Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 33:27 - Sinhala Revised Old Version

27 ඔහු මනුෂ්‍යයන් ඉදිරියේ ගීතිකා කරමින්: මම පව්කොට යුක්තිය පෙරළුවෙමි, එහෙත් මට කිසි ප්‍රතිඵලයක් නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි; දූෂණය කෙළෙමි. එහෙත්, දෙවි තුමාණෝ මට සමාව දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි; දූෂණය කෙළෙමි. එහෙත්, දෙවි තුමාණෝ මට සමාව දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 33:27
30 හුවමාරු යොමු  

ඉඳින් නුඹලා දැන් යම් දෙයකට ලජ්ජාව සිටිවුද, එකල්හි ඒ දෙයින් කුමන ඵලයක් ලැබුවහුද? මක්නිසාද ඒ දේවල කෙළවර නම් මරණයය.


එවිට දාවිත්: මම ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමියි නාතාන්ට කීය. නාතාන්ද: ස්වාමීන්වහන්සේ නුඹේ පාපය පහකළසේක, නුඹ නොනස්නෙහිය.


නුවණින් ක්‍රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස, ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍යපුත්‍රයන් දෙස බැලූසේක.


මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි.


යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවුණොත් ඔහුට මොන ලාභයක්ද? නොහොත් මනුෂ්‍යයෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද?


ඉඳින් මම අකැමැති එක කරම් නම්, ව්‍යවස්ථාව යහපත් බව ඒත්තුගනිමි.


නුමුත් සුංගම් අයකරන්නා දුරින් සිට, ස්වර්ගය දෙසට ඇස් ඔසවා බලන්ටවත් නොසිතා, තමාගේ ළැපැත්තට ගසාගනිමින්: දෙවියන්වහන්ස, පව්කාරයෙක්වූ මට කරුණාකළ මැනවයි කීවේය.


මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹේ අයුතුකම පමණක් දැනගන්න, මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹ කැරළිගසා, එහා මෙහා සියලු අමුගස් යට අන්‍යයන් ළඟට ගියෙහිය, මාගේ හඬට අකීකරුවුණෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.


පූජකයෝ: ස්වාමීන්වහන්සේ කොයිදැයි නෑසුවෝය. ව්‍යවස්ථාවේ යෙදී සිටින්නෝ මා නෑඳින සිටියෝය. පාලකයෝද මට විරුද්ධව කැරළිගැසුවෝය, ප්‍රොපේතවරුද බාල්ගේ නමින් අනාගතවාක්‍ය කියා ප්‍රයෝජන නොවන දේවල් අනුව ගියෝය.


දිළින්දාට පීඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලාගන්නසේක; ඉතා උතුම් කෙනෙක් ඔවුන් කෙරෙහිද සිටිනසේක.


තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.


ස්වාමීන්වහන්සේගේ ඇස් සෑමතැනම පැවත, නපුරන්ද යහපතුන්ද බලන්නේය.


එබැවින් සියලු දේ ගැන ඔබගේ නියෝග සියල්ල හරියයි සලකමි; සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.


ස්වාමීන්වහන්සේ ස්වකීය ශුද්ධ මන්දිරයෙහි වැඩ සිටිනසේක, ස්වාමීන්ගේ සිංහාසනය ස්වර්ගයෙහිය; උන්වහන්සේගේ ඇස්වලින් මනුෂ්‍ය පුත්‍රයන් බලා ඇසිපියවලින් ඔවුන් පරීක්ෂාකරනසේක.


මක්නිසාද: දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීමෙන් මනුෂ්‍යයෙකුට කිසි ප්‍රයෝජනයක් නැතැයි ඔහු කීය.


මනුෂ්‍යයන්ගේ ආරක්ෂාකාර තැනන්වහන්ස, මා පව්කර තිබෙන නුමුත් ඔබට කුමක් කරම්ද? මා මටම බරක් වන ලෙස, ඔබ විසින් පහරදීමට ඉලක්කයක් කොට මා තබාගත්තේ මක්නිසාද?


මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය. මේ ගැන නුඹ අණුවණ ලෙස ක්‍රියාකෙළෙහිය; මෙතැන් පටන් නුඹට විරුද්ධව යුද්ධ ඇතිවන්නේයයි කීවේය.


ආරොන් මෝසෙස්ට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, අප විසින් මෝඩ ලෙස හැසිර කළාවූ පාපය අප කෙරෙහි නොතැබුවමැනවි.


ඈ තමාට කථාකළාවූ ස්වාමීන්වහන්සේට: එල් රොයි යන නාමය කීවාය. මක්නිසාද: මා දක්නාවූ උන්වහන්සේ දෙස මෙහිදී බැලුවායින් පසු පවා ජීවත් වුණා නොවේදැයි ඈ කීවාය.


මක්නිසාද මනුෂ්‍යයාගේ මාර්ග ස්වාමීන්වහන්සේගේ ඇස් ඉදිරියෙහිය, ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ කල්පනාකර බලනසේක.


මට නොපෙනෙන දේ මට පෙන්නුව මැනව. මම අපරාධ කෙළෙම්නම් තවත් නොකරන්නෙමියි කීවේද?


උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක.


නුඹලා ඔවුන්ගේ මාර්ගයද ක්‍රියාද දුටු විට ඔවුන් ගැන නුඹලා සැනසෙනවා ඇත. මා එහි කළ සියල්ල නිෂ්කාරණයේ නොකළ බව නුඹලා දැනගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්