Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 89:34 - Sinhala Revised Old Version

34 මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි, මාගේ තොල්වලින් නික්මුණු දේද වෙනස් නොකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 මම මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි; පොරොන්දු කිසිවක් වෙනස් නොකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 මම මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි; පොරොන්දු කිසිවක් වෙනස් නොකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 89:34
11 හුවමාරු යොමු  

බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?


සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.


අහසත් පොළොවත් පහවන්නේය, නුමුත් මාගේ වචන පහ නොවන්නේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම වෙනස් නොවෙමි; එබැවින් යාකොබ්ගේ පුත්‍රයෝවූ නුඹලා විනාශ නොවී සිටින්නහුය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවන්නේය.


ඔබගේ නාමය නිසා අප අහක නොදැමුව මැනව; ඔබගේ තේජසේ සිංහාසනයට අගෞරව නොකළ මැනව. සිහිකළ මැනව, අප සමඟ තිබෙන ඔබගේ ගිවිසුම කඩ නොකළ මැනව.


එසේවී නුමුත් ඔවුන් තමුන් සතුරන්ගේ දේශයෙහි සිටින කල ඔවුන් මුළුමනින් විනාශවන ලෙසද ඔවුන් සමඟ මාගේ ගිවිසුම කඩවන ලෙසද මම ඔවුන් එපා නොකරන්නෙමි, ඔවුන් පිළිකුල් නොකරන්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


දවාලත් රාත්‍රියත් ඒවායේ නියම වේලාවලදී නොපැමිණෙන හැටියට දවාල ගැන තිබෙන මාගේ ගිවිසුමත් රාත්‍රිය ගැන තිබෙන මාගේ ගිවිසුමත් නුඹලාට අවලංගු කරන්ට පුළුවන් නම්,


එහෙත් නුඹ ඉදිරියෙන් මා විසින් අහක්කළ සාවුල්ගෙන් මාගේ කරුණාව පහකළාක් මෙන් ඔහුගෙන් එය පහනොවන්නේය.


දාවිත්ගේ වංශයට මේ කාරණය නිසා පීඩාකරන්නෙමි, එහෙත් සෑම කාලයටම නොවේය කියා කියනසේකැයි කීවේය.


මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහුද මට පුත්‍රයෙක්වන්නේය. නුඹට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහකළාක්මෙන් මම ඔහුගෙන් පහනොකර,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්