ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 2:1 - Sinhala Revised Old Version

නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ෂිට්ටීම්හි සිට මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔත්තුකාරයන් කොට රහසින් පිටත්කර: නුඹලා ගොස් දේශයද යෙරිකෝවද බලා එන්නැයි කීවේය. ඔව්හු ගොස් රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ගෙට ඇතුල්ව එහි නැවතී සිටියෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නූන්ගේ පුත් ජෝෂුවා ෂිට්ටිම් නම් ස්ථානයේ සිට මිනිසුන් දෙදෙනකු ඔත්තු බැලීමට රහසින් පිටත් කර යවමින්, “ඔබ දෙදෙනා විශේෂයෙන් ගොස් ජෙරිකෝ ප්‍රදේශය පරීක්ෂා කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගොස් රාහාබ් නම් වෙසඟනකගේ ගෙදරට පැමිණ එහි නවාතැන් ගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නූන්ගේ පුත් ජෝෂුවා ෂිට්ටිම් නම් ස්ථානයේ සිට මිනිසුන් දෙදෙනකු ඔත්තු බැලීමට රහසින් පිටත් කර යවමින්, “ඔබ දෙදෙනා විශේෂයෙන් ගොස් ජෙරිකෝ ප්‍රදේශය පරීක්ෂා කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගොස් රාහාබ් නම් වෙසඟනකගේ ගෙදරට පැමිණ එහි නවාතැන් ගත්හ.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 2:1
23 හුවමාරු යොමු  

නුඹලා තුළ සැබෑකම තිබේද කියා නුඹලාගේ වචනවලින් පරීක්ෂාකරනු ලබන පිණිස අනික් අය හිරඅඩස්සියේ සිටියදී නුඹලාගේ සහෝදරයා ගෙනෙන්ට නුඹලාගෙන් එක්කෙනෙකු යවන්න. නැතහොත් ඵාරාවෝගේ ජීවිතය පා සැබවින්ම නුඹලා ඔත්තුකාරයෝයයි කියමියි කීය.


එවිට යෝසෙප් තමා ඔවුන් ගැන දුටු ස්වප්න සිහිකොට: නුඹලා ඔත්තුකාරයෝය; දේශයේ බෙලහීනකම බලන්ට ආවහුයයි ඔවුන්ට කීය.


මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජවූ බාලාක් මන්ත්‍රණයකළේ කුමක්ද කියාත් බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් ඔහුට දුන් උත්තර මොනවාද කියාත් ෂිට්ටීම්හි සිට ගිල්ගාල් දක්වා සිද්ධවුණේ මොනවාද කියාත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් දැනගන්න පිණිස සිහිකරන්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්:


මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන කානාන් දේශය සෝදිසිකරන පිණිස මනුෂ්‍යයන් යවන්න. තම තමාගේ පිය ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඔවුන් අතරේ අධිපතිව සිටින තැනැත්තන්ම යවන්නැයි කීසේක.


ඉශ්‍රායෙල්වරු ෂිට්ටීම්හි සිටියෝය, එවිට සෙනඟ මෝවබ් දූවරුන් සමඟ වේශ්‍යාකම් කරන්ට පටන් ගත්තෝය.


ඔව්හු යොර්දාන අසබඩ බෙත්-යෙෂිමොත් පටන් ආබෙල්-ෂිත්තිම් දක්වා මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.


සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස් උපන්නේය; බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද් උපන්නේය; ඕබෙද්ට දාව යෙස්සේ උපන්නේය;


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


මක්නිසාද වේශ්‍යාකම් කරන්නෙකුටවත් අපවිත්‍ර තැනැත්තෙකුටවත් රූපවඳින්නෙක්වූ ලෝභයෙකුටවත් ක්‍රිස්තුස්වහන්සේගේද දෙවියන්වහන්සේගේද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන බව නුඹලා සත්තකලෙස දැන සිටින්නහුය.


ඇදහිල්ලෙන්, වේශ්‍යාවවූ රාහබ් ඔත්තුකාරයන් සමාදානයෙන් පිළිගත් බැවින්, කීකරුනූණ තැනැත්තන් සමඟ විනාශ නොවී සිටියාය.


එසේම වේශ්‍යාවවූ රාහබ් පණිවිඩකාරයන් පිළිගෙන අන් මගකින් පිටත්කර ඇරිය කල, ක්‍රියාවලින් ඈ ධර්මිෂ්ඨකරනු ලැබුවා නොවේද?


නුඹ අපට අණකරන සියල්ල ගැන නුඹේ වචන නාසා නුඹේ අණට විරුද්ධව කැරළිගසන කවරෙක් වුවත් මරණයට පත්කරනු ලබන්නේය. නුඹ වනාහි ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්නැයි කීවෝය.


එවිට දේශය සොයා බලන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මිනිස්සු අද රෑ මෙහි ආවෝයයි යෙරිකෝවේ රජුට කියනලද්දේය.


හෙල්කාත් සහ එහි පිට-බිම්ද රෙහොබ් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.


යෝෂුවා අලුයම නැගිට සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ ෂිට්ටීම්හි සිට පිටත්ව යොර්දානට පැමිණ, එතරව යන්ට පළමුවෙන් එහි නැවතුණේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිල්ගාල්හි කඳවුරු බැඳගෙන මාසේ දසසතරවෙනි දා සවස යෙරිකෝවේ සමභූමිවලදී පාස්කුව පැවැත්තුවෝය.


යෝසෙප්ගේ වංශය බෙතෙල් සෝදිසිකරන්ට මිනිසුන් යැවුවේය. පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.


එවිට ලායිෂ් රට සෝදිසිකරන්ට ගිය පස්දෙන තමුන්ගේ සහෝදරයන්ට කථාකොට: මේ ගෙවල්හි ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද තිබෙන බව නුඹලා දන්නවාද? ඉතින් දැන් නුඹලා විසින් කළ යුතු දේ කල්පනාකරන්නැයි කීවෝය.


රට සෝදිසිකරන්ට ගිය පස්දෙන නැගී ගොස් එහි ඇතුල්ව කැපූ රූපයද ඒඵොද් සැට්ටයද තෙරඵීම් රූපද වාත්තු පිළිමයද ගත්තෝය. පූජකයා සහ යුද්ධායුධ පැළඳගත් මනුෂ්‍යයන් හසියය දොරකඩ ළඟ සිටියෝය.


දාන් පුත්‍රයෝ දේශය සෝදිසිකර බලා විභාගකරන පිණිස තමුන්ගේ මුළු ගණනෙන් තමුන්ගේ පෙළපතේ වික්‍රමාන්විත මනුෂ්‍යයන් පස් දෙනෙක් ශොරාද එෂ්තායොල්ද සිට යවමින්: නුඹලා ගොස් දේශය විභාගකරන්නැයි ඔවුන්ට කීවෝය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝය.