ඉදින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක්මෙන් නුඹ මාගේ පනත්ද ආඥාද රක්ෂාකරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහිනම් නුඹේ දවස්ද වැඩිකරන්නෙමියි ඔහුට කීසේක.
හිතෝපදේශ 3:2 - Sinhala Revised Old Version මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය. Sinhala New Revised Version එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය; චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය: සව් සිරින් වැඩිවන්නෙහි ය. Sinhala New Revised Version 2018 එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය; චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය: සව් සිරින් වැඩිවන්නෙහි ය. |
ඉදින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක්මෙන් නුඹ මාගේ පනත්ද ආඥාද රක්ෂාකරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහිනම් නුඹේ දවස්ද වැඩිකරන්නෙමියි ඔහුට කීසේක.
ගොයම් මිටියක් නියම කාලයේදී ගෙනයනු ලබන්නාක්මෙන් නුඹ වයසින් පූර්ණව සොහොනට පැමිණෙන්නෙහිය.
ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.
ඔහු මට උගන්වමින් මෙසේ කීයේය: ඒ මාගේ වචන නුඹේ සිතේ තබාගන්න; මාගේ ආඥා රක්ෂාකොට ජීවත්වන්න.
ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය.
මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.
ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.
එබැවින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ ලෙස කරන්ට බලාගන්න. දකුණටවත් වමටවත් නොහැරෙන්න.
මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.