Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 31:33 - Sinhala Revised Old Version

33 මාගේ අයුතුකම මාගේ ළයේ සඟවා ගනිමින් මනුෂ්‍ය අන්දමින් මාගේ අපරාධ වැසීම් නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 වෙන අය සිය පව්කම් සිතේ සඟවා තබාගනිති; එහෙත්, මම මාගේ අපරාධ කිසි කලක වසන් නොකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 වෙන අය සිය පව්කම් සිතේ සඟවා තබාගනිති; එහෙත්, මම මාගේ අපරාධ කිසි කලක වසන් නොකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 31:33
11 හුවමාරු යොමු  

තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.


නුමුත් ඔව්හු ආදම් මෙන් ගිවිසුම කඩකළෝය. එහි ඔවුන් මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය.


එවිට පේතෘස් ඈට උත්තරදෙමින්: නුඹලා බිම වික්කේ මෙපමණටදැයි මට කියන්නැයි කීවේය. එසේය, එපමණටයයි ඈ කීවාය.


ඉශ්‍රායෙල්වරු පව්කළෝය; එසේය, මා ඔවුන්ට අණකළ මාගේ ගිවිසුම ඔවුන් කඩකර තිබේ. එසේය, ඔවුන් කැපකළ දේවලින් අරගන සොරකම්කර, ඒවා සඟවා, ඒවා තමුන්ගේම බඩු අතරේ තබා තිබේ.


මනුෂ්‍යයාද: මා සමඟ සිටින්ට ඔබවහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය, මමද කෑවෙමියි කීය.


ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය.


අමුත්තා රාත්‍රිය එළියේ පසු නොකෙළේය; ගමන්කාරයාට මාගේ දොරවල් ඇරියෙමි;


මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන්ට කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.


එවිට ඔහු: ඔව්හු නුඹේ ගෙයි කුමක් දුටුවෝදැයි ඇසුවේය. මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝය. මාගේ වස්තු අතරෙහි මා විසින් නොපෙන්නූ කිසිවක් නැතැයි හෙසකියා කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්