Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 14:34 - Sinhala Revised Old Version

34 නුඹලා දේශය සෝදිසිකළ දවස් ගණනවූ සතළිස් දවසේ හැටියට දවසකට අවුරුද්දක් බැගින් සතළිස් අවුරුද්දක් නුඹලාගේ අයුතුකම් දරමින්, මාගේ විරෝධවීම නුඹලා දැනගන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 නුඹලා ඒ රටේ ඔත්තු සෙවූ කාලය දවස් හතළිහක් නොවේ ද? හැබැයි, එක එක දවසකට, එක එක අවුරුද්ද බැගින් සලකා, අවුරුදු හතළිහක් තුළ නුඹලාගේ දුෂ්ටකම්වලට වග කියමින්, මාගේ පොරොන්දු කඩ කිරීමේ විපාකයේ බරපතලකම කෙතරම් ද කියා දැනගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 නුඹලා ඒ රටේ ඔත්තු සෙවූ කාලය දවස් හතළිහක් නොවේ ද? හැබැයි, එක එක දවසකට, එක එක අවුරුද්ද බැගින් සලකා, අවුරුදු හතළිහක් තුළ නුඹලාගේ දුෂ්ටකම්වලට වග කියමින්, මාගේ පොරොන්දු කඩ කිරීමේ විපාකයේ බරපතලකම කෙතරම් ද කියා දැනගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 14:34
26 හුවමාරු යොමු  

නුඹ ඒවා ඉෂ්ටකළ පසු, නුඹේ දකුණු අංශයට නැවත හාන්සිවී, යූදා වංශයේ අයුතුකම සතළිස් දවසක් දරාගන හිඳින්න. අවුරුද්දකට දවසක් බැගින් නුඹට නියමකෙළෙමි.


ඔව්හු දේශය සෝදිසිකර සතළිස් දවසකට පසු හැරී ඇවිත්,


වරද තීන්දුකරන්ටත් පව් කෙළවරකරන්ටත් අපරාධය උදෙසා සමඟිකමක්කරන්ටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය සහ අනාගතවාක්‍යය මුද්‍රකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේපකරන්ටත් නුඹේ සෙනඟත් නුඹේ ශුද්ධවූ නුවරත් ගැන සති සැත්තෑවක් නියමකර තිබේ.


එබැවින් උන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල්වීමේ පොරොන්දුවක් ඉතුරුව තිබෙද්දීත් නුඹලාගෙන් යමෙකුට ඊට පැමිණෙන්ට බැරිවූ බැව් පෙනේදෝ කියා භයවෙමු.


මම සතළිස් අවුරුද්දක් ඒ පරම්පරාව කෙරෙහි කලකිරී: ඔව්හු සිතින් මුළාවයන සෙනඟක්ය, ඔව්හු මාගේ මාර්ගයන් දැන නොගත්තෝයයි කීයෙමි.


මෙසේ වුණේ දේශය ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනතුරු යෙරෙමියාගේ මුඛයෙන් කියවනලද ස්වාමීන්වහන්සේගේ වචනය සම්පූර්ණවෙන පිණිසය. සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවෙනතුරු, දේශය පාළුව තිබුණු කාලය මුළුල්ලෙහි එය සබත් විවේකය ගත්තේය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ වංශයත් නුඹේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.


තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි, ඔව්හු එක්දහස් දෙසිය සැට දවසක් ගෝණිරෙදි හැඳ, අනාගතවාක්‍ය කියන්නෝයයි කීවේය.


එවිට මම සියලු ජනයන් සමග කළාවූ මාගේ ගිවිසුම වලංගුකරන පිණිස ප්‍රසන්නකම නම්වූ මාගේ සැරයටිය රැගෙන කඩාදැමුවෙමි.


ඔවුන් තමුන්ගේ අයුතුකම දරනවා ඇත. අනාගතවක්තෘගේ අපරාධය ඔහුගෙන් විභාගකරන්නාගේ අපරාධය මෙන් වන්නේය.


මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වචනයද තමන් මෙහෙකරුවූ ආබ්‍රහම්ද සිහිකළසේක.


උන්වහන්සේගේ දයාව සහමුලින්ම පහව ගියේද? උන්වහන්සේගේ පොරොන්දුව සදාකල් ඉෂ්ට නොවන්නේද?


මක්නිසාද මාගේ අයුතුකම් මාගේ හිස වසා නැංගේය. ඒවා අධික බරක් මෙන් මට ඉතා බරවෙයි.


තමන්වහන්සේ පොරොන්දුවූ සියල්ලේ හැටියට තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට නිශ්චලතාව දුන් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. උන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස් ලවා ගිවිස්සාවූ සියලු යහපත් වචනවලින් එක වචනයක්වත් හිස්නොවීය.


එහෙත් ලෙවීවරුම සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කර තමුන්ගේ අපරාධ ගැන වග කියන්නෝය. ඒක නුඹලාගේ පරම්පරාවල සදාකාල පනතක් වන්නේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ට කිසි උරුමයක් නොවන්නේය.


නුඹේ මෑණියන්ගේ සහෝදරීගේවත් පියාගේ සහෝදරීගේවත් නග්නභාවය නොහරින්න. මක්නිසාද ඔහු තමාගේ කිට්ටු නෑයා නග්නකෙළේය. ඔව්හු තමුන්ගේ අපරාධය දරන්නෝය.


උන්වහන්සේ සතළිස් අවුරුද්දක් පමණ කාලයක් වනයෙහිදී ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටිසේක.


මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ අත්වැඩ සියල්ලෙහිදී නුඹට ආශීර්වාදකළසේක. නුඹ මේ මහත් කාන්තාරය මැදින් ගමන් කළ හැටි උන්වහන්සේ දන්නාසේක. මේ සතළිස් අවුරුද්දක්ම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වූසේක. නුඹට කිසි හිඟයක් නොවීයයි කියන්නැයි කීසේක.


මක්නිසාද මම ඔවුන්ගේ අයුතුකමේ අවුරුදු නුඹට දවස් ගණනක් කොට එනම් තුන්සිය අනූ දවසක් නියමකෙළෙමි. මෙලෙස නුඹ ඉශ්‍රායෙල් වංශයේ අයුතුකම දරන්නෙහිය.


ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුකම් කළ මුළු පරම්පරාව විනාශවන තෙක් උන්වහන්සේ ඔවුන්ට සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි ඔබමොබ යන්ට සැලැස්වූසේක.


බලව, ඉශ්‍රායෙල්වරුන් කාන්තාරයෙහි හැසුරුණු කල්හි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට මේ වචනය කී කාලයේ සිට මේ සතළිස් පස් අවුරුද්ද තුළ ස්වාමීන්වහන්සේ කී හැටියට මා ජීවත්කොට රක්ෂාකළසේක. අද මම අසූපස් අවුරුද්දක් වයස්ව සිටිමි.


එබැවින් නුඹ මා සිහිනැතිකර නුඹේ පිටිපස්සට මා දැමූ නිසා නුඹද නුඹේ සල්ලාලකම සහ නුඹේ වේශ්‍යාකම් දරන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


ඔවුන් දරුවන් ඇතිකරතත් මනුෂ්‍යයෙක් නොසිටින හැටියට ඔවුන් තුරන්කරන්නෙමි. එසේය, මා විසින් ඔවුන් අත්හැර යන කල ඔවුන්ට දුක්වේ!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්