යෙසායා 1:28 - Sinhala Revised Old Version28 නුමුත් ද්‍රෝහිකම් කරන්නන්ගේද පව්කාරයන්ගේද විනාශය එකවිටම සිදුවන්නේය, ස්වාමීන්වහන්සේ අත්හරින්නෝ විනාශවන්නෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 එහෙත්, ද්‍රෝහිකම් කරන්නෝ ද පව්කාරයෝ ද එකට විනාශ කරනු ලබන්නෝ ය; සමිඳුන් අත්හරින්නෝ ද විනාශ වෙති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 එහෙත්, ද්‍රෝහිකම් කරන්නෝ ද පව්කාරයෝ ද එකට විනාශ කරනු ලබන්නෝ ය; සමිඳුන් අත්හරින්නෝ ද විනාශ වෙති. පරිච්ඡේදය බලන්න |
සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.
මිසර දේශයෙහි පොරොත්තුව සිටීමට එහි පැමිණෙන්ට තමුන්ගේ මුහුණ හරවාගත්තාවූ ඉතිරිව සිටින යූදාවරුන් අල්ලාගන්නෙමි, ඔවුන් සියල්ලෝ නාස්තිවන්නෝය; ඔවුන් සියල්ලෝම මිසර දේශයේදී නැතිවීයන්නෝය; ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද නාස්තිවන්නෝය; කුඩා අය පටන් ලොකු අය දක්වා ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද මැරෙන්නෝය. ඔව්හු ඇවීමක් හා විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නෝය.