ස්වාමීන්වහන්සේ: නුඹේ සහෝදරවූ ආබෙල් කොහේදැයි කායින්ට කීසේක. ඔහුද: මම නොදනිමි; මම මාගේ සහෝදරයාගේ රැකවලාදැයි කීය.
හිතෝපදේශ 28:13 - Sinhala Revised Old Version තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ. Sinhala New Revised Version තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි; වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි. Sinhala New Revised Version 2018 තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි; වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි. |
ස්වාමීන්වහන්සේ: නුඹේ සහෝදරවූ ආබෙල් කොහේදැයි කායින්ට කීසේක. ඔහුද: මම නොදනිමි; මම මාගේ සහෝදරයාගේ රැකවලාදැයි කීය.
එවිට දාවිත්: මම ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමියි නාතාන්ට කීය. නාතාන්ද: ස්වාමීන්වහන්සේ නුඹේ පාපය පහකළසේක, නුඹ නොනස්නෙහිය.
අබ්සලොම්ද යෝවාබ්ට කථාකොට: මම ගෙෂූර් සිට කුමට ආයෙම්ද? මේ වනතුරුත් එහි සිටියෙම්නම් මට හොඳය කියා කියන්ට නුඹ රජු වෙතට යවන පිණිස, මෙහි එන්න කියා නුඹට කියා එවුවෙමි. ඉතින් මට රජුගේ මුහුණ දකින්ට ලැබේවා; මා තුළ අපරාධයක් ඇත්නම් ඔහු මා මැරුවාවේයි කීවේය.
එවිට ඔහු: ඔව්හු නුඹේ ගෙයි කුමක් දුටුවෝදැයි ඇසුවේය. මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝය. මාගේ වස්තු අතරෙහි මා විසින් නොපෙන්නූ කිසිවක් නැතැයි හෙසකියා කීවේය.
ඔවුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් අහස පියවී වර්ෂාව නැතුව යන විට, ඔබ ඔවුන්ට මෙසේ දඬුවම් කරන බැවින් ඔව්හු මේ ස්ථානය දෙසට හැරී යාච්ඤාකොට ඔබගේ නාමය ප්‍රකාශකර තමුන්ගේ පාපය අත්හරින්නෝ නම්,
එබැවින් දැන් නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පව් කියාදී, උන්වහන්සේගේ කැමැත්ත කරමින්, දේශයේ ජාතීන්ගෙනුත් අන්‍ය ජාති ස්ත්‍රීන්ගෙනුත් වෙන්වෙන්නැයි කීවේය.
එවිට ඒලාම්ගේ පුත්‍රයෙක්වූ යෙහීයෙල්ගේ පුත්‍රවූ ෂෙකනියා එස්රාට උත්තරදෙමින්: අපේ දෙවියන්වහන්සේට විරුද්ධව වරදකොට දේශයේ ජනයන්ගෙන් අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගතිමු. එසේ වුවත් ඉශ්‍රායෙල්ට මේ ගැන බලාපොරොත්තු තිබේ.
ඉශ්‍රායෙල් වංශය සියලු අන්‍ය ජාතීන්ගෙන් වෙන්ව සිටගන තමුන්ගේ පව්ද තමුන්ගේ පියවරුන්ගේ අපරාධද කියාදුන්නෝය.
ඔහු මනුෂ්‍යයන් ඉදිරියේ ගීතිකා කරමින්: මම පව්කොට යුක්තිය පෙරළුවෙමි, එහෙත් මට කිසි ප්‍රතිඵලයක් නොවීය.
දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.
වරදක් වසාලන්නා ප්‍රේමය සොයන්නේය. එහෙත් කාරණයක් නැවත මතුකරන්නා හිතමිත්‍රයන් වෙන්කරන්නේය.
දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.
එහෙත්: මම නිර්දෝෂයෙමි; සැබවින්ම උන්වහන්සේගේ උදහස මාගෙන් පහව ගියේයයි නුඹ කියන්නෙහිය. බලව: මම පව් නොකෙළෙමියි නුඹ කියන නිසා මම නුඹ සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.
එබැවින්, රජ්ජුරුවෙනි, මාගේ දැනමුතුකමට ප්‍රසන්නවී, ධර්මිෂ්ඨකම්කිරීමෙන් ඔබගේ පාපද දිළිඳුන්ට කරුණාකිරීමෙන් ඔබගේ අපරාධද පහකළ මැනව; එසේ කිරීමෙන් සමහරවිට ඔබගේ සමාදානය පවතින්ට පුළුවනැයි කීවේය.
එවිට ඔවුන්ගේ ක්‍රියා–එනම් තමුන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව–දෙවියන්වහන්සේ දැක, ඔවුන්ට කරමියි කීවාවූ විපත්තිය ගැන තැවී, ඒක නොකළසේක.
පළමුකොට දමස්කයේද පසුව යෙරුසලමේද යූදා රට මුළුල්ලෙහිද වසන්නන්ටත්, අන්‍යජාතීන්ටත්, පසුතැවිලිව දෙවියන්වහන්සේ වෙතට හැරී, පසුතැවිල්ලට සුදුසු ක්‍රියාවන් කරන්ට කියා ප්‍රකාශකෙළෙමි.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට කථාකොට: අපි පව්කෙළෙමුව. ඔබවහන්සේට යහපත්ව පෙනෙන දෙයක් අපට කළමැනව; එහෙත් මේ වතාවේ අප ගැළවුවමැනවයි කීවෝය.
සාමුවෙල් සාවුල් ළඟට පැමුණුණු කල සාවුල් ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේගෙන් ඔබට ආශීර්වාද ලැබේවා. මම ස්වාමීන්වහන්සේගේ වචනය ඉෂ්ටකෙළෙමියි කීය.
සාවුල් සාමුවෙල්ට කථාකොට: මම පව්කෙළෙමි. මක්නිසාද මම සෙනඟට භයවී ඔවුන්ගේ හඬට කීකරුවූ බැවින් ස්වාමීන්වහන්සේගේ ආඥාවද ඔබගේ වචනද කඩකෙළෙමි.
එවිට ඔහු: මම පව්කෙළෙමි. එහෙත් දැනට මාගේ සෙනඟගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල්වරුන්ද ඉදිරියේදී මට ගෞරවය දී, මා විසින් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරන පිණිස මා සමඟ හැරී අවමැනවැයි කීවේය.