යෙසායා 64:6 - Sinhala Revised Old Version අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි. Sinhala New Revised Version අපි සියල්ලෝ ම අපවිත්‍ර ව සිටියෙමු; අපේ සියලු දැහැමි ක්‍රියා කිළුටු වස්ත්‍ර වැනි ය. අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු. අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි. Sinhala New Revised Version 2018 අපි සියල්ලෝ ම අපවිත්‍ර ව සිටියෙමු; අපේ සියලු දැහැමි ක්‍රියා කිළුටු වස්ත්‍ර වැනි ය. අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු. අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි. |
එසේනම් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කොහොමද? නොහොත් ස්ත්‍රියෙකුගෙන් උපන් තැනැත්තා පවිත්‍රවන්නේ කොහොමද?
ආහාර කන්නාක්මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ, ස්වාමීන්ට හඬ නොගසන්නාවූ, අයුතුකම් කරන සියල්ලන්ට කිසි දැනගැන්මක් නැද්ද?
නුමුත් ද්‍රෝහිකම් කරන්නන්ගේද පව්කාරයන්ගේද විනාශය එකවිටම සිදුවන්නේය, ස්වාමීන්වහන්සේ අත්හරින්නෝ විනාශවන්නෝය.
ඉශ්‍රායෙල් යන නාමය දරන්නාවූ, යූදා උල්පතෙන් නික්මුණාවූ, සැබෑකමෙන්වත් ධර්මිෂ්ඨකමෙන්වත් නොවන නුමුත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ සඳහන්කරන්නාවූ තැනැත්තන් වන යාකොබ්ගේ වංශය, මේක අසන්න.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.
මා ආවිට කිසිවෙක් නොසිටියෙත් මා අඬගැසූ විට උත්තරදෙන්ට කිසිවෙක් නොසිටියෙත් මක්නිසාද? මුදන්ට බැරි හැටියට මගේ අත ඇත්තටම කොටවී තිබේද? නොහොත් ගළවන්ට මා වෙත බලය නැද්ද? බලව, මාගේ තරවටුකිරීමෙන් මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි; වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳගසනවා ඇත, පිපාසායෙන් මැරෙනවා ඇත.
අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.
එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.
මම වනාහි යාකොබ්ගේ වංශයෙන් තමන්ගේ මුහුණ සඟවාගන්න ස්වාමීන්වහන්සේ ගැන බලාසිට, උන්වහන්සේ ගැන බලාපොරොත්තුවන්නෙමි.
මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස මේ මුළු විපත්තිය අප පිටට පැමුණුණේය. එහෙත් අපේ අයුතුකම්වලින් හැරී ඔබගේ සැබෑකම තේරුම්ගන්නා පිණිස අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අපි කන්නලව් නොකෙළෙමුව.
ඔවුන් සියල්ලෝම උදුනක් මෙන් රත්වී, තමුන්ගේ විනිශ්චයකාරයන් නාස්තිකරති; ඔවුන්ගේ සියලු රජවරු වැටුණෝය. මට අඬගසන කෙනෙක් ඔවුන් අතරෙහි නැත.
කුෂ්ඨය හමෙහි පැතිර ගොස් රෝගාතුරයාගේ මුළු හම ඔහුගේ හිස පටන් ඔහුගේ පාද දක්වාම පූජකයාට පෙනෙන සෑම තැනම කුෂ්ඨයෙන් වැසී තිබේනම්, පූජකයා බලාවා,
මක්නිසාද මා තුළ එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය, නුමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය.
ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ටකම නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත්,
මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.
එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: සුදු සළු පැළඳ සිටින මොව්හු කවුරුද? කොතැනින් ආවෝදැයි මාගෙන් ඇසුවේය.