Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 10:2 - Sinhala Revised Old Version

2 එවිට ඒලාම්ගේ පුත්‍රයෙක්වූ යෙහීයෙල්ගේ පුත්‍රවූ ෂෙකනියා එස්රාට උත්තරදෙමින්: අපේ දෙවියන්වහන්සේට විරුද්ධව වරදකොට දේශයේ ජනයන්ගෙන් අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගතිමු. එසේ වුවත් ඉශ්‍රායෙල්ට මේ ගැන බලාපොරොත්තු තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එවිට ඒලාම්ගේ පුත්‍රයෙකු වූ ජෙහියෙල්ගේ පුත් ෂෙකනියා එස්රාට කතා කරමින්, “අපි විදේශවලින් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීම හේතුකොටගෙන, අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. එසේ වුවත්, ඉශ්රායෙල්වරුන්ට තවමත් බලාපොරොත්තු තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එවිට ඒලාම්ගේ පුත්‍රයෙකු වූ ජෙහියෙල්ගේ පුත් ෂෙකනියා එස්රාට කතා කරමින්, “අපි විදේශවලින් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීම හේතුකොටගෙන, අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. එසේ වුවත්, ඉශ්රායෙල්වරුන්ට තවමත් බලාපොරොත්තු තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 10:2
17 හුවමාරු යොමු  

එසේනම් අන්‍ය ජාතී ස්ත්‍රීන් පාවාගැනීමෙන් මේ මුළු මහත් නපුර කොට අපේ දෙවියන්වහන්සේට විරුද්ධව වරදකරන හැටියට නුඹලාට ඇහුම්කන්දෙන්නෙමුදැයි කීමි.


ඔව්හු තමුන්ටත් තමුන්ගේ පුත්‍රයන්ටත් ඔවුන්ගේ දූවරුන්ගෙන් භාර්යාවන් ගත්තෝය; මෙසේ ශුද්ධ වංශය දේශවල ජනයන් සමඟ මිශ්‍රවූය. එසේය, මේ අපරාධයට මූලිකවූවෝත් අධිපතීන් හා මුලාදෑනියෝයයි කීවෝය.


නුඹ යන දේශයේ වැසියන් නුඹලා අතරේ මළපතක් නොවන පිණිස ඔවුන් සමඟ ගිවිසුමක් නොකරන්ට බලාගන්න.


නුමුත් තරාතිරම් සලකන්නෝ නම්, නුඹලා වරදකාරයන් බව ව්‍යවස්ථාවෙන් ඔප්පුවෙන බැවින් නුඹලා කරන්නේ පාපයය.


ඔවුන් ගාව ඉම්මේර්ගේ පුත්‍රවූ ශාදොක් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව නැගෙනහිර දොරටුවේ රැකවලාවූ ෂෙකනියාගේ පුත්‍රවූ ෂෙමායා අලුත්වැඩියාකෙළේය.


ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් මත්තනියා, සෙකරියා, යෙහීයෙල්, අබ්දී, යෙරේමොත් සහ එලියාය.


අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස් හතර දෙනෙක්ය.


ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතර දෙනෙක්ය.


අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස් හතර දෙනෙක්ය.


ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස් හතර දෙනෙක්ය.


ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් අතලියාගේ පුත්‍රවූ යෙෂායා සහ ඔහු සමඟ පිරිමි හැත්තෑවක්ය.


මේ කාරණා නිමවූ කල අධිපතීහු මා ළඟට ඇවිත් කථාකොට: ඉශ්‍රායෙල් සෙනඟත් පූජකයොත් ලෙවීවරුත් දේශවල වැසියන්වූ කානාන්වරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද යෙබූසිවරුන්ගේද අම්මෝනිවරුන්ගේද මෝවබ්වරුන්ගේද මිසරවරුන්ගේද අමෝරිවරුන්ගේද පිළිකුල් ක්‍රියා කරමින්, ඔවුන්ගෙන් වෙන්නොවී සිට,


තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්