Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 6:5 - Sinhala Revised Old Version

5 මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජවූ බාලාක් මන්ත්‍රණයකළේ කුමක්ද කියාත් බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් ඔහුට දුන් උත්තර මොනවාද කියාත් ෂිට්ටීම්හි සිට ගිල්ගාල් දක්වා සිද්ධවුණේ මොනවාද කියාත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් දැනගන්න පිණිස සිහිකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජ වූ බාලාක් නුඹලාට විරුද්ධ ව කළ මන්ත්‍රණය කුමක් ද කියාත්, බෙයෝර්ගේ පුත් බාලාම් ඔහුට දුන් පිළිතුර කුමක් ද කියාත්, ෂිට්ටිම්හි සිට ගිල්ගාල් දක්වා සිදු වූයේ කුමක් ද කියාත් සමිඳුන්ගේ ධර්මිෂ්ඨකම දැනගන්න පිණිස සිහි කරන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජ වූ බාලාක් නුඹලාට විරුද්ධ ව කළ මන්ත්‍රණය කුමක් ද කියාත්, බෙයෝර්ගේ පුත් බාලාම් ඔහුට දුන් පිළිතුර කුමක් ද කියාත්, ෂිට්ටිම්හි සිට ගිල්ගාල් දක්වා සිදු වූයේ කුමක් ද කියාත් සමිඳුන්ගේ ධර්මිෂ්ඨකම දැනගන්න පිණිස සිහි කරන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 6:5
37 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්වරු ෂිට්ටීම්හි සිටියෝය, එවිට සෙනඟ මෝවබ් දූවරුන් සමඟ වේශ්‍යාකම් කරන්ට පටන් ගත්තෝය.


දුනුවායන්ගේ ඝෝෂාවෙන් ඈත දිය අදින තැන්වලදී, ඔව්හු ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා එනම් ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ ආණ්ඩුවේ ධර්මිෂ්ඨ ක්‍රියා පවසන්නෝය. එකල ස්වාමීන්වහන්සේගේ සෙනඟ දොරටුවට බැස්සෝය.


මෙසේ සෙනඟ පළමුවෙනි මස දසවෙනිදා යොර්දානෙන් නැගී අවුත් යෙරිකෝවට නැගෙනහිර දිශාවෙන් ගිල්ගාල්හි කඳවුරු බැඳ ගත්තෝය.


එහෙත් දේවතා රූපවලට පිදූදේ කන්ටත් වේශ්‍යාකම්කරන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම දරන්නන් ඔතැන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ.


ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔව්හු කායින්ගේ මාර්ගයෙහි ගමන්කර, කුලී පිණිස බාලාම්ගේ මුළාවෙහි වේගයෙන් දිවගොස්, කෝරාගේ විරුද්ධ–කථාවේදී විනාශවූවෝය.


අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,


ඔව්හු හරි මාර්ගය අත්හැර, අයුතුකමේ කුලියට කැමතිවූ බෙයොර්ගේ පුත්‍රවූ බාලාම්ගේ මාර්ගය අනුව මුළාව ගියෝය;


ස්වාමිනි, ඔබගේ නාමය උදෙසා මා ප්‍රාණවත්කළ මැනව. ඔබගේ ධර්මිෂ්ඨකම නිසා මාගේ ආත්මය විපතින් මිදුව මැනව.


නුඹ මිසර දේශයෙන් පිටතට ආ දවස නුඹේ ජීවිතයේ සියලු දවස්හි සිහිකරන පිණිස, ඒ සමඟ මුහුන් දැමූ රොටි නොකා, දුක් රොටි වන මුහුන් නොදැමූ ඒවා සත් දවසක් ඒ සමඟ කන්න; මක්නිසාද නුඹ ඉක්මනින් මිසර දේශයෙන් ආවෙහිය.


නුඹ කාන්තාරයේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස් කළ හැටි සිහිකරන්න, මතක නැති නොකරන්න. නුඹ මිසර දේශයෙන් පිටත්වුණ දා පටන් මේ ස්ථානයට පැමිණෙන තෙක් නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකරන්න, මක්නිසාද නුඹේ පියවරුන්ට දිවුළ තමන්ගේ ගිවිසුම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ටකරන පිණිස නුඹට සම්පත් ලබාගැනීමට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේය.


එහෙයින් පෙර කාලයේදීම මාංසයෙන් අන්‍යජාතිකයන්ව සිටියාවූ, අතින් මාංසයෙහි කරනලද චර්මඡේද්‍යය ඇත්තන් විසින් අචර්මජේදිතයෝයයි කියනලද්දාවූ නුඹලා,


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.


බලව, මොව්හු බාලාම්ගේ මන්ත්‍රණය කරණකොටගෙන පේයොර්ගේ කාරණයේදී ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධ කරන්ට සැලැස්සුවෝය, ඒ නිසා ස්වාමීන්වහන්සේගේ සභාව අතරෙහි වසංගතය විය.


මරනලද්දවුන් අතරේ එවීද රෙකෙම්ද ශූර්ද හූර්ද රෙබාද යන මිදියන් රජුන් පස්දෙනාද මැරුවෝය. ඔව්හු බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම්ද කඩුවෙන් මැරුවෝය.


බාලාක්ද: එන්න, වෙන තැනකට නුඹ ගෙනයන්නෙමි; එතැන සිට මා උදෙසා ඔවුන්ට ශාප කරනවාට දෙවියන්වහන්සේ සමහරවිට ප්‍රසන්නවනසේකැයි බාලාම්ට කියා,


තවද පසුව දා උදේ බාලාක් බාලාම් කැඳවාගෙන බාල්ගේ උස් තැන්වලට ගියේය, එහි සිට ඔහු කෙළවර දක්වාම සෙනඟ දිටීය.


උන්වහන්සේ තමන් ආශ්චර්ය ක්‍රියා සිහිවෙන්ට සැලැස්වූසේක. ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය.


දෙවියන්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨකම ඉතා උසස්ය; මහත් දේවල් කළාවූ දෙවියන්වහන්ස, ඔබට සමාන කවුද?


ඔබ අඳුනන්නන්ට ඔබගේ කරුණා ගුණයත් අවංක සිත් ඇත්තන්ට ඔබගේ ධර්මිෂ්ඨකමත් පැවැත්තුව මැනව.


එබැවින් නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් ස්වාමීන්වහන්සේ කළාවූ සියලු ධර්මිෂ්ඨ ක්‍රියා ගැන මා විසින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට මතක්කර දෙන පිණිස නිශ්චලව සිටින්න.


ඔව්හු යොර්දාන අසබඩ බෙත්-යෙෂිමොත් පටන් ආබෙල්-ෂිත්තිම් දක්වා මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.


නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ෂිට්ටීම්හි සිට මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔත්තුකාරයන් කොට රහසින් පිටත්කර: නුඹලා ගොස් දේශයද යෙරිකෝවද බලා එන්නැයි කීවේය. ඔව්හු ගොස් රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ගෙට ඇතුල්ව එහි නැවතී සිටියෝය.


යෝෂුවා අලුයම නැගිට සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ ෂිට්ටීම්හි සිට පිටත්ව යොර්දානට පැමිණ, එතරව යන්ට පළමුවෙන් එහි නැවතුණේය.


ඉතින් ශිප්පොර්ගේ පුත්‍රවූ මෝවබ්හි රජවූ බාලාක්ට වඩා නුඹ කොයි ආකාරයකින්වත් උතුම්ද? ඔහු ඉශ්‍රායෙල් සමඟ කවදාවත් විවාදකෙළේද? නොහොත් ඔවුන්ට විරුද්ධව කවදාවත් යුද්ධකෙළේද?


සියොන විනිශ්චය කරණකොටගෙනද ඈ තුළ [දෙවියන්වහන්සේ වෙතට] හැරෙන්නෝ ධර්මිෂ්ඨකම කරණකොටගෙනද මුදනු ලබන්නෝය.


ඒ තැනැත්තියෝ තමුන්ගේ දෙවිවරුන්ගේ යාගවලට සෙනඟ කැඳෙවුවෝය. සෙනඟ කා ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.


නුඹේ සියලු දවස්වල සදාකාලයටම ඔවුන්ගේ සමාදානයවත් ඔවුන්ගේ ශුභසිද්ධියවත් නොසොයන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්