Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 50:1 - Sinhala Revised Old Version

1 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 50:1
27 හුවමාරු යොමු  

ඔවුන්ගේ පර්වතයාණෝ ඔවුන් නොවික්ක සේක් නම්, ස්වාමීන්වහන්සේ ඔවුන් පාවානුදුන්සේක් නම්, එක්කෙනෙකු විසින් දහසක් පන්නාදමන්නෙත්, දෙදෙනෙකුන් විසින් දසදහසක් එළවන්නෙත් කෙසේද?


එහෙත් ඒ සියලු කාරණා නිසා එනම් අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කාමමිථ්‍යාචාරය කළ නිසා මම ඈ අත්හැරදමා ඇගේ අත්හැරීම් පත්‍රය ඈට දුන් නුමුත්, ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදාත් භය නොවී ගොස් වේශ්‍යාකම් කරන බව දුටිමි.


ණය ගෙවන්ට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ඔහුගේ ස්වාමියා ඔහුද ඔහුගේ භාර්යාවද දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්ට ආඥාකෙළේය.


ඉතින් අපේ මාංසය අපේ සහෝදරයන්ගේ මාංසය වාගේය, අපේ දරුවොත් ඔවුන්ගේ දරුවන් වාගේය. එහෙත් අපේ පුත්‍රයන්ද දූවරුන්ද දාසකමට යටත්කරදෙමුව, අපේ දූවරුන්ගෙන් සමහරෙක් දැනටම දාසකමට පත්ව සිටිති. එය වෙනස්කරන්ට අපට පුළුවන්කමකුත් නැත; අපේ බිම්ද මිදිවතුද අනුන්ට වී තිබේයයි කීවෝය.


ප්‍රොපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියෙක් එලිෂාට මොරගසා: ඔබගේ මෙහෙකරුවූ මාගේ පුරුෂයා මළේය. ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි බව ඔබ දන්නෙහිය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්ට ඇවිත් සිටීයයි කීවාය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිකමට විකුණන ලද්දහුය; මිල නැතුව නුඹලා මුදනු ලබන්නහුය.


නුඹේ මාර්ගයත් නුඹේ ක්‍රියාවලුත් නිසා මේවා නුඹට පැමිණියේය; මෙය නුඹේ දුෂ්ටකමය; මක්නිසාද ඒක තික්තය, නුඹේ සිතටම වදින්නේය.


මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාව අත්හැරිය කල, ඈ ඔහු වෙතින් ගොස් වෙන මනුෂ්‍යයෙකුට වුණොත්, ඔහු නැවත ඈ වෙතට හැරෙනවා ඇද්ද? ඒ දේශය ඉතා පිළිකුල් නොවන්නේදැයි ඔව්හු කියති. නුඹ වනාහි ආලය ඇත්තන් බොහෝදෙනෙකු සමඟ වේශ්‍යාකම්කෙළෙහිය; එහෙත් මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔබ ස්වකීය සෙනඟ නොමිලයේ විකුණනසේක, ඔවුන්ගේ අගයෙන්ද ඔබ වස්තු වැඩිකර නොගත්සේක.


ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගිනි මැදින් යවා පූජාකළෝය, පේනකීමද ශාස්ත්‍රබැලීමද භාවිතාකළෝය, ස්වාමීන්වහන්සේ උදහස්කරවන ලෙස උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කිරීමටද භාරවුණේය.


මක්නිසාද මමත් මාගේ ජාතියත් නාස්තියටද මරාදැමීමටද විනාශයටද විකුණනු ලැබීමුව. දාස දාසීන් කොට අප වික්කා පමණක් නම් නිශ්ශබ්දව සිටින්නෙමි, නුමුත් එදිරිකාරයාට රජුගේ අලාභය පිරිමසාදෙන්ට නුපුළුවනැයි කීවාය.


(සැබවින්ම තමාගේ භාර්යාවවූ යෙසෙබෙල් විසින් පොළඹවනු ලැබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කරන්ට තමාම භාරවුණාවූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේය.


මනුෂ්‍යයෙක් තමාගේ දුව දාසියෙකුකොට වික්කොත් වැඩකාරයන් නිදහස්ව යන්නාක්මෙන් ඈ නොයන්නීය.


නුඹ වෙත නුඹේ සහෝදරයා දිළිඳු බවට පැමිණ නුඹට තමාම වික්කොත් ඔහුගෙන් දාසයෙකුගේ වැඩ නොගත යුතුය.


නුමුත් ද්‍රෝහිකම් කරන්නන්ගේද පව්කාරයන්ගේද විනාශය එකවිටම සිදුවන්නේය, ස්වාමීන්වහන්සේ අත්හරින්නෝ විනාශවන්නෝය.


ඈ අහකට ඇරීමෙන් ඔබ මදක් ඈට දඬුවම්කරනසේක; පෙරදිගින් හුළඟ ගසන දවසේදී උන්වහන්සේ තමන්ගේ තද හුළඟින් ඈ පහකළසේක.


නුඹේ මුල් පියා පව් කෙළේය, නුඹේ තානාපතියෝද මට විරුද්ධව වරදකළෝය.


මේක සිහිකොට මනුෂ්‍යයන් මෙන් හැසිරෙන්න. ද්‍රෝහිකාරයෙනි, ඒක සිතට ගන්න.


මක්නිසාද අත්හරිනලද්දාවූ, ආත්මයෙහි ශෝක ඇත්තාවූ භාර්යාවක් මෙන්ද පහරකන ලද යෞවන කාලයේ භාර්යාවක් මෙන්ද ස්වාමීන්වහන්සේ නුඹ කැඳවාගත්සේකැයි නුඹේ දෙවියන්වහන්සේ කියනසේක.


මම ලුහුඬු මොහොතකට නුඹ අත්හැරියෙමි; නුමුත් මහත් අනුකම්පාවලින් නුඹ නැවත කැඳවාගන්නෙමි.


නොනැවතී හයියෙන් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නගා, මාගේ සෙනඟට ඔවුන්ගේ වරදවල්ද යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න.


අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.


එබැවින් නුඹ දවාලේ වැටෙනවා ඇත, අනාගතවක්තෘද නුඹ සමඟ රාත්‍රියේදී වැටෙනවා ඇත; නුඹේ මෑණියන්ද නාස්තිකරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්