ගීතාවලිය 10:7 - Sinhala New Revised Version 2018 සාපයෙන්, රැවටිල්ලෙන්, සැහැසිකමෙන් ඔහුගේ මුව පිරී තිබේ. නපුර සමඟ අයුක්තිය ඔහුගේ දිවග ලෙල දෙයි. Sinhala New Revised Version සාපයෙන්, රැවටිල්ලෙන්, සැහැසිකමෙන් ඔහුගේ මුව පිරී තිබේ. නපුර සමඟ අයුක්තිය ඔහුගේ දිවග ලෙල දෙයි. Sinhala Revised Old Version ඔහුගේ මුඛය ශාපයෙන්ද රැවටිල්ල හා බලාත්කාරයෙන්ද පිරී තිබේ. ඔහුගේ දිව යට නපුරුකම හා අයුතුකම ඇත. |
විදේශීන්ගේ අතින් මා බේරා මුදාගත මැනව. ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ බොරු ය; ඔවුන් දිවුරුම් දී ඇතත් කියන්නේ බොරු ම ය.
මා බලන්න එන අය අවංක නැත. ඔවුහු මා ගැන කිව හැකි නපුරු දේ රැස් කරගනිති; පිටත ගොස් හැම තැන ම ඒවා පළ කරති.
මා සතුරන් පවසන දේ විශ්වාස කළ නොහැකි ය. ඔවුන්ගේ සිත දැඩි දුෂ්ටකමින් පිරී ඇත්තේ ය. ඔවුන්ගේ උගුර අමු සොහොනක් වැනි ය. ඔව්හු දිවෙන් ඉච්ඡා බස් දොඩන්නෝ ය.
බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්, ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය; ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය. එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.
ඔවුන්ගේ මුවින් පිට වන පාපී බස් හා තොල්වලින් පවසන පුරසාරම් නිසා ඔව්හු වරදට අසු වෙත් වා! උඩඟුවෙන් වැනසෙත් වා!
ඔබ කෝපාග්නියෙන් ඔවුන් වනසත් වා! සහමුලින් ම ඔවුන් වනසත් වා! එවිට ඉශ්රායෙල් දේශයේ සිට පොළොවේ සීමාන්තය දක්වා දෙවිඳුන් පාලනය කරන බව ඔව්හු දැනගන්නෝ ය.
උසස්කමෙන් ඔහු නෙරපාදැමීමට ඔව්හු උපා යොදති; බොරු කීමට ප්‍රිය වෙති; මුවින් ආසිරි පතන නමුත්, සිතින් සාප කරති.
එසේ වුව ද, නපුරු දනෝ නපුරුකම පිළිසිඳගනිති, අයුතුකම ගැබ් ගෙන සිටිති, මුසාවාදය ප්‍රසූත කරති.
ඔව්හු අන් අයට සිනාසෙන්නෝ ය; නපුරු දේ ගැන කතා කරන්නෝ ය; අහංකාරයෙන් ඉදිමී අන් අයට පීඩා කිරීමට සිතන්නෝ ය.
වංචාවෙන් පොහොසත් වන මිනිසාගේ වස්තුව මීදුමක් මෙන් පහ ව යයි, ඔහු මරණයේ මලපත්වල ද පැටලේ.
වංචාවත් මුසාවත් මා කෙරෙන් දුරු කළ මැනව. මට දිළිඳුකම වත් පොහොසත්කම වත් නුදුන මැනව. මට වුවමනා පමණට ආහාර දුන මැනව.
යුක්ති සහගත නඩු කියන, අවංක සිතින් උසාවියට යන කෙනෙක් නැත. ඔව්හු නිරර්ථක පැමිණිලි විශ්වාස කොට බොරු කියන්නෝ ය. නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහි කරන්නෝ ය. පොළොං බිජු රකින සේ,
සත්‍යය වෙනුවට, දේශය පුරා වේගයෙන් පැතිර යන බොරුවට ඔවුන්ගේ දිව් දුන්නක් මෙන් නැමී යයි. සමිඳාණන් වහන්සේ කතා කොට, “ඔව්හු නපුර පිට නපුර කර මා නොහඳුනති”යි වදාරන සේක.
ඔව්හු අපරාධය පිට අපරාධය ද වංචාව පිට වංචාව ද කරති. “මාගේ සෙනඟ මා නොපිළිගනිති”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
එම්බා පොළොං වංශය; නපුරු ඔබ, යහපත් දෙයක් කියන්නේ කෙසේ ද? මන්ද සිතින් උතුරා යන දෙය කටින් පිට වේ.