Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 1:23 - Sinhala Revised Old Version

23 යෝසෙප්ගේ වංශය බෙතෙල් සෝදිසිකරන්ට මිනිසුන් යැවුවේය. පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල් ගැන ඔත්තු සොයන පිණිස චර පුරුෂයන් යැව්වෝ ය. කලින් ඒ නගරයේ නම ලූස් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල් ගැන ඔත්තු සොයන පිණිස චර පුරුෂයන් යැව්වෝ ය. කලින් ඒ නගරයේ නම ලූස් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 1:23
10 හුවමාරු යොමු  

ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.


යාකොබ් යෝසෙප්ට කථාකොට: සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ කානාන් දේශයේ ලුශ්හි දී මට පෙනී, මට ආශීර්වාදකර–


මෙසේ යාකොබ්ද ඔහු සමඟ සිටියාවූ සියල්ලෝද කානාන් දේශයෙහි වූ ලූස්ට පැමුණුණාහ. ඒ වනාහි බෙතෙල් නම් ස්ථානයයි.


දාන් පුත්‍රයෝ දේශය සෝදිසිකර බලා විභාගකරන පිණිස තමුන්ගේ මුළු ගණනෙන් තමුන්ගේ පෙළපතේ වික්‍රමාන්විත මනුෂ්‍යයන් පස් දෙනෙක් ශොරාද එෂ්තායොල්ද සිට යවමින්: නුඹලා ගොස් දේශය විභාගකරන්නැයි ඔවුන්ට කීවෝය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝය.


තවද යෝෂුවා යෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන් ළඟවූ හායිට යෙරිකෝවේ සිට මනුෂ්‍යයන් යවමින්: නුඹලා නැගී ගොස් දේශය සෝදිසිකරගන එන්නැයි ඔවුන්ට කීවේය. ඒ මනුෂ්‍යයෝ නැගී ගොස් හායි සෝදිසිකරගන,


නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ෂිට්ටීම්හි සිට මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔත්තුකාරයන් කොට රහසින් පිටත්කර: නුඹලා ගොස් දේශයද යෙරිකෝවද බලා එන්නැයි කීවේය. ඔව්හු ගොස් රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ගෙට ඇතුල්ව එහි නැවතී සිටියෝය.


එතනින් සීමාව බෙතෙල් නම්වූ ලූස්ට ගොස්, දකුණු පැත්තෙන් ලූස් පසුකර පහළ බෙත්-හෝරොන්ට දකුණෙන් තිබෙන කන්දෙන් අටාරොත්-අද්දාර්ට බැස්සේය.


යෝසෙප්ගේ වංශයද බෙතෙල්ට විරුද්ධව ගියේය. ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ වූසේක.


යෝසෙප්ගේ පුත්‍රයන්ට වැටුණු කොටසේ සීමාව නැගෙනහිර කාන්තාරය ළඟ තිබෙන යෙරිකෝවේ ජල ළඟ සිට යෙරිකෝව ඉදිරිපිට තිබෙන යොර්දානේ පටන් යෙරිකෝවෙන් කඳුරට මැදින් බෙතෙල්ට නැගීගොස්,


බෙතෙල් සිට ලූස්ට ගොස්, අර්කිවරුන්ගේ සීමාවේ අටාරෝත්ට පැමිණ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්