ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.
විනිශ්චයකාරයෝ 2:1 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට ඇවිත් කථාකොට: මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයටද නුඹලා ගෙනායෙමි; නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසිකලකත් කඩනොකරන්නෙමියි කියාද, Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට අවුත් ඉශ්රායෙල්වරුන්ට මෙසේ කීවේ ය: “මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට නුඹලා ගෙනාවෙමි. ‘නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසි කලක කඩ නොකරන්නෙමි’යි කීවෙමි. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට අවුත් ඉශ්රායෙල්වරුන්ට මෙසේ කීවේ ය: “මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට නුඹලා ගෙනාවෙමි. ‘නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසි කලක කඩ නොකරන්නෙමි’යි කීවෙමි. |
ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.
ඈ තමාට කථාකළාවූ ස්වාමීන්වහන්සේට: එල් රොයි යන නාමය කීවාය. මක්නිසාද: මා දක්නාවූ උන්වහන්සේ දෙස මෙහිදී බැලුවායින් පසු පවා ජීවත් වුණා නොවේදැයි ඈ කීවාය.
සියලු උවදුරෙන් මා මිදූ දූතයා වන තැනන්වහන්සේ මේ තරුණයන්ට ආශීර්වාදකරනසේක්වා; මාගේ නාමයද මාගේ පියවරුන්වූ ආබ්‍රහම්ගේ සහ ඊසාක්ගේ නම්ද ඔවුන් කෙරෙහි කියනුලැබේවා; ඔව්හු පොළොව මධ්‍යයෙහි සමූහයක්වෙන සේ වර්ධනයවෙත්වයි කීවේය.
නුඹේ වංශය සදාකල් ස්ථිර කරන්නෙමි, නුඹේ සිංහාසනය සියලු පරම්පරා වලට පිහිටුවන්නෙමියි කියා
ඉශ්‍රායෙල්වරුන්ගේ සමුදාවට පෙරටුව ගිය දෙවියන්වහන්සේගේ දූතයා අහක්ව ඔවුන්ට පස්සෙන් ගියේය; වලාටැඹද ඔවුන් ඉදිරිපිටින් අහක්ව ඔවුන්ට පස්සෙන් සිටියේය.
මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
බලව, මාර්ගයෙහි නුඹ ආරක්ෂාකරන පිණිසද මා විසින් පිළියෙළකළ ස්ථානයට නුඹ පමුණුවන පිණිසද නුඹට පෙරටුව දූතයෙකු යවමි.
ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක, උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැළෙවුවේය. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන් උසුලා ගෙන ගියසේක.
ඔබගේ නාමය නිසා අප අහක නොදැමුව මැනව; ඔබගේ තේජසේ සිංහාසනයට අගෞරව නොකළ මැනව. සිහිකළ මැනව, අප සමඟ තිබෙන ඔබගේ ගිවිසුම කඩ නොකළ මැනව.
මම යාකොබ් සමඟ කළ මාගේ ගිවිසුම සිහිකරන්නෙමි; ඊසාක් සමඟ කළ මාගේ ගිවිසුමත් ආබ්‍රහම් සමඟ කළ මාගේ ගිවිසුමත් සිහිකරන්නෙමි;
එසේවී නුමුත් ඔවුන් තමුන් සතුරන්ගේ දේශයෙහි සිටින කල ඔවුන් මුළුමනින් විනාශවන ලෙසද ඔවුන් සමඟ මාගේ ගිවිසුම කඩවන ලෙසද මම ඔවුන් එපා නොකරන්නෙමි, ඔවුන් පිළිකුල් නොකරන්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
එවිට මම සියලු ජනයන් සමග කළාවූ මාගේ ගිවිසුම වලංගුකරන පිණිස ප්‍රසන්නකම නම්වූ මාගේ සැරයටිය රැගෙන කඩාදැමුවෙමි.
මෙන්න, මාගේ දූතයා එවමි, ඔහු මට පෙරටුව මාර්ගය පහදන්නේය. එවිට නුඹලා සොයන ස්වාමීන්වහන්සේ හදිසියෙන් තමන් මාළිගාවට එනසේක; එසේය, නුඹලා ආශාවන ගිවිසුමේ දූතයා එන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹලා දේශය සෝදිසිකළ දවස් ගණනවූ සතළිස් දවසේ හැටියට දවසකට අවුරුද්දක් බැගින් සතළිස් අවුරුද්දක් නුඹලාගේ අයුතුකම් දරමින්, මාගේ විරෝධවීම නුඹලා දැනගන්නහුය.
බලව, මම දේශය නුඹලා ඉදිරිපිට තැබීමි. එහි ඇතුල්ව නුඹලාගේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ඔවුන්ට පසු ඔවුන්ගේ වංශයටද දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ දේශය හිමිකරගන්නැයි කීසේක.
නොහොත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයේදී නුඹලාගේ ඇස් ඉදිරියෙහි නුඹලා උදෙසා කළ සියල්ල ලෙස වෙන යම් දෙවිකෙනෙක් ඇවිත් පරීක්ෂණවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද යුද්ධයෙන්ද බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකම්වලින්ද එක ජාතියක් වෙන ජාතියක් මධ්‍යයෙන් තමන්ට ගන්ට හැදුයේද?
එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවද උන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්නන් සමඟ පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවූ විශ්වාසවූ දෙවියන්වහන්සේ බවද,
යෝෂුවා කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේ නුඹලා අතරෙහි සිටින බවත් උන්වහන්සේ නොවරදවාම නුඹලා ඉදිරියෙන් කානානිවරුන්ද හිත්තීවරුන්ද හිවීවරුන්ද පෙරිස්සිවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන බවත් නුඹලා මෙයින් දැනගන්නහුය.
නුඹේ දෙවිවූ කෙමොෂ් නුඹට හිමිකරගැනීමට දෙන දේ නුඹ හිමිකරගන්නවා නොවේද? එලෙසම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප ඉදිරියෙන් පන්නාදැමූ සියල්ලන්ගේ රට අපිත් හිමිකරගනිමුව.
දාන්ගේ වංශයට අයිතිවූ ශොරාහි එක්තරා මනුෂ්‍යයෙක් විය, ඔහුගේ නම මානෝවාය; ඔහුගේ භාර්යාව වඳව දරුවන් නොලැබ සිටියාය.
ස්වාමීන්වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රීට පෙනී: බලව, නුඹ වඳව දරුවන් නොලැබ සිටිනෙහිය. නුමුත් නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය.
ස්වාමීන්වහන්සේ ප්‍රොපේත කෙනෙකු ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට එවූසේක. ඔහු ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹලා මිසරයෙන් ගෙනැවිත්, නුඹලා වහල්කමේ ගෙයින් පිටතට පැමිණෙවුවෙමි;