තවද එම දවසේ ඊසාක්ගේ වැඩකරුවෝ අවුත් තමන් හෑරූ ළිඳ ගැන ඔහුට දන්වමින්: අපට වතුර සම්බවීයයි කීවෝය.
හිතෝපදේශ 13:4 - Sinhala Revised Old Version අලසයාගේ ප්‍රාණය ආශාවන නුමුත් ඔහුට කිසිවක් නැත; එහෙත් කඩිසරයන්ගේ ප්‍රාණය තරවෙයි. Sinhala New Revised Version අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති. Sinhala New Revised Version 2018 අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති. |
තවද එම දවසේ ඊසාක්ගේ වැඩකරුවෝ අවුත් තමන් හෑරූ ළිඳ ගැන ඔහුට දන්වමින්: අපට වතුර සම්බවීයයි කීවෝය.
ස්වාමීන්වහන්සේ අවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස,
තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි; එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති කෙනෙක්ය.
කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි; එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි.
අලසයා ශීත කාලය නිසා හාන්නේ නැත. එහෙයින් ඔහු ගොයම් කපන කාලයේ හිඟමින් කිසිත් නැතුව සිටියි.
එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය.
ගිජු සිත් ඇත්තා තරඟය උපදවයි; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා පුෂ්ටිමත් වෙයි.
දවසින් දවස මාගේ දොරටු ළඟ බලාසිට, මාගේ දොරකඩ කණු ළඟ රැකවල්කර, මාගේ වචන අසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.
මාගේ සැට්ටය මුදා තැබීමි; මා ඒක අඳින්නේ කොහොමද? මාගේ පාද සේදීමි; ඒවා මම කෙසේ කිලුටුකරන්නෙම්දැයි කීවෙමි.
ස්වාමීන්වහන්සේ නිතරම නුඹට මගපෙන්වා, වියළි තැන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තියට පමුණුවා, නුඹේ ඇටද ශක්තිමත්කරනසේක; නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය.
යාකොබ්ගේ ධූලි ගණන් කරන්ටවත් ඉශ්‍රායෙල්ගෙන් සතරෙන් කොටසක් ගණන්කරන්ටවත් කාට හැකිද? මාගේ මරණය ධර්මිෂ්ඨයන්ගේ මරණය මෙන් වේවා. මාගේ අන්තිමය ඔවුන්ගේ අන්තිමය මෙන් වේවායි කීවේය.
නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.
නුමුත් නුඹලාගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තුවේ නිසැකකම සඳහා එම උත්සාහවන්තකම පෙන්වනවාට අපි ආශා ඇත්තෙමුව.
යෝෂුවා වෙතට හැරී ඇවිත් ඔහුට කථාකොට: මුළු සෙනඟ යන්ට ඕනෑ නැත; දෙතුන් දහසක් පමණ මනුෂ්‍යයෝ ගොස් හායිට පහරදෙත්වා; එහි සිටින අය ස්වල්ප නිසා මුළු සෙනඟ එහි යැවීමෙන් වෙහෙස කරවන්ට ඕනෑ නැතැයි කීවෝය.