Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 15:13 - Sinhala Revised Old Version

13 සාමුවෙල් සාවුල් ළඟට පැමුණුණු කල සාවුල් ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේගෙන් ඔබට ආශීර්වාද ලැබේවා. මම ස්වාමීන්වහන්සේගේ වචනය ඉෂ්ටකෙළෙමියි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 සාමුවෙල් සාවුල් වෙත පැමිණෙන කල සාවුල් ඔහු අමතා, “සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා; මම සමිඳාණන් වහන්සේ වදාළ දේ ඉෂ්ට කෙළෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 සාමුවෙල් සාවුල් වෙත පැමිණෙන කල සාවුල් ඔහු අමතා, “සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා; මම සමිඳාණන් වහන්සේ වදාළ දේ ඉෂ්ට කෙළෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 15:13
17 හුවමාරු යොමු  

ඔහු: මාගේ දියණියෙනි, ස්වාමීන්වහන්සේගෙන් නුඹට ආශීර්වාද ලැබේවා. නුඹ දිළිඳු හෝ පොහොසත් හෝ තරුණයන් පස්සේ නොගිය කාරණයෙන් නුඹ පටන්ගැන්මට වඩා අන්තිමේදී වැඩි කරුණාව පෙන්වූයෙහිය.


ඔහු තමාගේ මවුට කථාකොට: නුඹෙන් ගන්නා ලද්දාවූ, නුඹ ශාපකර මා ඉදිරියෙහි මතක්කළාවූ රිදී එකොළොස් සියය මා ළඟ තිබේ; ඒවා ගත්තේ මමයයි කීවේය. ඔහුගේ මවුද: මාගේ පුත්‍රයාට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද වේවයි කීවාය.


ඵරිසියා සිටගෙන තමා තුළ යාච්ඤාකරමින්: දෙවියන්වහන්ස, මම කොල්ලකාරවූ අධිර්මිෂ්ඨවූ කාමමිථ්‍යාචාරිකවූ අනික් මනුෂ්‍යයන් මෙන් කෙනෙක්වත් මේ සුංගම් අයකරන්නාමෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබවහන්සේට ස්තුතිකරමි.


එසේම නුඹලාත් නුඹලාට අණකළ සියල්ල කළ පසු: අපි නිෂ්ප්‍රයෝජන දාසයෝය; අප විසින් කටයුතුව තිබුණු දේ කළෙමුයයි කියන්නැයි කීසේක.


ඇගේ අත්වල ඵලයෙන් ඈට දෙන්න; ඇගේ ක්‍රියා දොරටුවලදී ඈට ප්‍රශංසා කෙරෙත්වා.


උදාරම් ඇස්ද උඩුකුරුකරගත් ඇසිපියද ඇති පරම්පරාවක් ඇත්තේය.


තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.


මම සාවුල් රජකමට පත්කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා, මාගේ වචනය ඉෂ්ටනොකර, මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස්වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.


එහෙත් සාවුල් සහ සෙනඟ ආගග්ද බැටළුවන් හා ගවයින්ගෙනුත් තර සතුන්ගෙනුත් ඉතා හොඳ එවුන්ද බැටළු පැටවුන්ද සියලු හොඳ දේවල්ද සහමුලින්ම විනාශකර දමන්ට අකැමැතිව ඉතිරි කරගත්තෝය. නුමුත් නුසුදුසුවූ නොවටින්නාවූ සියල්ලම ඔව්හු විනාශකර දැමුවෝය.


ඔහු ආබ්‍රම්ට ආශීර්වාදකොට: අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශීර්වාද වේවා;


මනුෂ්‍යයාද: මා සමඟ සිටින්ට ඔබවහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය, මමද කෑවෙමියි කීය.


නුඹේම මුඛය නොව වෙන කෙනෙක්ද නුඹේම තොල් නොව අන්‍යයෙක්ද නුඹට ප්‍රශංසාකෙරේවා.


ඔහු දවන පූජාව ඔප්පුකර තීන්දුවුණ හැටියේම සාමුවෙල් ආයේය; සාවුල්ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමගට ගියේය.


සාවුල්ද: නැත, මම ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුව, ස්වාමීන්වහන්සේ මා යැවූ ගමන ගොස්, අමලෙක්වරුන්ගේ රජවූ ආගග් ගෙනාවෙමි, අමලෙක්වරුන්ද සහමුලින්ම විනාශකර දැමීමි.


නුමුත් වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් නාබල්ගේ භාර්යාවවූ අබීගායිල්ට කථාකොට: අපේ ස්වාමියාට ආචාරකරන පිණිස දාවිත් කාන්තාරයේ සිට පණිවිඩකාරයන් එවුවේය; ඔහු ඔවුන්ට බැණවැදුණේය.


දාවිත් යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන් වෙතට පණිවිඩකාරයන් යවමින්: නුඹලාගේ ස්වාමියාවූ සාවුල්ට නුඹලා මේ කරුණාව පෙන්වා ඔහු තැන්පත්කළ බැවින් ස්වාමීන්වහන්සේගෙන් නුඹලාට ආශීර්වාද වේවා.


සාවුල්: නුඹලා මට අනුකම්පාකළ නිසා ස්වාමීන්වහන්සේගෙන් නුඹලාට ආශීර්වාදවේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්