Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 1:18 - Sinhala Revised Old Version

18 නුඹ අපට අණකරන සියල්ල ගැන නුඹේ වචන නාසා නුඹේ අණට විරුද්ධව කැරළිගසන කවරෙක් වුවත් මරණයට පත්කරනු ලබන්නේය. නුඹ වනාහි ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්නැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 යමෙක් ඔබේ අණපණත්වලට විරුද්ධ ව කැරලි ගසමින්, ඔබ ඔහුට අණ කරන සියල්ලේ දී ඔබට අකීකරු වුවොත්, ඔහු මරණයට පත් කළ යුතු වන්නේ ය. ඔබ ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්නැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 යමෙක් ඔබේ අණපනත්වලට විරුද්ධ ව කැරලි ගසමින්, ඔබ ඔහුට අණ කරන සියල්ලේ දී ඔබට අකීකරු වුවොත්, ඔහු මරණයට පත් කළ යුතු වන්නේ ය. ඔබ ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්නැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 1:18
14 හුවමාරු යොමු  

ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න.


අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න.


මේ කාරණය නුඹට අයිතිය, අපිත් නුඹ සමඟ සිටිමුව. බලවත්ව සිට ඒක කරන්නැයි එස්රාට කීවේය.


මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.


කථාකරන තැනන්වහන්සේ එපා නොකරන්ට බලාගන්න. මක්නිසාද පොළොවේදී අවවාදකළ තැනන්වහන්සේ එපාකළ විට ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අවවාදකරන තැනන්වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැළවෙමුද?


සෙනඟ සාමුවෙල්ට කථාකොට: සාවුල් අප කෙරෙහි රජකම්කරන්ටදැයි කීවේ කවුද? ඒ මනුෂ්‍යයන් මරණ පිණිස ඔවුන් ගෙනෙන්නැයි කීවෝය.


එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකිරීමට එහි සිටින පූජකයාටවත් විනිශ්චයකාරයාටවත් ඇහුම්කන් නොදී අහංකාර කමින් හැසිරෙන මනුෂ්‍යයා මරනු ලැබේවා. මෙසේ ඉශ්‍රායෙල්වරුන් අතරෙන් නපුර පහකරන්න.


අප විසින් සියලු කාරණාවලදී මෝසෙස්ට කීකරුවුණාක් මෙන් නුඹටත් කීකරුවන්නෙමුව. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෝසෙස් සමඟ සිටි ලෙසම නුඹ සමඟත් සිටිනසේක්වා.


නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ෂිට්ටීම්හි සිට මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔත්තුකාරයන් කොට රහසින් පිටත්කර: නුඹලා ගොස් දේශයද යෙරිකෝවද බලා එන්නැයි කීවේය. ඔව්හු ගොස් රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ගෙට ඇතුල්ව එහි නැවතී සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්