලයේ දී සහ වසන්තයේ දී වැසි වස්වනු ඇත. එවිට ඔබට ඔබේ ධනධාන්‍ය ද මිදිපල ද තෙල් ද එකතු කරගත හැකි ය.


අපේ දෙවිඳාණෝ අපට ආසිරි වස්වන සේක් වා! පොළෝ වැසි සියල්ලෝ එතුමාණන්ට ගරු කරත් වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්