Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 11:21 - Sinhala Revised Old Version

21 ඒවා නුඹේ ගෙයි උළුවහුද නුඹේ දොරවල්ද පිට ලියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එසේ කළොත්, සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට පොරොන්දු වූ දේශයෙහි ඔබේ ආයු කාලයත් ඔබේ දරුදැරියන්ගේ ආයු කාලයත් මිහි පිට ඉර හඳ පවතින තාක් දික් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එසේ කළොත්, සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට පොරොන්දු වූ දේශයෙහි ඔබේ ආයු කාලයත් ඔබේ දරුදැරියන්ගේ ආයු කාලයත් මිහි පිට ඉර හඳ පවතින තාක් දික් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 11:21
13 හුවමාරු යොමු  

මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිළිගන්න; එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය.


මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.


මක්නිසාද මා කරණකොටගෙන නුඹේ දවස් වැඩිවෙයි, ජීවිතයේ අවුරුදුද නුඹට එකතුකරනු ලැබේ.


ඔව්හු හිර සඳ පවතිනා තෙක් සියලු පරම්පරාවල ඔබට භය වන්නෝය.


නුඹටත් නුඹෙන් පසු නුඹේ දරුවන්ටත් ශුභසිද්ධවන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සදාකාලයටම නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් වැඩිකරගන්නා පිණිසද අද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ පනත් සහ ආඥා පවත්වන්නැයි කීවේය.


පළමුවෙනි නැවත-නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය, ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවෙනි මරණයට බලය නැත්තේය; ඔව්හු දෙවියන්වහන්සේගෙත් ක්‍රිස්තුස්වහන්සේගෙත් පූජකයෝව, උන්වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම්කරන්නෝය.


දවස් ගණනක ළදරුවෙක්වත් වයස් නොපිරුණු මහල්ලෙක්වත් එතනින් තවත් තුරන්දු නොවී, බාල දරුවා අවුරුදු සියයක් වයස්ව නසිනවා ඇත. නුමුත් අවුරුදු සියයක් වයස්වූ පව්කාරයා ශාප ලබනවා ඇත.


ඇගේ දකුණතෙහි දීර්ඝායුසද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝවන පිණිසද නුඹට ශුභසිද්ධ වන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ලෙස නුඹේ පියාටද නුඹේ මවුටද ගෞරව කරව.


නුඹලා හිමි කරගන්ට එතරව යන්නාවූ දේශයේදී පැවැත්වීමට නුඹලාට උගන්වන හැටියට මට අණකළ ආඥාවද පනත්ද විනිශ්චයවල්ද මේවාය.


නුඹලාගේ පියවරුන්ටත් ඔවුන්ගේ වංශයටත් දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළාවූ කිරි හා මීපැණි ගලායන්නාවූ දේශය මතුපිට නුඹලාගේ දවස් වැඩිකර ගන්නා පිණිසද මා විසින් අද නුඹලාට අණකරන මුළු ආඥාව පවත්වන්න.


ඔහුගේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව අත්හැර, මාගේ විනිශ්චයවල නොහැසිරෙත් නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්