Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 23:10 - Sinhala Revised Old Version

10 යාකොබ්ගේ ධූලි ගණන් කරන්ටවත් ඉශ්‍රායෙල්ගෙන් සතරෙන් කොටසක් ගණන්කරන්ටවත් කාට හැකිද? මාගේ මරණය ධර්මිෂ්ඨයන්ගේ මරණය මෙන් වේවා. මාගේ අන්තිමය ඔවුන්ගේ අන්තිමය මෙන් වේවායි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ධූලි වැනි ජාකොබ්ගේ පෙළපත ගිණිය හැක්කේ කාට ද? ඉශ්රායෙල් පරපුර ගිණීමට සමතා කවරෙක් ද? දැහැමියෙකු මෙන් මම මරණයට පත් වෙම් වා! මා අවසානය ඔවුන්ගේ මෙන් ම වේ වා!”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ධූලි වැනි ජාකොබ්ගේ පෙළපත ගිණිය හැක්කේ කාට ද? ඉශ්රායෙල් පරපුර ගිණීමට සමතා කවරෙක් ද? දැහැමියෙකු මෙන් මම මරණයට පත් වෙම් වා! මා අවසානය ඔවුන්ගේ මෙන් ම වේ වා!”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 23:10
20 හුවමාරු යොමු  

නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ.


නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිකරන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙකුට පොළොවේ ධූලි ගණන්කරන්ට පුළුවන්නම් නුඹේ වංශයත් ගණන් කළ හැකි වන්නේය.


ස්වාමීන්ගේ ශුද්ධවන්තයන්ගේ මරණය උන්වහන්සේ ඉදිරියෙහි අනර්ඝය.


තවද: මෙතැන් පටන් ස්වාමීන්වහන්සේ තුළ නසින්නාවූ මළවුන් වාසනාවන්තයෝය කියා ලියන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය. එසේය, ඔව්හු තමුන්ගේ වෙහෙසීම්වලින් නිවාඩු ලබති; ඔවුන්ගේ ක්‍රියාද ඔවුන් කැටුව යන්නේයයි ආත්මයාණන්වහන්සේ කියනසේක.


කූඩාරමක්වූ අපේ භූමික ගෙය කඩාවැටුණත් දෙවියන්වහන්සේගෙන්වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවාවූ සදාකාලිකවූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව.


දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.


දාන්ගේ කඳවුරෙහි ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ පනස් හත්දාස් හසියයක්ය. ඔවුන් තමුන්ගේ ධජවල හැටියට අන්තිමට පිටත්ව යායුතුයයි කීසේක.


එප්‍රායිම්ගේ කඳවුරෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරන ලද සියල්ලෝ එක්ලක්ෂ අටදාස් එකසියයක්ය. ඔවුන් තුන්වෙනුව පිටත්ව යා යුතුය.


යූදාගේ කඳවුරෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ අසූහදාස් හාරසියයක්ය. ඔවුන් ප්‍රථමකොට පිටත්ව යායුතුය.


නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිවන්නේය, නුඹ බස්නාහිර දෙසටද නැගෙනහිර දෙසටද උතුර දෙසටද දකුණු දෙසටද පැතිර යන්නෙහිය. පොළොවේ සියලු ගෝත්‍රයෝ නුඹ සහ නුඹේ වංශය කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය.


මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරෙළහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය;


රූබෙන්ගේ අන්දායමෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ පනස් එක්දාස් හාරසිය පනසක්ය. ඔවුන් දෙවනුව පිටත්ව යා යුතුය.


මරනලද්දවුන් අතරේ එවීද රෙකෙම්ද ශූර්ද හූර්ද රෙබාද යන මිදියන් රජුන් පස්දෙනාද මැරුවෝය. ඔව්හු බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම්ද කඩුවෙන් මැරුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්