Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 140:3 - Sinhala New Revised Version 2018

3 ඔවුන්ගේ දිව විසකුරු සපුන්ගේ දළ මෙන් තියුණු ය. ඔවුන්ගේ වචන පොළොං විස වැන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔවුන්ගේ දිව විසකුරු සපුන්ගේ දළ මෙන් තියුණු ය. ඔවුන්ගේ වචන පොළොං විස වැන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඔව්හු සර්පයෙකු මෙන් තමුන්ගේ දිව තියුණුකළෝය, ඔවුන්ගේ තොල් යට පොළොං විෂ ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 140:3
18 හුවමාරු යොමු  

එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, “නුඹ මෙය කෙළේ මන්දැ”යි ඇසූ සේක. “සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි”යි ඈ පිළිතුරු දුන්නා ය.


මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි. උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න; උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.


ඔවුන්ගේ වස විස සර්ප විස මෙන් වන්නේ ය. ඔව්හු කන් බිහිරි කරගත් පොළඟුන් වැනි ය.


ඔව්හු බෙරිහන් දෙමින් තියුණු කඩුපත් වැනි කටුක වචන කියති; “ඒවා ඇසෙන කිසිවෙක් නැතැ”යි ඔව්හු සිතති.


කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.


අන්තිමේ දී එය, නයෙකු මෙන් සපා කයි; පොළඟෙකු මෙන් දෂ්ට කරයි.


ඔහුගේ සිත සටකපට ව ඇත, ඔහු නිතර ම නපුරට කුමන්ත්‍රණය කොට, වාද භේද පතුරුවාලයි.


අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.


සත්‍යය වෙනුවට, දේශය පුරා වේගයෙන් පැතිර යන බොරුවට ඔවුන්ගේ දිව් දුන්නක් මෙන් නැමී යයි. සමිඳාණන් වහන්සේ කතා කොට, “ඔව්හු නපුර පිට නපුර කර මා නොහඳුනති”යි වදාරන සේක.


ඔවුන් එකිනෙකා තම තමාගේ අසල්වැසියා රවටනු ඇත. කිසිවෙක් ඇත්ත කතා නොකරති. බොරු කීමට ඔව්හු පුරුදු වී සිටිති; ඔව්හු අපරාධ කරති. එහෙත්, පසුතැවී සිත් හරවා ගැනීමට නොවෙහෙසෙති.


මට විරුද්ධ ව නඟන වචන ද දවස මුළුල්ලේ මට විරුද්ධ ව යොදන ඔවුන්ගේ උපායයන් ද ඔබ ඇසූ සේක.


එම්බා පොළොං වංශය; නපුරු ඔබ, යහපත් දෙයක් කියන්නේ කෙසේ ද? මන්ද සිතින් උතුරා යන දෙය කටින් පිට වේ.


එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්